නොරොච්චෝල විදුලි බලාගාරය ගලවා බංගලිදේශයට ගෙන යන්න සාකච්චා.. චීනය කැමතියි..

October 18, 2016 at 4:06 am | lanka C news
නොරොච්චෝල විදුලි බලාගාරය ගලවා බංගලිදේශයට ගෙන යන්න සාකච්චා.. චීනය කැමතියි..

ශ්‍රීලංකාවේ ඉදිවූ ප්‍රථම ගල් අගුරු විදුලි බලාගාරය වන නොරොච්චොලේ විදුලි බලාගාරය රජයට අවශ්‍ය නොමැති නම් අවුරුද්දක් තුල එය ගලවා ඉවත්කොට බoගලිදේශයට ගෙන යෑමට කැමැත්ත දක්වා ඇති බැව් මේ වන විටත් ඒ සම්බන්ධයෙන් ශ්‍රීලංකා රජය සමඟ සාකච්ඡා කරන බැව් ඉතා විශ්වාස කටයුතු ආරoචි මාර්ගයකින් වාර්තා වේ.

චීනය රජයේ එක්සීම් බැoකුව හරහා ලබාදි ඇති සහන ණයක් මත චීන මැෂිනරි ඉන්ජිනියරින් කෝපරේෂන් China Machinery Engineering Corporation (CMEC),සමාගම ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සිදු කොට තාක්ෂණය ලබා දුන් අතර මේ වනවිට එම සමාගම හා ලංකා විදුලිබල මණ්ඩලයේ සුසoයෝගයෙන් මෙම ගල් අගුරු විදුලි බලාගාරය පවත්වාගෙන යනු ලැබේ.

ඉතා වේගයෙන් සoවර්ධනය වන දකුණු ආසියානු රටක් වන බoගලිදේශයේ මේ වන විට චීනය විශාල වශයෙන් ආයෝජනනය කරයි මේ අතර එරටේ ඇති විදුලිය ඉල්ලීම දිනපතා ඉහළ යමින් පවතන තත්වය තුල නොරොච්චෝලේ ආයෝජනය ශ්‍රීලංකාවට පාඩුවක් නොවන ආකාරයෙන් ගලවා ඉවත් කොට බoගලිදේශයේ ඉදිකිරිමට හැකියාව ඇති බවත් මේ සඳහා ලබාගත් ණය දීර්ඝකාලීන ණය බැවින් එම ආයෝජනය බoගලිදේශය බලාපොරොත්තුව සිටින බවත් එම ආරoචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මේ වන විටත් ලංකාවේ ඉදිකිරීමට නියමිතව තිබූ දෙවෙනි ගල් අගුරු විදුලි බලාගාරය ත්‍රිකුණාමල සාම්පුර්හිදි ආරම්භ කිරීමට අවශ්‍ය ඉඩම් වෙන් කොට මූලික කටයුතු පසුගිය රජය විසින් ආරම්භ කොට තිබුණ අතර දෙමළ සoධානයේ විරෝධතා හේතුවෙන් එම කටයුතු නවතා දමා විකල්ප ක්‍රමවේදයක් සම්බන්ධයෙන් රජය අධ්‍යයනය කරමින් සිටී.

එමෙන්ම මේ වන විට ගල් අගුරු විදුලි බලාගාරයයෙන් නිපදවන විදුලි ඒකකයක් මිල රුපියල් 8 ක් වන අතර තාප විදුලි බලාගාර හරහා නිපදවන ඒකකයක මිල රුපියල් 30 අධිකය, මේ නිසා සම්පූර්ණ මෙගාවොට 900 ධාරිතාව මගින් දිනකට රජයට ඇමරිකන් ඩොලර් 1 දශම 5 ක අතිරේක ලාබයක් තාප විදුලි බලාගාර හරහා නිපදවක් විදුලියට වඩා ඉතිරිවන බව ආර්ථික විශේෂඥයන්ගේ මතයයි.

391 views
Main News