නොරොච්චෝලට කරන දේ ජනපති අගරදගුරුට කියයි..

January 17, 2020 at 5:30 pm | lanka C news
නොරොච්චෝලට කරන දේ ජනපති අගරදගුරුට කියයි..

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ආශ්‍රිතව මතුව ඇති පාරිසරික සහ ජනතා ගැටලුවලට ස්ථීර විසදුම් දීමට ජනාධිපතිතුමා මැදිහත් වෙයි.

තාක්ෂණික ක්‍රමවේද සහ පරිසර නියමයන්ට අනුව තාප බලාගාරයේ ක්‍රියාකාරිත්ව සිදුවිය යුතු බව එතුමා අවධාරණය කරයි.

අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ සහ හලාවත රදගුරු ඇතුළු ප්‍රදේශයේ පූජකතුමන්ලා, ප්‍රදේශවාසීන් සහ පරිසරවේදීන් සමග අද (17) ජනාධිපති කාර්යාලයේ  පැවති හමුවක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව අවධාරණය කළේය.

ව්‍යාපෘතිය ඇරඹිමේ දී එකග වු පරිසර නියමයන් පසුගිය වකවානුවේදී නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමෙන් පරිසරයට සහ ජනතාවට සිදුව ඇති හානිය ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කෙරිණ. ව්‍යාපෘතිය භාර සමාගම් සහ බලධාරින් කැඳවා අදාළ උපදෙස් කඩිනමින් දෙන බව ජනාධිපතිතුමා පැවසීය.

නොරොච්චෝලේ දැනට ක්‍රියාත්මක අදියර තුනෙන් මෙගා වොට් 900ක විදුලියක් ජනනය කෙරේ. එහි සිව්වන අදියර පිළිබදව මෙතෙක් තීරණයක් ගෙන නැත. රටේ වේගවත් සංවර්ධනයකට බලශක්තිය තීරණාත්මක සාධකයකි. එබැවින් විකල්ප බලශක්ති කෙරෙහි කඩිනමින් යොමු වීමේ වැදගත්කම ජනාධිපතිතුමා පැහැදිළි කළේය. විකල්ප බලශක්ති අවම වියදමකින් උත්පාදනය කළ යුතුය. ඒවා පරිසර සහ ජනතා හිතකාමී විය යුතුය. නොරොච්චෝලේ බලාගාරයේ කටයුතු විමර්ශණයට විදුලිබල අමාත්‍යවරයා, අදාළ ඉංජිනේරුවන් ඇතුළු කණ්ඩායමක් යොමු කරන බව  ජනාධිපතිතුමා පැවසීය.

තමා ද  බලාගාරය නිරික්ෂණයට පැමිණෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.  ආගමික නායකයන්ගේ සහ ප්‍රදේශයේ ජනතාව සමග සාකච්ඡා කර ගැටලු නිරාකරණයට පියවර ගන්නා බව ද රාජපක්ෂ මැතිතුමා කියා සිටියේය.

වසර 2030 වන විට රටේ සමස්ත බලශක්ති අවශ්‍යතාවයෙන් 80% පුනර්ජනනීය මූලාශ්‍රවලින් උත්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ. පසුවිපරම අධ්‍යයන අඛණ්ඩව කරන ලෙස උපදෙස් දී ඇත.

සංවර්ධන ක්‍රියාදාමයේ දි දූෂණය සහ අක්‍රමිකතා පිටුදකිමින් විශාල අරගලයක නිරතවීමට ජනාධිපතිතුමාට සිදුව ඇතැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පෙන්වා දුන්හ. විදෙස් ආයෝජන මත කළ ව්‍යාපෘතිවලදී  පසුගිය සමයේ  සිදුවු අක්‍රමිකතා පිළිබඳව  උන්වහන්සේ කණගාටුව පළ කළහ.

– මොහාන් කරුණාරත්න

51,732 Viewers

11 Comments to “නොරොච්චෝලට කරන දේ ජනපති අගරදගුරුට කියයි..”

  1. No Brainer says:

    සෑම ගෙදරකටම වහලයට සූර්යකෝෂ, ණය පදනමක් මත ලබා දෙන්න එම ණය සූර්ය කෝෂ වලින් නිපදවෙන ජාතික විදුලි පද්ධතියට එක්වන විදුලි බල ප්‍රමානයෙන් කැපෙන්නට සලස්වන්න. ලංකාව අවුරුද්ද පුරා සූර්ය කිරණ නොඅඩුව ලැබෙන රටකි. මහාපරිමාණ පරිසරයට අනිසි බලපෑම් කෙරෙන විශාල ව්‍යාපෘති බොහෝවිට බලාපොරොත්තු ප්‍රතිථල නොලබාම අවසන් වී යනබව බොහෝ දෙනෙකුට නොවැටහේ

  2. Aurora says:

    Why don’t the government remove taxes on solar panels. If government reduce taxes large number of people will invest to solar power.

  3. David Milli-banda says:

    OK. The President is ready to tackle the bull by its horns.

  4. UD says:

    අගරදගුරු නායක ‌‌වෙන්නේ කතෝලිකයන්ට මිසක් සමස්ථ ජාතියටම ‌නෙවෙයි..
    බෞද්ධයින් ‌මේ කාරණය අමතක ‌නොකළ යුතුය.
    එතුමන්ගේ යහපත් ක්‍රියාවන් අගය කළ යුතුය. නමුත් සමස්ථ ජාතියටම ඔහු ‌නායකයා ‌නොවේ.

    මොන යහපත් ගතිගුණ තිබුණත් ඔහුත් පිළිගන්නේ ‌මේ ‌ලෝකය ‌දෙවියෙක් විසින් මැව්වා කියන මතයයි. හේතු ඵල දහම නම් උතුම් දහම කියා ‌දෙන ‌බුදුරජාණන් වහන්සේ සරණ ගිය අපේ සිංහලයාට ‌‌දෙවි‌ෙයෙක් විසින් ‌ලෝකේ මැව්වා කියන මිත්‍යාව ඇතුල් කලේ සුද්දෝ…
    දැන් ඒ සිංහලයින් මිත්‍යාව වැළඳ‌ගෙන බුදු දහමට එරෙහිව කටයුතු කරනවා….
    මොහු ඒ සම්බන්ධයෙන් දරන අදහස ‌මොකක්ද?
    ඒ් නිසා මතක තියාගන්න බෞද්ධ අපට නායකයෙක් ඉන්නවා. ඒ් බුදුරජාණන් වහන්සේයි… ‌
    වෙනත් අය අවශ්‍ය නැත.

  5. sithmal says:

    අගරදගුරු ඔතනට වැඩම කරලම බැලුවනම් හොදයි ඔතන තත්වය. ඔය කියන පරිසර හානියක් ඕකෙන් නෑ.. ඊට වඩා හානියක් නොරොච්චෝලෙ හන්දියේ ත්‍රීවීල් පාක් එකේ ත්‍රීවීල් වලින් වෙනව. ඕකෙ දුමක් එළියට යනව පේන්නෙ නෑ.. අනුක ඉතුරු වෙන අලුත් වතුර එක්ක මික්ස්කරල සිමෙන්ති වලට ගන්නව. බොරුනම් හොයල බලන්න.

  6. N.Wimaladasa says:

    The power and energy is ongoing crisis in that Globally . It is Third Industrial revolution by respectively Cold, Fossil fuel and then come to that Sustainability energy of which Solar, Wind Mill and Bio gas. County like we us needed cost and technology for replacing solar Energy.Ours economy potential are time being having funding are very poor. Yes Repalce Cole is esstnatinl

  7. N.Wimaladasa says:

    The power and energy is ongoing crisis in that Globally . It is Third Industrial revolution by respectively Cold, Fossil fuel and then come to that Sustainability energy of which Solar, Wind Mill and Bio gas.
    The County like us that we needed huge Investment and technology are limited. By for that replacing solar Energy….other seek massive funding NOT that an easy Task .
    Ours economy potential are limited time being having local funding are very poor.
    Yes no doubt that Replace Cole-energy is essential that factors ,but it take time and seeking for funding from sources are no ample in Capital Market .
    We have looking for Solar and Wind-power need Road map of planning by GR & MR administration

  8. Ananda says:

    2010 දී මෙගාවොට් 300 ක ප්‍රථම අදියර ක්‍රියාත්මක කර 2012 දී පමණ සිට පූර්ණ ධාරිතාවයෙන් (මෙ.වො.900) ක්‍රියාත්මක වූ මෙම බලාගාරයෙන් 2015 දක්වා වැඩි පරිසර හානියක් සිදුවූයේ නැහැ. එයට හේතුව ආනයනය කල ගල්අඟුරු කැට නිර්දේශිත ප්‍රමාණයෙන් යුතුව ආනයනය කිරීමයි. එහෙත් 2015 යහපාලන රජය බලයට පත්වීමත් සමග කොමිස් ගැසීමේ අරමුණෙන් ගල්අඟුරු කැටවල නිර්දේශිත ප්‍රමාණය නොසලකා ඉතා කුඩා කැට වශයෙන් ආනයනය කිරීම හේතුවෙනුයි පරිසර හානිය ඇරඹුනේ. අධික සුළං සහිත මෙම පෙදෙසේ ඉතා කුඩා කැට වශයෙන් ආනයනය කල ගල්අඟුරු දිගු කලක් එලිමහනේ ගබඩාකර තැබිම නිසා සු‍ළඟට විසිරීම මගිනුයි වැඩිම පරිසර හානිය සිදුවන්නේ. එසේ නැතිව ගල්අඟුරු දහනය හේතුවෙන් නොවේ.

Main News