නොරොච්චෝලට ගෙනා ගල් අගුරු නැවු දෙකක් මුහුදේ.. සල්ලි නොදුන්නොත් අද යන බව දැනුම් දේ..

April 18, 2022 at 12:02 am | lanka C news
නොරොච්චෝලට ගෙනා ගල් අගුරු නැවු දෙකක් මුහුදේ.. සල්ලි නොදුන්නොත් අද යන බව දැනුම් දේ..

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගෙන්වන ලද මෙට්‍රික් ටොන් 120,000ක ගල් අඟුරු නැව් දෙකක් ගොඩබෑම සදහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 34ක් ගෙවීම සදහා මේ වන විට දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය (CEBEU) පවසයි.

මෙම නැවු අප්‍රේල් 12 සිට නොරොච්චෝලේ වෙරළට ඔබ්බෙන් නැංගුරම් ලා ඇති බවත් 18 දිනය වන විට අදාළ මුදල් ගෙවීම සිදු නොකළහොත් ගල් අඟුරු ගොඩ නොබා යාත්‍රා කරන බවද නැව් සමාගම් දන්වා ඇත.

මේ අනුව, දින හයක් සඳහා ප‍්‍රමාද ගාස්තු ගෙවීමටද ලංවිමට සිදුවනු ඇති බවත් සංගමය කියයි.

දැනට පවතින ගල් අඟුරු තොග සැප්තැම්බර මාසය සදහා පමණක් විදුලි උත්පාදනයට ප්‍රමාණවත් වන බව එම සංගමය පවසයි.

“කොන්ත්‍රාත්තුවේ නියමයන්ට අනුව, නැව්ගත කිරීමේ ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසු ගෙවීමෙන් මුළු මුදලින් 80% ක් මුදා හැරිය යුතුය. මෙම ගෙවීම මෙතෙක් සිදු කර නොමැත. මෝසම් සුළං ආරම්භ වීම හේතුවෙන් ලක්විජය බලාගාරයේ සියලුම ගොඩබෑමේ කටයුතු අප්‍රේල් හතරවන සතිය වන විට අවසන් කළ යුතුය.මීළඟ ගොඩබෑමේ වාරය දක්වා වෙනත් භාණ්ඩ ගොඩබෑම කළ නොහැක” යයිද බව සංගමය පවසයි.

පවතින තත්වයන් මත ඉදිරි ගල් අඟුරු ගොඩබෑමේ කාලය ආරම්භ වන තෙක් දැනට ඇති ගල් අඟුරු ප්‍රයෝජනයට ගැනීම සඳහා ලක්විජය බලාගාරයේ මෙගාවොට් 300 ක ඒකකයක් අවම වශයෙන් දින 25 කට වසා දැමීමට ලංවිමට සිදුවනු ඇත.

මෙය ජනන ධාරිතාවට දැඩි ලෙස බලපානු ඇති අතර එම නිසා දැනට පවතින විදුලිය විසන්ධි කිරීමේ කාලසීමාව දීර්ඝ කිරීම නොවැළැක්විය හැකි බව එම සංගමය වැඩිදුරටත් පැවසීය.

23,307 views

4 Comments to “නොරොච්චෝලට ගෙනා ගල් අගුරු නැවු දෙකක් මුහුදේ.. සල්ලි නොදුන්නොත් අද යන බව දැනුම් දේ..”

  1. සාටක බල්ලො says:

    යකෝ ඔය තත්වයඅපිට ඇතිකළේ ඇති කළේ හිටපු වූයේ යහපාලනය කැරියො යි…මේ දැන් ඉන්න ආන්ඩුවේ කැරියො යි……බලපං හොඳට තිබිච්ච රටකට වෙච්ච දෙයක් හොරා කාල හොරා කාලා අන්තිමට සේරම නැති වෙලා….අනික චම්පි කලා වගේ පරයෝ ත් මේකට වගකියන්න ඕන…මොකද ගල් අඟුරු බලාගාර දැන් ලෝකෙ කොහෙවත් නෑ බොලව්…උන්ට ජරාව කන්න ඕනම හින්දා පටන් ගත්තේ……ඔයා පර බල්ලො සේරම එකයි දැන් රාජිත ඇවිල්ලා බොරුවට පට්ට ජනතාවට ආදරේ වගේ කතා කරන්නේ නැව්හොරා

  2. BOC-සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර පිම්පියා says:

    ලොකුමල්ලි, ඩොමිනික් මල්ලි , රවින්ද්‍ර මල්ලි, උදිත මල්ලි, කඩේ උප්පුල් මල්ලි, පෝල් මචෝ, පිනට බොන්ඩ නැද්ද

    පිනට බොන්ඩ. කන්ඩ, සල්ලි දෙනවනම් මට දෙන්න..- අපේ ගෙදර අරය උනත් දෙන්නම් විනෝදෙට
    මට සල්ලි දෙනවනම් ඕනෑම බලු වැඩක් කරනවා, නිට්ටබුවේ BOC එකේ canten එක කරපු මාස්ටර් නැතිකරේ මම මේවට මට හෙන ගහනවා

    මදාවි කාරයෝ, වල් වනචර ගැනු ගහලා පන්නල දාන්ඩ ඕනෑ, නේද අනේ

  3. chandana says:

    මහ බැන්කු වන්චාවත් අද රටේ ජනතාව විදින දුකට විශාල දායකත්වයක් දරන වන්චාවක්. ගෝටා ගෝ ගම අරගලයට මහබැන්කු වන්චාවෙන් රටට අහිමි වු මුදල් අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් හෝ එසේ නොහැකිනම් ඔහුව පත්කල රනිල් සජිත් ඇතුලු කැබිනට් මන්ඩලයෙන් අයකර ගත යුතුයි කියන සටන්පාටයත් එක්විය යුතුයි. නැතහොත් එම උද්ඝෝශනය නිර්පාක්ශික නොව සිරස මාධ්‍යා අනුග්‍රහයෙන් තවත් හොරුන් කන්ඩායමක් බලයට ගෙන ඒමට නිර්පාක්ශික ජනතා විරෝධය ගසාකැමක් බව ජනතාවට දැනෙන්න පුලුවන්

  4. අපේ රට says:

    වහා මෙ නැවි දෙක ගොඩබා ගැනිමට මුදල් ගෙවා කටයුතු කරන්න. නැත්නම් විසාල විදුලි අර්බුදයක් අතලග.ස්තායි
    විදුලිය නිපදවිමෙ ක්‍රමයට අනුව ලාබම පිලිවලින්
    ජලය ,ගල් අගුරැ,එල් එම් ජි,
    මෙ ගැන බුද්ධිමත්ව සිතමු

Main News