නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර මගඩියේ ඩොලර් බෙදාගන්නා හැටි සජිත් කියයි…

August 29, 2022 at 4:40 pm | lanka C news
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර මගඩියේ ඩොලර් බෙදාගන්නා හැටි සජිත් කියයි…

විදුලි බිල වැඩි කොට ජනතාව කබලෙන් ලිපට දමන අතර සර්වපාක්ෂික ආණ්ඩු බිහි කරන්නට ආරාධනා කරන්නේ, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර මගඩිය හරහා හිමිවන ඩොලර් බෙදාගැනීමට දැයි විපක්ෂ නායක සජිත් පේමදාස මහතා ප්‍රශ්න කරයි.

ජනතාව මෙතරම් පීඩාවට පත්ව සිටියදීත්,මෙවැනි මගඩි වලින් තව දුරටත් මෙරට ප්‍රපාතයට ඇද වැට්ටවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පැවසූ ඔහු,උන්ගේ නෑදෑයන්ගේ පක්ෂයට හෝ උන්ගේ නෑදෑයන්ගේ මාධ්‍ය වලට මේවා නොපෙනෙන බව ද පැවසීය.

විදුලි බිල අධික ලෙස ඉහළ දැමීමට එරෙහිව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් අද(29) පාර්ලිමේන්තුව ඉදිරිපිට දී නිහඬ විරෝධතාවයක් දැක්විය.

එම අවස්ථාවට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පවසා සිටියේය.

 

16,574 views

8 Comments to “නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර මගඩියේ ඩොලර් බෙදාගන්නා හැටි සජිත් කියයි…”

  1. Banda says:

    එව්ව අහන්න බෝතල් ශූරී රණවක මහතාගෙන්

  2. G2G says:

    අප කල්‍යාණ මිත්‍ර රුසියාව මේ සියලු තත්ත්වයන් මනාව සලකා බලා ලංකාවේ ජනතාව බේරා ගැනුමේ යහපත් අරමුනින් විසදුමක් ඉදිරිපත් කලා. ඒ තමා දෙරට අතර රාජ්‍යතාන්ත්‍රිකව එළඹෙන G2G ගිවිසුමකට අනුව ලංකාවට අඛන්ඩව සහන පදනමක් මත බොර තෙල් සැපයීම..සහ එමගින් අද දරුණු උද්ධමනයකට දායක වී ඇති බලශක්තිය පිළිබඳ අර්බූදයට ස්ථිරසාර විසදුමක් ලබා දීම.(එම ගිවිසුම්ගතවීම අධික විදේශ විනිමයක් ඉතිරි කරගැනීමටත් අතරමැදියන් තෙල් සැපයුම් වලින් ඉවත්කර තැබීමටත් උදව් වන හොඳ උපක්‍රමයකි). පාලකයන් රුසියාව පිලිගන්වන නෙළුම් මල නොගෙන IMF පස්ස පැත්තම ඉඹින්න දඟලනවා🤣🤣.
    ලස්සනම අනෙක් කාරණය නම් ජනතාව, දරුවන්, ලෙඩුන්, මහල්ලන් ගැන කඳුලු සලමින් වැලලෙන්නට හදන ජවිපෙ-පෙරටු- අරගල-NGO-ඊනියා විමුක්තිකාමී විප්ලවවාදී නඩයද -සිස්ටම් චේන්ජ් ඇඩ්වෙන්චර් කාරයන්ද මේ අවස්ථාවේ සරලම සහ ප්‍රයෝගිකම විසදුමක් වන “රුසියාවෙන් තෙල් ගැනීම” මාතෘකාව පැහැදිලිවම මගහැර හා ප්‍රතික්ෂේප කර ජනතාව තවත් වලපල්ලට වැටී තමන්ගේ ඔඩොක්කුවට වැටෙනකම් කුරුමානම් ඇල්ලීමයි.

    • උඹ නොදන්න world politics says:

      සම්බාධක දාපු රුසියාවේන් , බටහිරට භාණ්ඩ අපනයනයෙන් යැපෙන ,බන්කොලොත් ලංකාවට තෙල් ගන්න කියලා ලනු දෙන උඹ පාදෙනියද, රතන ද??????🙈

  3. පිස්සු තද වෙලා says:

    ලංකාවේ ඉන්න නොම්මර එකේ පිස්සා මූ තමයි

  4. කිරිහාමි says:

    මූ ජනාධිපති උන දවසට නම් ලංකාවට හරිම තමයි 🤣🤣

  5. Nirvanaya says:

    Nirvanaya Labanna nikan denna gihama Thamanuth Duppath wela Walata Vetenava.
    Ehema Unama okkotoma ekata Nivan dakinna Puluwan.
    Budu Hamuduruwo kiyala thiyenne
    Thamange Danayen 10% denna athapaya Pana nethi.
    Vayasata Giya Nirvanayata perum purana Mahana Dam purana kenekuta.
    Meka Patalagena thiyenne.
    Anduwatath me darmathavaya podui

  6. JR says:

    උස අයට වැඩියෙනුයි, කොට අයට අඩුවෙනුයි දීපං යකො… ඉවරයි..

  7. Banda says:

    Who lost the tender this time ??

Main News