නොරොච්චෝලේ මහා පිපිරීමක්.. වරද රාජපක්‍ෂගේ..

October 16, 2016 at 6:48 pm | lanka C news
නොරොච්චෝලේ මහා පිපිරීමක්.. වරද රාජපක්‍ෂගේ..

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ බරපතළ පිපිරීමක් වී ඇතැයි විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා සදහන් කරයි.

නියෝජ්‍ය ඇමතිවරයා අනතුරු අගවන්නේ මෙනිසා ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 900ක හිඟයක් ඇති විය හැකි බවයි.

අද දිනයේද දිවයින පුරා බොහෝ ස්ථානවල හදිසි විදුලිය බිද වැටීම් වාර්තා වූ අතර ඉදිරියට විදුලිය සිදලීමක් කරන්නේද නැද්ද යන්න හෙට දිනයේ ප‍්‍රකාශයට පත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි.

මේ අතර අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජවිපෙ මන්ත‍්‍රි විජිත හේරත් කියා සිටියේ නොරොච්චෝලේ බලාගාරය අවස්ථා ගණනාවකදී ඇනහිටීමට හේතු වී ඇත්තේ එහි ඉදිකිරීම් නියමිත ප්‍රමිතියට සිදු නොවීම බවයි.

131 views
Main News