නොරොච්චෝල, ඇඹිලිපිටිය, මාතර තාප බලාගාර වසා දමයි.. ඉංජිනේරු සංගමෙන් දැඩි තීරණයක්..

June 6, 2018 at 12:00 pm | lanka C news
නොරොච්චෝල, ඇඹිලිපිටිය, මාතර තාප බලාගාර වසා දමයි.. ඉංජිනේරු සංගමෙන් දැඩි තීරණයක්..

ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයේ ඊයේ පැවති විධායක කමිටුවේදී පරිසර බලපත්‍රය ලබා දී නොමැති නොරොච්චෝලේ ලක්විජය බලාගාරය වසා දැමීමට තීරණය කර තිබේ. එසේම, මහජන උපයෝගිතා කොමිසම විසින් තවමත් බලපත්‍ර අළුත් කර නොමැති පුද්ගලික බලාගාර වන ACE ඇබිලිපිටිය හා මාතර බලාගාර දෙකද ලබන අගරුවාදා සිට වසා දමන බව ආරංචි මාර්ග පවසයි. වෘත්තීය සමිති ක්‍රියාකාරකම් ත්‍රීවෘ කිරීමට ඉංජිනේරු සංගමය විසින් ජුනී 1 වැනිදා ගත් විශේෂ රැස්වීමේදී සියලුම ඉංජිනේරුවරුන් පුර්ණ එකගතාවය පළ කර තිබේ.

ඔවුන් වැඩි දුරටත් පවසන්නේ, මැයි 08 වැනිදා අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කලත්  පසුගිය සති කිහිපයේදී  සිදු වූ ජාතික ආපදා තත්වය හේතු කොට ගෙන ප්‍රදේශ ගණනාවකට ඇති වූ විදුලිබල පද්ධති හානි ඉතා කඩිනමින් යථා තත්වයට ගත් බවයි.  නමුත්, මේ වන තෙක් ලංවිම විසින් සකස් කළ විදුලිබල සැලැස්ම අනුමත කිරීම කල් දැමීමත්, මහජන උපයෝගිතා කොමිසමට ඉතා අවංක එම කොමිසමේ නාමයට හානි නොකරන ප්‍රවීණයෙක් පත් කිරීමත් කල් දමා ඇත.

ඉහත කී බලාගාර හා තවත් බලාගාර කිහිපයක් ඉතා අවධානම් ලෙස පසුගිය මාසය පුරා ලංවිම විසින් ක්‍රියාත්මක කළේ ජනතාව අපහසුතාවයට පත් නොකිරීමටයි. නමුත්, අදාළ බලපත්‍ර පවා නොමැති බලාගාර ක්‍රියා කිරීම අකුරට වැඩ සිදු කරන විට අනිවාර්යෙන්ම නොකරන දෙයකි. මෙම බලපත්‍ර දීමට අපොහොසත් වුවහොත් ලබන අගහරුවදා වන විට අදාළ  බලාගාර වසා දමන බවත්, එයින් ජාතික විදුලි බල පද්ධතිය සම්පුර්ණයෙන් ක්‍රියා විරහිත වීමේ වැඩි ඉඩක් ඇති බව ඔවුන් පවසයි.

37 views

2 Comments to “නොරොච්චෝල, ඇඹිලිපිටිය, මාතර තාප බලාගාර වසා දමයි.. ඉංජිනේරු සංගමෙන් දැඩි තීරණයක්..”

  1. Rakitha says:

    Eng society is Gota society.

    • සිදු says:

      අනේ පලයන් බන් යන්න ඔය සොසයිටි වල උගත්තු තමා එදා එකතුවෙලා කතා කරලා පාලව ජනපති කලේ
      මේ රටේ උගත්තු කියන්නේ විචාර බුද්දිය නැති නිකම්ම නිකම් ගිරවු කියල දැනගත්තේ එදා

Main News