නොරොච්චෝල කොටසක් නවතී.. මාස දෙකක අලුත්වැඩියාවක්.. විදුලි කැපිල්ල තව දිගු වෙයි…

June 16, 2022 at 10:40 am | lanka C news
නොරොච්චෝල කොටසක් නවතී.. මාස දෙකක අලුත්වැඩියාවක්.. විදුලි කැපිල්ල තව දිගු වෙයි…

නොරොච්චෝල තාප විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අනිවාර්යය නඩත්තු කටයුතු සඳහා අනිද්දා දිනයේ සිට ක‍්‍රියා විරහිත කිරීමට නියමිතව තිබේ.

එය මාස දෙකකට අධික කාලසීමාවක් සඳහා වසා දැමෙනු ඇතැයි විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙම යන්ත්‍ර සඳහා වසර 5 කට වතාවක් සිදු කළ යුතු අනිවාර්ය නඩත්තු කටයුතු සඳහා අඩුම වශයෙන් දින 75 ක පමණ කාලයක් ගත වෙයි.

නොරොච්චෝල එක් ජනන යන්ත‍්‍රයකින් දෛනිකව මෙගාවොට් 270 ක පමණ ප්‍රමාණයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කරමින් සිටී.

දැනට විදුලි කප්පාදුවක් සිදු වෙමින් ඇති පසුබිමක මෙම බලාගාරයේ ජනන යන්ත‍්‍රයක් පද්ධතියෙන් ඉවත් වූ පසු දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුව තවදුරටත් දීර්ඝ වීමට වැඩි ඉඩකඩක් තිබේ.

ජල විදුලි බලාගාර වැඩි වශයෙන් දායක කරගෙන දැනක ජාතික විදුලි ඉල්ලුම සපුරාලමින් ඇති අතර ඩීසල් හිගය හේතුවෙන් ඩීසල් බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට අපහසු වී තිබේ.

මෙරට කාර්යබහුල වේලාවන්හිදී උපරිම විදුලි ඉල්ලුම මෙගාවොට් 2700 ක ට ආසන්න වෙයි.

41,608 views

6 Comments to “නොරොච්චෝල කොටසක් නවතී.. මාස දෙකක අලුත්වැඩියාවක්.. විදුලි කැපිල්ල තව දිගු වෙයි…”

  1. Haritha says:

    ඕක ගොඩනගන කාලේ අප්පච්චිගෙ දේශපාලන උවමනාවක් මත කඩිමුඩියේ හදිසියේ හැදුවා මතකයි. නිතරම කැඩෙන්න ඒකත් හේතුවක්ද දන්නෙ නෑ. අනිත් එක තමයි ඉංජිනේරුවන්ගේ ප්‍රයිවෙට් බලාගරවලින් විදුලිය ලබා ගැනීමේ රහස් එකඟතා. ඔය හැම දේකම සම්බන්ධකම් හොයලා බලන්න.

    • 3% රතු වහලා says:

      මේක නම් තනිකරම CEB Eng පුද්ගලික බලාගාර මාෆියාකාරයින්ගෙ කඩාකප්පල්කාරී වැඩක්

  2. ප්‍රේමකීර්ති ගේ සාක්කිය. says:

    විදුලි ඉන්ජිනේරුවො කියන පදේට නැටුවෙ නැත්නම් මේව සාමාන්‍ය දේවල්. වාරිමාර්ග විදුලි ඉන්ජිනේරු මාෆියාව. මේ රට කෑවෙ දේශපාලුවො හා ඔය කියන ඉන්ජිනේරුවොත් ඉහල රාජ්ජ්‍ය නිලදාරින්

  3. ප්‍රේමකීර්ති ගේ සාක්කිය. says:

    විදුලි ඉන්ජිනේරුවො කියන පදේට නැටුවෙ නැත්නම් මේව සාමාන්‍ය දේවල්. වාරිමාර්ග විදුලි ඉන්ජිනේරු මාෆියාව. මේ රට කෑවෙ දේශපාලුවො හා ඔය කියන ඉන්ජිනේරුවොත් ඉහල රාජ්ජ්‍ය නිලදාරිනුත් එකතුව සාමුහීකව සහජීවනයෙන් 🤭🤭🤭🤭🤭

  4. Lucky N says:

    මුන් වැඩකට කියල කරන්නේ ලයිට් කපන එක විතරයි.
    රට පාලනය කරන්නේ වුර්තීය සමිති. අන්රයියා ඉන්නකන් උන්ගේ බලය බිදින්න බෑ. රට හැමදාම වලපල්ලට. අන්රයියා සාම්පුර් වහලා ලයිට් වලටයි ඩීසල් වලටයි එක සැරේ කෙලියා. මේ පාර පුනර්ජනනීය ව්යාපෘති නවත්වනවා. ඔහොම යන්. තව ටිකායි! පේන දුර !

  5. Alapaluwa says:

    ඇයි ලැජ්ජද කියන්න තෙල් නැති නිසා මෙය වසා දමන්න වෙනවා කියලා.ලේහෙසියෙන්ම කියන්න තිබෙන්නේ ඔන්න ඕක තමයි මුන්ට කාලකන්ණි හැත්ත.Alapaluwa

Main News