නොරොච්චෝල තාම හදා නෑ.. හෙට සිට විදුලිය කපයි..?
October 16, 2016 at 1:20 pm | lanka C news
නොරොච්චෝල තාප විදුලි බලාගාරය අක්රිය වීමත් සමග විදුලිය කැපීමක් සිදුවිය හැකි බව විදුලි බල හා බලශක්ති ඇමති රන්ජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඔහු මෙසේ කියා සිටියේ අද පෙරවරැවේ බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක් අතරතුරදීය. විදුලිය කැපීමක් සිදුවන්නේ නම් ඒ පිළිබදව හෙට දිනයේ දැනුවත් කරන බවද ඇමතිවරයා කියා සිටී.
බලාගාරය යථා තත්වයට පත් කිරීමට අවම වශයෙන් තවත් දින පහක්වත් ගතවනු ඇතැයිද ඇමති සියඹලාපිටිය වැඩි දුරටත් කියා සිටියේය.
දිවයිනේ බොහෝ ප්රදේශවලට අදත් කපලා .