නොරොච්චෝල නවතී.. අඛණ්ඩ විදුලිය දීම අවුලේ.. විදුලි බිලත් ඉහල යන ලකුණු..

April 11, 2018 at 11:20 am | lanka C news
නොරොච්චෝල නවතී.. අඛණ්ඩ විදුලිය දීම අවුලේ.. විදුලි බිලත් ඉහල යන ලකුණු..

නොරොච්චෝල තාප විදුලි බලාගාරයේ එක් විදුලි ජනන යන්ත‍්‍රයක් අද දිනයේ සිට ක‍්‍රියා විරහිත කිරීමට සිදුව තිබේ.

එහි ඇතිව තිබෙන තාක්‍ෂණික දෝෂයක් නිවැරදි කිරීම සදහා මෙසේ කටයුතු කිරීමට සිදුව ඇත.

මෙනිසා ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 300ක ධාරිතාවක් අහිමි වන අතර එම ප‍්‍රමාණය ආවරණය කිරීම ගැටළුවක් වී ඇතැයි වාර්තා වෙයි. මේ දිනවල මෙගාවොට් 2000 ඉක්මවු දෛනික විදුලි ඉල්ලුමක් පවතී.

වැසි තත්වයක් පැවතියද ජල විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශයන්හි ජල මට්ටම සැලකිය යුතු කරමින් ඉහල ගොස් නැතැයි විදුලි බල අමාත්‍යංශය සදහන් කරයි.

මේ තත්වය මත අධික මිලට පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලට ගැනීම නිසා ළගදීම විදුලි බිල වැඩිවනු ඇති බව ලංකා විදුලි සේවක සංගමය කියා සිටී.

55 views

2 Comments to “නොරොච්චෝල නවතී.. අඛණ්ඩ විදුලිය දීම අවුලේ.. විදුලි බිලත් ඉහල යන ලකුණු..”

  1. Dushantha says:

    සජිත් ප්‍රේමදාස උන්නෑහේ කිව්වා කනට මිහිරි සහන ගොඩාක් ලඟදිම හම්බ වෙනවා කියලා.

  2. අමිල says:

    දැන් ඉතින් පරිසර වේදියොන්ගේ ජනන ඉන්ද්‍රීන් ටික වනලා ලයිට් පත්තු කරපල්ලා. ඕකුන් හිටියෙම ප්‍රශ්න ඇතුව උනත් දුවපු නොරොච්චෝලෙ වගේ ජාතික සම්පතක් වහන්ඩනේ.

Main News