නොරොච්චෝල නවතී.. 69 කෝටියක අලුත්වැඩියාව අසාර්ථකයි.. විදුලි අර්බුදය උච්චයි..

February 24, 2020 at 11:20 am | lanka C news
නොරොච්චෝල නවතී.. 69 කෝටියක අලුත්වැඩියාව අසාර්ථකයි.. විදුලි අර්බුදය උච්චයි..

නොරොච්චෝලේ විදුලි බලාගාරය අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් කෝටි 69ක් ගෙවා තිබුණද අලුත්වැඩියාව නිමකර දින 10 කින් එය නැවත ක්‍රියාවිරහිත වී තිබේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මාස තුනක කාලයක් බලාගාරයේ පළමු අදියර මෙගා වොට් 300ක විදුලි ජනන යන්ත්‍රය මාස 04ක් තිස්සේ අළුත්වැඩියා සිදුකර ඇත.

නමුත් එම යන්ත‍්‍රය පසුගිය 14 වනදා සිට නැවතත් ක්‍රියා විරහිත වී තිබේ.

මෙම අළුත්වැඩියාව සිදු කර ඇත්තේ චීන සමාගමකින් වන අතර ඒ සඳහා විදුලිබල මණ්ඩලය විසින් ඩොලර් මිලියන 3.8 ක මුදලක් ඔවුනට ගෙවා ඇත.

යන්ත‍්‍රය ක‍්‍රියා විරහිත වීම නිසා එම ප‍්‍රමාණයද විදුලිය ජනනය කිරීමට ජල බලාගාරවලට සිදුව තිබේ.

මේ තත්වය හා පවතින වියලි කාලගුණය හේතුවෙන් ප්‍රධාන විදුලි බලාගාර ජල මට්ටම සීග්‍රයෙන් පහත වැටෙමින් ඇතැයිද සඳහන්ය.

32,240 Viewers

16 Comments to “නොරොච්චෝල නවතී.. 69 කෝටියක අලුත්වැඩියාව අසාර්ථකයි.. විදුලි අර්බුදය උච්චයි..”

  1. Jeewanee Kariyawasam , chilaw says:

    ow ithin 69 kotiye karume 69 laxaye karume , dan ithin current nathiwa imu kattiyama ,

    • කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮🤮🤮 says:

      යහපාලන අම්බරුවෙක් නැවත වරක් උම්බෑ කියයි.

  2. Pohottu says:

    Hooooo….

  3. බන්ඩා says:

    අද විදුලි අර්බුදයට හේතුව පසුගිය වසර පහ තුල කිසිදු මහා පරිමාන බලාගාරයක් ඉදි කර නැති කමය්.

  4. ට්‍රාන්ස්ෆෝමර් හොරා says:

    LTl එකට ලංකා විදුලි බල මණ්ඩලය මංකොල්ලා කන්න දීලා විදුලිබල මණ්ඩලයට පාඩුයි පාඩුයි කියලා කා ගහනවා , එකෙකුටත් පන නෑ හොර පුතාලව හිරේ දාන්න

  5. කිරිමෙල් says:

    Isn’t there a penalty clause in the contract agreement?

    • kiribatha says:

      There is, but it is a Chinese firm. This government is afraid of China because they desperately need money from China to survive for at least a few more years. This government has no sound economic policies and rely on Chinese aid. With Corona virus in in full swing, China has to take care care of themselves before helping ( encroaching) others. My feeling is that people will beg UNP to take over the country at 2025 election.

  6. රුවන් says:

    ඔය යන්ත්‍රය පරන එකක් ද? අලුත් එකක් ද?ඔය තරම් වටිනා දෙයක් ගැරන්ටී නැතිව ද අරං තියෙන්නේ.මෙය රටේ ජනතාවගේ සල්ලි විනාශ කරනවා.
    කරුණාකර අරං නව නිපැයුම් කරූවකු සදා අති රසදිය මගින් ක්‍රියාත්මක වන යන්ත්‍රය ගැන සොයා බැලීමට කාලය පැමිණ තිබේ යයි මට සිතේ

    ගරු ජනාධිපතිතුමනි මේ ඔබ තුමාගේ අවධානය පිණිසයි

    • Ravana says:

      ලංකාවට වැඩියෙන්ම ගැලපෙන්නෙ ගොම බලාගාර. මොකද ලංකාවේ ගොඩක් හරක් ඉන්න නිසා. ලංකාවෙ රසදිය ඇත්තෙත් නැහැ නේ. ඒවා ගැන දන්නා අයත්. නෑනේ . ලෝකයේ පළමුවැනි ගොම බලාගාරය ලංකාවෙ දාලා ඒ දැනුම මුළු ලෝකයටම බෙදා දුන්නා . ඒක දියුනු කලා නම් මුළු දකුණු ආසියාවටම විදුලිය දෙන්න තිබුණා.

  7. Namal says:

    Raja pawula komis gahala cheenen genaapu ladarama, genaapu dawase indala kadenawaa. me wenakota 133 wathaawak aluth wadiyaa karalaa

  8. සමහර විට ඔය වගේ ආයතන තුළ කුමන්ත්‍රණකාරී දුෂ්ඨ එක සේවකයෙක් හෝ හිටින්න බැරි නැහැ. විදුලි මාෆියාව ජීවමානයි. රජයේ යුතුකම හා වගකීම සූක්ෂම ලෙස මේවා සොයා බැලීමයි.

  9. harsha says:

    සාම්පූර් බලාගාරය ඉක්මනින් පටන් ගත්තොත් හොඳයි.

  10. Rohan says:

    ගෝටට සොරි.කොම් වගේ.

  11. samantha says:

    This is an act of sabotage.

Main News