නොරොච්චෝල නවතී… Solar විදුලිය OFF කරන්නැයි ඉල්ලයි…

December 3, 2021 at 12:40 pm | lanka C news
නොරොච්චෝල නවතී… Solar විදුලිය OFF කරන්නැයි ඉල්ලයි…

දිවයින පුරා විදුලිය බිඳ වැටීමත් සමග නොරොච්චෝල විදුලි බලාගාරය ද ක්‍රියාවිරහිත වී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව එය මේ වන විට යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටී.

පසුගිය දිනවල ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් මෙරට ඉල්ලුමෙන් 60% ඉක්මවූ විදුලි ජනනයක් ජල විදුලිය මගින් සිදු කරමින් ඇත.

ඒ හේතුවෙන් නොරොච්චෝල බලාගාරය මේ දිනවල ක්‍රියාත්මක වී ඇත්තේ එක් විදුලි උත්පාදක යන්ත්‍රයක් පමණි.

මේ වැඩි වේලාවක් ගත නොවී දිවයිනේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් වුණු ඇතැයි විදුලිබල අංශ විශ්වාසය පලකරයි.

මේ අතර Solar බලයෙන් විදුලිය නිපදවා ජාතික පද්ධතියට එක්ක කරන පාරිභෝගිකයන්ගෙන් විදුලිබල මණ්ඩලය විශේෂ ඉල්ලීමක් කරයි.

තම සෝලා පද්ධතිය ජාතික පද්ධතියට සම්බන්ධ කරන පද්ධතිය ක‍්‍රියා විරහිත කර සූර්ය විදුලිය ජාතික පද්ධතියට එක් කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස ඔුවුන් ඉල්ලා සිටී.

එසේ වුවහොත් ජාතික පද්ධතිය නැවත යථා තත්ත්වයට පත් කිරීම ඉක්මනින් කළ හැකි බව ද විදුලිබල ඉංජිනේරුවන් කියා සිටිති.

132,513 views

4 Comments to “නොරොච්චෝල නවතී… Solar විදුලිය OFF කරන්නැයි ඉල්ලයි…”

  1. සිස්ටම් ඩවුන් says:

    චීන බඩු ඇමරිකාවට ඕන විදිහට වැඩකරන් නැහැ.

  2. David Milli-banda says:

    The Trade Unionist are a Curse to the Country. Moreover it is external interference.
    Handover the running of the Country immediately to the Chinese Communist Party or to the Military.

    Trade Unionist do not know what or when or How to conduct a decent Trade Union action.
    This is all Wstern influence to destabilise the Country governed by Rajapakshes.
    THIS IS OUR DEMOCRATIC POLITICS……………… TO HELL WITH THE PEOPLE. .
    These bastard dont realise OR concerned for the inconvenience to the PEOPLE.

  3. ජෙප්පන්ගේ වැඩ, කඩාකප්පල් කිරීම

  4. electricity says:

    ජපාන ආධාර යටතේ (JICA) 2015 අග භාගයේ ආරම්භ කල ලංකා විදුලිබල සැලැස්ම ව්‍යාපෘතිය යටතේ The National Transmission and Distribution Network Development and Efficiency Improvement Project ආරම්භ කරන ලදී. එහි දී ජාතික විදුලිබ සැලැස්ම වසර දෙකක් තුල සකස් කරන ලදී. ඉන්පසු 2018 වසරේ ඉහි ඉදිරි පියවරක් ලෙස සුර්ය විදුලිය නිපදවීම සහ සමායෝජනය සඳහා ව්‍යාපෘතිය අරභා වීය. 2020 දී ජපාන ආධාර වැඩසටහන් සඳහා (සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු) කඩා වැටීම් නිසා. අද සුර්ය විදුලිබලය ශ්‍රී ලංකාවට නිපදවා ජාතික ජාලයට එකතු කර ගත නොහැකිවී ඇත. අදුරදර්ශී වැඩ පිළිවෙල අද අපේ රට විනාශයට අද දමා ඇත.

Main News