නොවැම්බරයේ පාසැල් විවෘත කෙරේ…

September 11, 2021 at 12:00 pm | lanka C news
නොවැම්බරයේ පාසැල් විවෘත කෙරේ…

දිවයින පුරා පාසල් විවෘත කිරීමට හැකි මාර්ගෝපදේශ මාලාව 13 වැනිදා වන විට සකස් කර ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

විශේෂඥ වෛද්‍යවරු, තාක්ෂණික ඇගයීම් කටයුතු නියෝජිතයන් හා අධ්‍යාපන අමාත්‍යාංශයේද සහයෝගය මත මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සකස් කර ජනාධිපතිවරයාට භාරදීමට නියමිතය. පාසල් විවෘත කිරීමට අදාළ සැලසුමක් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විටත් සකස් කර තිබේ.

එම සැලසුමට අනුව නොවැම්බර් මාසයට පෙර පාසල් විවෘත කිරීමට නියමිතය.

පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (10 වැනිදා) පැවැති කොවිඩ් කාර්යය සාධක බළකා රැස්වීමේදී ද අවධානය යොමු කර තිබේ. ළමයින් අඩු ග්‍රාමීය පාසල්, ප්‍රාථමික පාසල් විවෘත කළ හැකි බව මෙහිදී බන්දුල ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන් පෙන්වා දී ඇත. ඒ සඳහා පළාත් ආණ්ඩුකාරවරුන්ගේද කැමැත්ත ලැබී ඇති බව මෙහිදී අනාවරණය වී තිබේ.

ප්‍රාථමික දරුවන්ට සූම් තාක්ෂණයෙන් අධ්‍යාපන කටයුතු සිදු කිරීමේදී ගැටලු මතුව ඇති බවද වෛද්‍යවරු මෙහිදී පෙන්වා දී තිබේ. වයස අවුරුදු 12-18 දරුවන්ට එන්නත්කරණය කඩිනම් කිරීමටද පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබේ. එම පිරිස මිලියන දෙකක් පමණ වන බවද මෙහිදී අනාවරණය වී ඇත.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. ප්‍රායෝගික පරීක්ෂණ මෙතෙක් නොපැවැත්වීම නිසා ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වන බව විභාග දෙපාර්තමේන්තුවේ අදහසයි. ප්‍රායෝගික පරීක්ෂණවලින් තොරව හෝ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට මෙහිදී අවධානය යොමු කර තිබේ.

දිවයින පුරා සියලුම පෙර පාසල් විවෘත කළ යුතු බවද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මෙම රැස්වීමේදී යෝජනා කර තිබේ.

– aruna

44,410 views

7 Comments to “නොවැම්බරයේ පාසැල් විවෘත කෙරේ…”

  1. D. B. Cooper says:

    So now they are going to use the experimental (and hastily “approved”) vaccine on children without any study on long term side effects. The vaccine manufacturers started off by asking for immunity from prosecution. So if anything bad happens who will take responsibility?

  2. p.d goonawardena says:

    ශුභ පණිවුඩයක්…..

  3. Sri 🇱🇰 says:

    පාසල් වල දරුවන් ට හරි අධ්‍යාපන නැතිව විභාග පවත් වන්නේ කොහොමද ඉදිරියට, දැන් පාසල් ආරම්භ කරත් මේ වසරේ විශය නිර්දේශ ආවරණය කරන්න හැකිද. ලමුන්ට වසරක නිර්දේශ මාස 2 ඉගැන්වී කලත් ග්‍රහණය කිරීමට හැකියාව නැත. දැන් එන්නත් ලබා දෙන ලෙස අධ්‍යාපන එසේ ඉගැන්වී නොහැකිය එවාට විකල්ප නැ.

  4. sira says:

    ඇයි කොවිඩ් ප්‍රශ්නය විසඳලා ඉවරද? එහෙම නැත්නම් මිනිස්සු මැරෙන්න අරිය වගේ ළමයි ටිකත් මැරෙන්න අරින්නද ඕන , අන්තවාදීන්ගේ වදන් අහන කාලකන්නි සිංහල බුරු දේශපාලුවන්ගේ වැඩ.

  5. Health says:

    හොඳ තීරණයක්

  6. Stalin says:

    October 25 withara kiyawi, Novemeraye paasal wiwurtha kireema kaldamma kiyala. Badu Sure!

Main News