නොවැම්බර් 18 ගෝටා ජනපති ලෙස දිවුරන සුබ නැකත සකසා අවසන්.. මහින්ද අගමැති වන නැකතත් එදාටම සූදානම්.. බහුතරය සූදානම්..

November 11, 2019 at 4:40 pm | lanka C news
නොවැම්බර් 18 ගෝටා ජනපති ලෙස දිවුරන සුබ නැකත සකසා අවසන්.. මහින්ද අගමැති වන නැකතත් එදාටම සූදානම්.. බහුතරය සූදානම්..

නොවැම්බර් 18 වැනි දින 07 වන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ වේලාවක් බලා ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

18 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස දිවුරුම් දී සුළු මොහොතකින් මහින්ද රාජපක්ෂ මහතා ද අගමැතිවරයා ලෙස දිවුරුම් දීම සදහා සුබ මොහොතක් යොදාගෙන අවසන් යයිද ඔහු පැවසීය.

පාර්ලිමේන්තුව තුළ බහුතර බලය සකස්කර ගැනීම සඳහා මේවා විටත් සියළු කටයුතු සූදානම් කර අවසන් යැයි ද පැවසූ ඔහු නොවැම්බර් 18 වැනි දින ස්ථිර වශයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ද ඉවත් කරන බව සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමිනි.

102 views

33 Comments to “නොවැම්බර් 18 ගෝටා ජනපති ලෙස දිවුරන සුබ නැකත සකසා අවසන්.. මහින්ද අගමැති වන නැකතත් එදාටම සූදානම්.. බහුතරය සූදානම්..”

  1. Siri says:

    ඌරෝ කැකුණ තලනකොට හබන්කුකුලන්ට රජ මගුල් කියලා කීවේ unp ⁣උන්ටද කියලා හිතෙනවා ….මොකෙක් හරි බිල්ලට දීලා..හරි යට උන් දිනාගන්ත රටක් වාගෙ නයට කහින කැහිල්ල….කාලකන්නියෝ

  2. lalith.perera says:

    Ara horoscope arawa mewa okkoma boru minissun kawadaawath owwa ganang ganne nehei!!!
    Gota baiia kawadaawath president wenne nehei!!! ehema gota president vunoth api gotabaiiata Game eka denawaamai!!

Main News