නොසන්සුන්තා නිසා මධ්‍යම පලාතේ බාර් වසා දමයි..

May 14, 2019 at 5:30 pm | lanka C news
නොසන්සුන්තා නිසා මධ්‍යම පලාතේ බාර් වසා දමයි..

මධ්‍යම පලාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතාගේ නියෝගයක් මත මධ්‍යම පලාතේ සියළුම මත්පැන්සැල් තාවකාලිකව වසා දැමිමට කටයුතු කල බව හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරියෙකු පැවසිය.

අද (14) උදැසන සිට විවෘත කර තිබු  මත්පැන්සැල් අද පස්වරු 2 වන විට වසා දැමිමට මත්පැන්සැල් අයිතිකරුවන් මේ වන විට කටයුතු කර ඇත.

මත්පැන්සැල් වසා දැමිම සම්බන්ධයෙන් අප මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යයාලයේ නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ ඇතැම් පලාත් වල මේ දිනවල පවතින නොසන්සුන්කාරි තත්ත්වය හමුවේ  අද සිට සතියක් පුරා මධ්‍යම පලාතේ මත්පැන් සැල් වසා දමන ලෙස සුරාබදු කොමසාරිස්වරයාගෙන් ආණ්ඩුකාරවරයා ඉල්ලිමක් කල බවයි.

අද දිනයේ මත්පැන්සැල් වසා දමා ඉදිරි දින කිහිපයේදි මත්පැන් සැල් වසා දැමිම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිරණයකට එළඹිය හැකි බව සුරාබදු කොමසාරිවරයා විසින් ආණ්ඩුකාරවරයාව දැනුවත් කර ඇති බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර කාර්යයාලයේ නිලධාරියා කියා සිටියේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

20 views

6 Comments to “නොසන්සුන්තා නිසා මධ්‍යම පලාතේ බාර් වසා දමයි..”

  1. ජාතිආලේ says:

    මුං උන්ගේ ගෑනු ඩුබායි,කටාර් ක්වේට් වල වහබින්ගේ කක්කුස්සි හෝදලා එවන සල්ලි වලිං කසිප්පු ගහලා මෙහේ නානාගේ කඩේට ගහනවා ජාත්‍යාලය පෙන්වන්න.
    හෙට ඩුබායි,කටාර් අබුඩාබි වල කක්කුස්සි හොදන්න පාරවල් අතුගාන්න “ඇබෑරතු ඇත” කියලා දැම්මොත් “සිංහලේ” කියලා පපුවේ ගහං ඉන්න එවුන්ගේ පෝලිම තියෙයි කිලෝමීටරයක් දිගට…

  2. kuma says:

    ජාතිආලේ, ‍අපේ සල්ලි මුසල්ත්‍මානුවන් හරහා ත්‍රස්තවාදීන්ට යන එකයි අරාබියේ මුසල්මානුවන්ගේ සල්ලි අපේ රටට ගෙන එන එකයි සමාන කරන්න බෑ. හැබැයි මම පුද්ගලිකව අපේ ගෑනු වහල් සේවයට යනවට විරුද්දයි. නමුත් වෘත්තිකයන් අරාබියේ වැඩ කිරීමේ වරදක් නොදකිමි.

  3. හිටන්ගෙදර අප්පුහාමි says:

    ලංකාව තුල අරක්කු සිගරට් තහනම් කරන්න. එයින් ලැබෙන බදු මුදලට වඩා මුදලක් රජය එයින් ඇති වෙන ලෙඩ රෝග වලට ප්‍රතිකාර කරන්න වැය කරනවා. ගෙදර වියදමට තියෙන සල්ලි වලින් බීල ගෑනි පිටරට යවනවා ළමයින්ට කන්න අදින්න සල්ලි හොයන්න.

    • Love nature says:

      මත්පැන් සම්පුර්ණයෙන් තහනම් කලයුතුයි බාර් අපේ රටට අවශ්‍ය නැහැ ..මස් වෙළදාමත් තහනම් කලයුතුයි ..ගවයන් එළුවන් කුකුලුන් ඇතුළු සෑම සතෙක්ම මැරීම තහනම් කරනු විශේෂයන්ම මුස්ලිම් පල්ලි වල සිකුරාදා ගවයන් ,එළුවන් බෙලි කැපීම නතර කරනු

  4. Eye says:

    මෙ දවස්වල නැතිම බැරි දේයක් පොවලා වයින් කරන්න ජාතිආලේ මීටරය .ඒක බිව්වා කියවෙන ගොත්‍රික වචනේ තමයි ලගම ගම ලේවිලක් කරන බව.

Main News