නොසිතු දෙයක් වෙයි.. පොහොට්ටු ආසන සංවිධායකයන්ගෙන් මහින්දට දැඩි විරෝධය..

February 13, 2018 at 9:20 am | lanka C news
නොසිතු දෙයක් වෙයි.. පොහොට්ටු ආසන සංවිධායකයන්ගෙන් මහින්දට දැඩි විරෝධය..

පැවති පළාත් පාලන මැතිවණයේදී සිය ආසනයන් අන්ත පරාජයකට ලක් වූ කිසිදු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරයෙකු ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට පත් කර නොගන්නා ලෙස එම පක්‍ෂ ආසන සංවිධායකයන් රැසක්ම හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා තිබේ.

පසුගිය තුන් වසර පුරාව අනේක විධ දුක් ගැහැට විදිමින් දේශපාලනය කල තමන්ගේ ආසන සංව්ධායක ධුරයන් අවස්ථාවාදීන්ට යලි ලබා දීමට කිසිසේතම නොහැකි බවත් එම පිරිස් පෙන්වා දී ඇත.

ඉදිරි පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණයන් ජය ගැනීමට තමනට ශක්තිය ඇති බවත් එම මැතිවණයන් සදහ් අපේක්‍ෂකයන් ලෙස තමන් තරග වදින බවත් පොහොට්ටුවේ ආසන සංවිධායකයෝ දැඩිව අවධාරණය ඇත.

පරාජිත ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ ඇමති පිරිසක් පොදුජන පෙරමුණට එක් කර ගැනීමට යන්නේ යයි පල වන වාර්තා හේතුවෙන් කලබලයට පත් මෙම පිරිස හිටපු ජනාධිපතිවරයාට මෙම අදහස් පල කර තිබේ.

127 views

48 Comments to “නොසිතු දෙයක් වෙයි.. පොහොට්ටු ආසන සංවිධායකයන්ගෙන් මහින්දට දැඩි විරෝධය..”

  1. gorila says:

    මහින්ද මහතයෝ
    තවත් බලාගෙන ඉන්න එපා, මෙචර ජනවරමක් දීලා තවත් බලාගෙන ඉන්න එපා.
    ඔබතුමා හිතනව වගේ මේයාල මහමැතිවර්ණයක් දෙයි කියල දවල් හීන දැකල නිදාගන්න එපා. බලේ අරගෙන මැතිවරණයක් ගේන්න වැඩ කරන්න. නැත්නම් ඔහේට චන්දේ දීපු ජනතාවගේ බලාපොරොතු සුන්වෙනවා. චන්දෙ අරන් නිකම් ඉන්න වනම් ආයෙ චන්දේ දෙන්නේ මොකටද කියල මිනිස්සු හිතයි.ජේවීපී ය කරන දේ කරල ජනවරම නැති කර ගන්න එපා. මිනිස්සු කීයට වත් 2020 වෙනකම් බලන් ඉන්න ලැස්ති නැ කියන එක මතක තියාගන්න

  2. Ranjan says:

    මා මහින්දට චංදය දැම්මේ රට ජාතිය ආගම සිතා අලුත් පක්ෂයක් නිසාත් වෙන නායකයෙක් නැති නිසාත් නැතුව ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය නිසා නොවේ.

  3. vvv says:

    මොන දේ උනත් මහින්ද මැතිතුමා එක දෙයක් සිහියේ තබා ගත යුතුයි. ඔය අප්පච්චි මලෝ සෙට් එකයි, රජිතයි, චම්පිකවයි ගත්තොත් ඔබටත්, සහෝදර GR ටත් අපි බොහෝ දෙනෙක්ගේ සහය නැති වෙනවා. කරුණාකර ඒ අපරාදේ කරන්න එපා.

    මුන් ගත්තොත් ජෙප්පොන්ට හරි දෙනවා අයි පොහොට්ටුව බලන්නේ දිහා නෑ. දුමින්ද , අමරවීර, එස් බී, අමුණුගම, විජිතමුණි සොයිසා, මනුෂ, තිලංග, ශ්‍රියානි, නිමල් සහ රාජිත, චම්පික

Main News