නෝන්ජල්, කොන්ද පණ නැති ආණ්ඩුව නිසා රටම අරාජික වෙලා..- මරික්කාර්

March 8, 2018 at 3:28 am | lanka C news
නෝන්ජල්, කොන්ද පණ නැති ආණ්ඩුව නිසා රටම අරාජික වෙලා..- මරික්කාර්

ආණ්ඩුවේ කල් මැරීමේ ප‍්‍රතිපත්තිය නිසා අද රට මේ තරම් ආරාජික වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ රටේ වත්මන් ඇතිවී ඇති හදිසි තත්වය පිළීබද පාර්ලිමේන්තුවේදී  පැවැති විශේෂ විවාදයට සහභාගී වෙමින්ය.

මේ රටේ වර්තමානයේ දී ඇතිවී තිබෙන ජාතිවාදි හා ආගම්වාදී සිදුවීම් සම්බන්ධව ඇත්ත වශයෙන්ම කණගාටුවකට වඩා ලැජ්ජාවක් තියෙන්නේ. මේ ආණ්ඩුවේ කොන්ද පණනැතිකම හා නෝන්ජල් වැඩ හින්දා හැම ගැටලුවකටම ආණ්ඩුවේ කල් මැරීමේ ප‍්‍රතිපත්තිය නිසා තමයි අද මේ රට මේ තරම් ආරාජික වෙලා තියෙන්නනේ. ඒ බව අපිත් පිළිගන්න  ඕනේ. ආගමික සහජීවනය තහවුරු කරලා හැමකෙනාටම තමන් කැමති ආගමක් අදහන්න තියන අයිතිය තහවුරු කරලා ඒක මහපොලවේ යථාර්තයක් බවට පත් කරන්න අද මේ රජයට හැකියාවක් ලැබිලා නැහැ. අන්න ඒ නිසා අපි දැන් හදිසි නීතිය දාන එක ගැන කතා කරනවා. විය යුත්තේ අනතුර වෙන්න කලින් අනතුර වළක්වා ගැනීමේ හැකියාව තිබුණා.

වීශේෂයෙන්ම සුලුතරයක් අන්තවාදී අවස්ථාවාදීන් තමන්ගේ පෞද්ගලික උවමනාවන් නිසා රටම ගිනි තියද්දී ආණ්ඩුවක් බලාගෙන හිදීම තරම් කණගාටුදායක තත්වයක් අපි අපේ ජීවිත කාලය තුල දැකලම නෑ. විශේෂයෙන්ම රජයේ මන්ත‍්‍රීවරයෙක් හැටියට අතිගරු ජනාධිපතිතුමාගෙනුත් අග‍්‍රාමාත්‍යතුමාගෙනුත් ඉල්ලීමක් කරන්න කැමතියි බස් එක ගියැයින් පස්සෙ අත වනලා වැඩක් නෑ.

එක එක්කෙනාගේ දේශපාලන උගුල් වලට මේ රට දුවන්න ඉඩදීලා ඔබතුමන්ලා‍ මේ රට පාලනය කරනවා නම්, ඊට වැඩිය හොදයි රට පාලනය නොකර ඉන්න එක. පුරවැසියන්ට තමන්ට අදහන ආගම අදහලා තමන් කරන ව්‍යාපාර කරගෙන, තමන්ගේ වෘත්තීයක යෙදිලා නිදහසේ ජීවත් වෙන්න පුලුවන් වටාපිටාවක් පුරවැසියන්ට ලබාදීම මේ රටේ නායකයින්ගේ වගකීමක් යැයි පැවසීය.

– මිනුර රෂාන්ත

64 views

22 Comments to “නෝන්ජල්, කොන්ද පණ නැති ආණ්ඩුව නිසා රටම අරාජික වෙලා..- මරික්කාර්”

  1. පිංගුත්තර​ says:

    ඇයි මරික්කාරයො,උඹල පත් කර ගත්තු ආණ්ඩුව මුලු ලෝකෙම දින්න කියල පම්පෝරි ගැහුව නේද​?එක ගමක් පාලනය කර ගන්න බැරි වැඩ බැරි රිලව්.

  2. cgh says:

    ආ දැන්නේ නියම කතාව , මෙච්චර කල් රනිල්ගේ රෙදි හේදුවනේ !!!

  3. ලොකු එකා says:

    නෝන්ජල්, කොන්ද පණ නැති රනිල් නිසා රටම අරාජික වෙලා – රනිල්ට නායකත්වයට හොද නෑ කිපන්කෝ බුරුවො…

  4. චන්ද්‍ර says:

    “නෝන්ජල්, කොන්ද පණ නැති ආණ්ඩුව නිසා රටම අරාජික වෙලා”
    මර්‍රික්කාර් මහතාට මේ ටික තේරෙනවානම් හොඳයි. අද පවතින සිංහල/මුස්ලිම් ජාතිවාදී ප්‍රශ්නයක් නමින් හැඳින්වන සිධ්දීන් කොන්ද පන ඇතිව නිරාකරනය කිරීමට ඉදිරිපත්වීමට ඔහුට හැකියාවක් ඇතැයි සිතිය හැක.

  5. daminda says:

    nohakiyaawa ekama sudusu kama…………….

  6. David Milli-banda says:

    They gave the vote and now criticise.

    This is what happens when you introduce a leech under your loin cloth thinking its good for medicinal purpose.
    After sometime, you cringe in pain saying its no good.

    This is what happened to the Muslims. Voted for for yahapalanaya expecting Good Governance and now cringe.

  7. OPNEWS says:

    Most Muslim politicians are racists. This is a Sinhalese Buddhist Country. Sinhalese Politicians should have a spine to say it. There should not be leave a room to have a separate muslim areas. Tamils and Sinhalese people has to send to those areas to live and should be put up security points.

    • Buddy says:

      You are absolutely correct bro

    • kate says:

      “Tamils and Sinhalese people has to send to those areas to live and should be put up security points.” 100% correct and at least future government must do that. I an not sure this government take steps to do that.

Main News