පංචකර්ම මධ්‍යස්ථාන සහ ආයුර්වෙිද ඖෂධ අලෙවි මධ්‍යස්ථාන සියළු බලපත්‍ර අහෝසියි..

January 31, 2017 at 8:02 am | lanka C news
පංචකර්ම මධ්‍යස්ථාන සහ ආයුර්වෙිද ඖෂධ අලෙවි මධ්‍යස්ථාන සියළු බලපත්‍ර අහෝසියි..

පංචකර්ම මධ්‍යස්ථාන සහ ආයුර්වෙිද ඖෂධ අලෙවි මධ්‍යස්ථාන සදහා දැනට ලබාදී ඇති බලපත්‍ර අහෝසි කර 2017 වසරේ සිට විධිමත් බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.
විශේෂයෙන්ම පාරිභෝගික ජනතාවගෙන් සහ පොලීසියෙන් ලද පැමිණිිලි සළකා බැලීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබෙි.

ලියාපදිංචි නොවූ පුද්ගලයින් සහ ලියාපදිංචි වූ පුද්ගලයින් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පාසල් දරුවන් ඉළක්ක කර ගනිමින් මදනමෝදක අලෙවි කිරීමෙි ජාවාරමක් සිදු කරන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම මහතා පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළු‍‍වෙි දී ප්‍රකාශ කිරීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම තීරණය එළැඹුනේය.

සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුව නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී පසුගියදා පැවැත්විනි.

එහිදී වෛද්‍ය වට්ටෝරුවකින් තොරව මදනමෝදක මිලදී ගැනීම තහනම් කර ඇති බව ආයුර්වෙිද කොමසාරිස් ඒ.එචි තිළකරත්න මහතා පැවැසීය. නුසුදුසු පුද්ගලයින් වෙත බලපත්‍ර නිකුත් කිරිම නිසා මෙම තත්ත්වය මතුව ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ආයුර්වෙිද ව්‍යාජ බලපත්‍රය ද රටපුරා ඇති බව පෙන්වා දුන් ආයුර්වෙිද කොමසාරිස්වරයා නව වැඩපිළිවෙල තුලින් ව්‍යාජ බලපත්‍ර පිළිබදව සහ නව බලපත්‍රය පිළිබදව ජනතාව දැනුවත් කරන බව ද ප්‍රකාශ කරන ලදි. පංචකර්ම සදහා බලපත්‍ර ලබාදීමෙි දී නව ක්‍රමෙවිදයක් අනුගමනය කිරීමට තීරණය කර ඇත්තේ සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් ගණිකා නිවාස පවත්වාගෙන යාම නතර කිරිම සදහාය. ආයුර්වෙිද දෙපාර්තමෙින්තුව නිසි පරිදි බලපත්‍රය නිකුත් කළ යුතු බව පැවැසු සෞඛ්‍ය අමාත්‍යවරයා එවැනි ගණිකා නිවාස වැටලීම පොලීසිය සතු කාර්යභාරයක් බව ද ප්‍රකාශ කළේය.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

350 views