පංච මහා අර්බුදය ලගම එනවා.. මාර්තුවේ උච්චස්ථානයේ…- ගම්මන්පිල

January 15, 2022 at 10:22 pm | lanka C news
පංච මහා අර්බුදය ලගම එනවා.. මාර්තුවේ උච්චස්ථානයේ…- ගම්මන්පිල

මාර්තු මාසය වන විට පංචමහා අර්බුදයන් ශ්‍රී ලංකාවට උදාවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

තමන් මේ සම්බන්ධයෙන් දැනට එළියේ කතා නොකර අභ්‍යන්තර සංවාදයක නියැලෙමින් සිටින බවත් පැවසූ ඔහු අභ්‍යන්තර සංවාදයේදී අවශ්‍ය සූදානම් නොවුනහොත් එළියේ කතා කිරීමට සූදානම් බවද පැවසීය.

අප සිටින්නේ අර්බුදය උත්ථානයේ යැයි ඇතැමුන් සිතුවද එය සත්‍ය නොවන බවත් මාර්තු මාසය වන විට මෙම අර්බුදය උච්චස්ථානයට පත් වනු ඇති බවද ඔහු සදහන් කලේය.

එම අර්බුදය විසින් දේශපාලනයේ දිශානතිය තීරණය කරනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනිය සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

68,876 views

12 Comments to “පංච මහා අර්බුදය ලගම එනවා.. මාර්තුවේ උච්චස්ථානයේ…- ගම්මන්පිල”

  1. පබිලිස් says:

    මොන අඅර්බුදය ආවත් කමක් නෙහේ අපිට සලකන වනේ, අපි නෙ මේ රටට සෞභාග්‍යය ගේන රජයෙ සේවකයන්

  2. Jagath says:

    ඔයාගේ ඇමති පට්ටමත් ගැලවෙන්න ලගයි.

  3. CAT says:

    ගම්මන්පිල බලේට පත් වූ පසු රගපාන්නේ අමුතුම චරිතයක් ..කෝ ඔබේ ජාතික ආලය ,දේශහිතෙෂි කතා ඒවා පෑ ල දොරින් පැනලා ගියාද ? බොරු වට දැන් බක බක ගාන්න එපා …ආර්ථිකය කඩා වැටීමටත් ඔබේ බලශක්තිය අමාත්‍යය වගකිව යුතුයි …ඉන්දියාවට තෙල් ටැංකි බදු දෙන්න හදන්නේ රටට ඇති ආදරයටද ? ඔබතුමාගේ දේශපාලන පිළිවෙල ගැන දැන් ජනතාවට ඇත්තේ කල කිරීමක්

    • එක්නැලිගොඩ says:

      ආර්ථිකය කඩා වැටීමට බලශක්ති අමාත්‍යාංශය වග කියනන්න ඕන විදිහ පොඩ්ඩක් විස්තර කරහංකෝ බං

  4. Darshana abayakoon says:

    මොන අර්බුධයක් ආවත් ඔබ තුමන්ලා රට බේර ගන්න බවට අපට විශ්වාසයි. ඔබ තුමන්ලගේ නිවැරදි මග පෙන්වීන නිසාම අපි රට බේරගන්න තිබ්බ අන්තිම අවස්ථාවේ බුද්ධිමත්ව චන්දය භාවිතා කරපු නිසා තමයි අපි අද මේ ප්‍රතිලාභ අත් විදින්නේ ඉදිරියටත් ඔබ තුමාලා පෙන්වන මග ගමන් කිරීමට කොන්දේසි විරහිතව අප සූදානම්.

    • CAT says:

      දැන්වත් දේශපාලකයින්ගේ බත්බැලයන් වීම නතර කරපන් මෝඩයෝ

  5. කැපුවත් පොහොට්ටුවට says:

    කීසිම අර්බුධයක් එන්නෙ නෑ පොහොට්ටුවෙ එල්ලි සිටින අඟේ ඉඳන් කන කන කිනිතුල්ලො කියන බොරු ගනන් ගන්න එපා.

    • Jagath says:

      69 ලක්ෂෙන් උඹ විතරයි දැන් උන්ට චන්දෙ දීල තියෙන්නේ පේන විදිහට

  6. වහල් ගැත්තන් යදින්නනගෙන් තොර අනාගතයක් සඳහා සක්‍රීයව සැළසුම් සකස්කරමු,.! says:

    විදුලිය පැය විසිහතර පුරාවට අවශ්‍යනම් විසංධිකළ යුතුයි, දේශීය විසඳුම් සොයාගන්නාතුරැ ,ඡලවිදුලියෙන් පමනක් විදුළිබලය ඡනනය කළ යුතුයි,
    චිනය විසින් අවලංගු කරනාලද සූර්‍යවිදුලිබල ව්‍යාප්‍රෘති කැදවාගැනීමට වහාම කටයුතු කළ යුතුයි,.!

    ”දේශීය බුද්ධිය වහාම උයෝගී කරගනිමින ( hydrogen ) ඉන්ධනයක් ලෙස භාවිතා කිරීමට වහාම සැලසුම් සකස්කර ක්‍රයාවට නැංවිය යුතුයි,.!
    ‘ඡාතික සම්පත්,රාඡ්‍යයේ මරමස්ථන,ධන උල්පත් කිසිලෙසකින් ඉන්දියානුවන්,බටහිරයන් සතු නොකළ යුතුයි,.!

    වහල් ගැත්තන් යදින්නනගෙන් තොර අනාගතයක් සඳහා සක්‍රීයව සැළසුම් සකස්කරමු!

  7. මිල්ලංගොඩ ඒකනායක, says:

    ඔයා කියන එකම වෙන වචනවලින් ඔයා ප.ච රණවක කියන, පා. ච. රණවක කියනව. ඔයා එයාට බනිනව. හයියෝ ලැජ්ජ නැද්ද මෙයා..?