පක්‍ෂය පිටින්ම එජාපයට එක් විය යුතුයි..- සජබ පිරිසක් සජිත්ට දන්වයි..

August 7, 2022 at 3:50 pm | lanka C news
පක්‍ෂය පිටින්ම එජාපයට එක් විය යුතුයි..- සජබ පිරිසක් සජිත්ට දන්වයි..

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යළි එකතු වී නව දේශපාලන ගමනක් ක්‍රියා යුතු බවට එම පක්ෂයට යෝජනාවක් ඉදිරිපත් සමගි ජන බලවේගය පක්ෂයට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

මේ ගැන පක්ෂය තුළ තවමත් සංවාදයක් පමණක් තිබෙන බව කී සමගි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙම යෝජනාව ගැන ඉක්මනින්ම තීන්දුවක් ගැනීමට හැකිවෙතැයි තමන් අපේක්ෂා කරන බව ද පැවසීය.

සර්වපාක්ෂික ආණ්ඩුවට සහභාගී විය යුතු බවට පක්ෂයේ ජේෂ්ඨයන් පිරිසක් යෝජනා කර ඇති බවත් තවත් පිරිසක් යෝජනා කර ඇත්තේ ආණ්ඩුවට පිටත සිට සහය දීම වඩා යෝග්‍ය බව යැයිද මහලේකම්වරයා සදහන් කලේය.

ජනාධිපතිවරයා සමඟ සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳව පක්ෂය තව දුරටත් නිල වශයෙන් සාකච්ඡා කරමින් සිටින බවද මද්දුමබණ්ඩාර මහතා තව දුරටත් කියා සිටියේය.

21,009 views

15 Comments to “පක්‍ෂය පිටින්ම එජාපයට එක් විය යුතුයි..- සජබ පිරිසක් සජිත්ට දන්වයි..”

  1. On the spot says:

    සජබය යනු එජාපයට දාව බිහිවූ දරුවෙකි. එහි ඉන්නා අයගෙන් බහුතරයක් (සුලු පක්‍ෂ හැරුන විට)එජාප පාක්‍ෂිකයෝය​.ඔවුන් අවස්ථාව පැමිණි විගස සිය මහ ගෙදරට රිංගා එහි පදිංචි වීම සාමාන්‍ය සිද්ධියකි.එහි නායක සජිත් ප්‍රේමදාසට මෙය නොතේරීමත් සාමාන්‍ය සිද්ධියකි.සජිත් සිය සගයින් බසයක පටවාගෙන ජනාධිපති රනිල් හමුවන්නට ගියත් බසයේ ගිය සෙනගින් තුනෙන් දෙකක් පමණ රනිල් වික්‍රමසිංහගේ බසයට නැග සිය ගමනාන්තය නිම කරන බව සජිත්ට නොතේරීමත් සාමාන්‍ය දෙයකි.සජබයේ සරත් ෆොන්සේකා යනු අධිතක්‍ෂේරු මේනියාවෙන් පෙලෙන මානසික රෝගියෙකි.ඔහු සිය මලපහ සියතින් ගෙන මුහුණේ තවරා ගන්නා තරමට දේශපාළණ මඩ ගොහොරුවේ ගිලී කිම්දී ස්වයං වින්දනයක් ලබන ඔළු ගෙඩිය ඇතුලේ මොළ ගෙඩියක් නැති ප්‍රාණියෙකි.එසේ මොළ ගෙඩියක් තිබුනා නම් මෙසේ විකාර කරන්නේ නැත​.ඔහුගේ දර්ශණය වෛරය​,ක්‍රෝධය ද්වේශය පමණි.එහි ගිලී සන්තර්පනය වන්නෙකුට කිසිදා විමුක්තියක් ලැබෙන්නේ නැත​.ඔහු දන්න දේකුත් නැත​,නොදන්න දේකුත් නැත​.එයින් ගම්‍ය වන්නේ නන්නත්තාර වූවෙකි.සජබය බේරා ගැන්මට අවශ්‍ය නම් සජිත් කල යුත්තේ සජබ තාවකාලික කූඩාරම ගලවාගෙන ගොස් සිරිකොතේ කොනක ඇටවීම පමණි.පසුව සජබ කූඩාරමට ගිනි තබා හිමින් සීරුවේ අලියාගේ වලිගයේ එල්ලී දිව්‍ය ලෝකය කෙසේ වෙතත් සිරිකොතේ කොත ආසන්නයේ හෝ ලැගුම් ගැනීමය​.ෆොනීට අවශ්‍ය සිහිනය ඔහුගේ අරගල දරුවන් සමග දකින්නට ඉඩ හැරීමත් කල යුතුය​.ෆොනී දවල් හීනයෙන් පියවි ලොවට එනවිට සියළු කෝච්චි පිටත් වී හමාර වනු ඇත​.

  2. Ajith says:

    එය මේ අවස්ථාවේ නොකල යුතුය

  3. Sarath Jb Rajaguru says:

    People had successfully isolated RW politically but helpless Rajapases gave him life. That doesn’t mean that his acrocoties have been accepted by people. If SP fail to understand it, It’s a proof that he is also corrupt.

  4. ප්‍රභාත් says:

    එතකොට පොහොට්ටුව එජාප සජබ පක්ශ තුනම එකතු උනා වෙනවනෙ, ඒකත් හොදයි එතකොට ඉතිරි වෙන්නෙ නියම විපක්ෂය . චන්ද දායකයන්ට හදුනාගන්ඩ ලේසියි.

  5. Ariya Ranasinghe says:

    RANIL PRAJATRANTAWADIYEK NOVA PRAJATRANTRADIPATHIYEKI!

Main News