පක්ෂ ප්‍රවර්ධන වැඩපිළිවෙල ලත් තැනම ලොප් වී ලොක්කාට තද වෙයි.. මෙහෙම ගියොත් මහ පාරේ ඇවිදින්න වෙන්නේ මටයි කියයි..

November 8, 2016 at 3:00 pm | lanka C news
පක්ෂ ප්‍රවර්ධන වැඩපිළිවෙල ලත් තැනම ලොප් වී ලොක්කාට තද වෙයි.. මෙහෙම ගියොත් මහ පාරේ ඇවිදින්න වෙන්නේ මටයි කියයි..

විශාල හඩක් නගමින් පසුගිය සතියේ ආරම්භ කල ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂයක සාමාජික ප්‍රවර්ධන වැඩපිලිවෙල ලත් තැනම ලොප් වී ඇතැයි එහි ප‍්‍රධානියෙකු දැඩි කලකිරීමට පත්ව ඇතැයි වාර්තා වෙයි.

විශාල වියදමක් දරමින් එම පක්ෂයට අවාසි දිස්ත්‍රික්කයක් තෝරා ගැනිම මෙය ඉතා අසාර්ථක වීමට හේතු වූ බැව් ඒ සඳහා සහභාගිවූ ප්‍රධාන ප්‍රභූවරයකු දැඩි කලකිරිමකින් කතා කර ඇත්තේ  කන්ද උඩරට නීයෝජනය කරමින් මෙවර මහත් පරිශ්‍රමයක් දරා පාර්ලිමේන්තුවට පැමිණි දේශපාලන සමකාලිනයකු සමඟයි.

‘මේ වැඩේ මට මේ විදියට නම් කරන්න බැහැ. මට දැන් මේ එකෙක්වත් කියන දේ විශ්වාස කරන්න බැහැ. මේක කඩිමුඩියේ කරන්න ගිහිං අපි නිකං සවුත්තු උනා’ යයි කියමින් එය සංවිධානය කල සියලු පාර්ශ්වයන්ට දැඩි කලකිරීමකින් දොස් පවරා ප‍්‍රබලයා ‘අලුත් පක්ෂයක් පිහිටිවූ දවසට උන්ට මහාපරේ ඇවිදිමින් ඉන්න වෙයි කියලා කිව්වද මට මෙහෙම ගියොත් මාව බලයට ගෙනාපු කණ්ඩායම්වලටත් එරෙහිව ගොස් මේගොල්ලන් දීපු ලනු කාලා මට මහා පාරේ ඇවිදිමින් ඉන්නවෙයි’ යයි පැවසු බව කන්ද උඩරට  ජේ‍යෂ්ඨයා  ඔහුට හිත්වත් කොළඹ ප්‍රධාන පෙලේ  වාහන ආනයන කරන තම හිතවතකුට පැවසු බැව් ඉතා විශ්වාස ආරංචි මාර්ගයකින් වාර්තා වෙයි.

19 views

4 Comments to “පක්ෂ ප්‍රවර්ධන වැඩපිළිවෙල ලත් තැනම ලොප් වී ලොක්කාට තද වෙයි.. මෙහෙම ගියොත් මහ පාරේ ඇවිදින්න වෙන්නේ මටයි කියයි..”

  1. Hitan gedara appuhami says:

    Who is this guy????. Is it myself ???????

  2. Mohammed hisham says:

    MR ge facebokk pituwa like karapu nathi aya like karanna
    menna link eka

    https://www.facebook.com/PresidentRajapaksa/

  3. Siri says:

    Aiyo Sirisena????

Main News