පක්‍ෂයේ මතය විවේචනය කරන්න එපා.. විනය කැඩීමක් සේ සලකනවා..- පොහොට්ටු ලේකම් සියළු මන්ත‍්‍රීන්ට දන්වයි..

September 14, 2020 at 3:00 pm | lanka C news
පක්‍ෂයේ මතය විවේචනය කරන්න එපා.. විනය කැඩීමක් සේ සලකනවා..- පොහොට්ටු ලේකම් සියළු මන්ත‍්‍රීන්ට දන්වයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දරන මතයට විරුද්ධව ප‍්‍රකාශ නිකුත් කිරීමෙන් වලකින්නැයි එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින් පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වෙයි.

මාධ්‍ය වෙත අදහස් පල කිරීමේ දී පක්ෂයේ මහජන නියෝජිතයන් පක්ෂයේ පොදු මතය අනුව පක්ෂය ක්‍රියා කල යුතු බවත් පක්‍ෂයේ පිළිවෙතට විරුද්ධ නොවන ආකාරයට අදහස් පළ කළ යුතු බව එම ලිපියෙන් දැනුවත් කර ඇතැයි සඳහන්ය.

රජයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින්ගන්නා තීරණ ගැන කැබිනට් මණ්ඩලය විසින් ජනතාව දැනුවත් කරන බවත් එම තීරණවලට පටහැනිව ප්‍රකාශ නිකුත් කිරීමත් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමත් පක්ෂයට සහ රජයේ ඉදිරි ගමනට හානිදායක තත්ත්වයක් මතු වනු ඇතැයිද ලිපියේ වෙයි.

එවන් ප්‍රකාශ නිකුත් කිරීම පක්ෂයේ විනය කඩ කිරීමක් ලෙස සැලකිය යුතු බවත් එනිසා එවන් අදහස් පළ කිරීමෙන් වලකින්නැයි මන්ත්‍රීවරුන්ට දැනුවත් කර තිබේ.

38,241 views

21 Comments to “පක්‍ෂයේ මතය විවේචනය කරන්න එපා.. විනය කැඩීමක් සේ සලකනවා..- පොහොට්ටු ලේකම් සියළු මන්ත‍්‍රීන්ට දන්වයි..”

  1. Dev says:

    පොදු මතයට අනුකූලව තීන්දු ගන්න ඕනෙ මුලින්ම. කාගෙන්වත් අහන්නෙ නැතුව ව්යවස්ථා සන්ශෝදන කරාම ආණ්ඩුවේ පොඩි හරි වැදගත්කමක් තියෙන මිනිහෙක්ට පුලුවන්ද ඒවා වෙනුවෙන් පෙනී ඉන්න? විවාදෙකට ගියාම උන්ගෙ රෙදිත් ගැලවෙනවා.

  2. Hesh says:

    මහින්දයි, ගෝටාභයයිනම් පිලිගත්තා 20 සන්ශෝදනයේ අඩුපාඩුකම් හදන්න ඕනෙ කියලා. මට පේන්නෙ ඒක පිලිගන්න අකමැති පුද්ගලයෙක් ඉන්නවා ගොට්ටො දාලා ඒක වලක්වන්න හදන. කවුද ඒ?

  3. උක්කුං මල්ලී says:

    අනිවා වහල්ලුන්ට විවේචනය කරන්න අයිතියක් නැහැ.

  4. බන්ඩා says:

    පක්ෂය තීරණ ගත යුත්තේ මැතිවරණ වලදි දුන් පොරොන්දු වලට අනුකූලවය්. මංත්‍රීන්ට ප්‍රසිද්ධයේ විරුද්ධ වෙන්න බැරි උනාට පොහොට්ටුව ට චන්දෙ දුන් අපට පුලුවන්.

    • LION says:

      මන්ත්‍රී වරු වහල්ලුද ? ඒ නිසාද විවේචනය කරන්න අයිතියක් නැහැ කියන්නේ ?
      ජනතාවටත් පසුව එම නීතිම ක්‍රියාකර නිහඩ කරන්න හදයිද ? එක අපට ප්‍රශ්නයක්

  5. ප්‍රේම්නාත් says:

    ඔය පක්සේ මධ්‍යම කාරක සභාවක් හෝ සාමාජික චන්දෙන් පත්වෙච්ච තීරණ ගන්න මණ්ඩලයක්වත් තියෙනවාද ආයිබෝවන්……?

    උඩ බලාගෙන කෙල ගහන්න කලින් දෙවරක් හිතුවොත් හොඳයි නේද ලොක්කා….?

  6. sunimal says:

    පක්ෂයේ මතයට වඩා මහජන මතය ප්‍රකාස කිරීමට ඒ අයට ඉඩදිය යුතුය

  7. සමන් says:

    පක්ශය නොව රට පෙරට තබා කටයුතු කරනු.

  8. "මෝඩ සිංහළයා" says:

    චන්දයට රට පාවාල දෙන කාසියේ වාසියම බලා ….
    කුලල් කා ගන්නා නිසා අධම තකතිරු …
    මෝඩ සිංහළයා නිසා 2030 අපේ රටේ බිහිවන අධිරාජ්‍යවරුන්….

    රුහුණු අධිරාජ්‍යයා- හිස්බුල්ලා මහතා
    මායා අධිරාජ්‍යයා- රිෂාඩ් බදියුදීන් මහතා
    පිහිටි අධිරාජ්‍යයා- අසාද් සාලිය මහතා

  9. kkuruwita says:

    පක්ෂයේ මතය වියයුත්තේ රටට හිතැති බුද්ධිමත් ලෙස අනාගතය දකින අයගේ අදහස් මිසක් අව්ස්තාවදී මෝඩ දේශපාලකයන්ගේ අදහස් නොවිය යුතුයි.

  10. corona says:

    Hitlers in the making

Main News