පක්‍ෂයේ මතය විවේචනය කරන්න එපා.. විනය කැඩීමක් සේ සලකනවා..- පොහොට්ටු ලේකම් සියළු මන්ත‍්‍රීන්ට දන්වයි..

September 14, 2020 at 3:00 pm | lanka C news
පක්‍ෂයේ මතය විවේචනය කරන්න එපා.. විනය කැඩීමක් සේ සලකනවා..- පොහොට්ටු ලේකම් සියළු මන්ත‍්‍රීන්ට දන්වයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දරන මතයට විරුද්ධව ප‍්‍රකාශ නිකුත් කිරීමෙන් වලකින්නැයි එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින් පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වෙයි.

මාධ්‍ය වෙත අදහස් පල කිරීමේ දී පක්ෂයේ මහජන නියෝජිතයන් පක්ෂයේ පොදු මතය අනුව පක්ෂය ක්‍රියා කල යුතු බවත් පක්‍ෂයේ පිළිවෙතට විරුද්ධ නොවන ආකාරයට අදහස් පළ කළ යුතු බව එම ලිපියෙන් දැනුවත් කර ඇතැයි සඳහන්ය.

රජයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින්ගන්නා තීරණ ගැන කැබිනට් මණ්ඩලය විසින් ජනතාව දැනුවත් කරන බවත් එම තීරණවලට පටහැනිව ප්‍රකාශ නිකුත් කිරීමත් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමත් පක්ෂයට සහ රජයේ ඉදිරි ගමනට හානිදායක තත්ත්වයක් මතු වනු ඇතැයිද ලිපියේ වෙයි.

එවන් ප්‍රකාශ නිකුත් කිරීම පක්ෂයේ විනය කඩ කිරීමක් ලෙස සැලකිය යුතු බවත් එනිසා එවන් අදහස් පළ කිරීමෙන් වලකින්නැයි මන්ත්‍රීවරුන්ට දැනුවත් කර තිබේ.

38,221 views

21 Comments to “පක්‍ෂයේ මතය විවේචනය කරන්න එපා.. විනය කැඩීමක් සේ සලකනවා..- පොහොට්ටු ලේකම් සියළු මන්ත‍්‍රීන්ට දන්වයි..”

  1. Priyantha says:

    Kaagewath katawal wahanna Oni nehane…gon theereana nogena hitiyanm harine….

  2. surath says:

    දැන් තහංචි දාන්න පරක්කු වැඩියි සර්.

  3. Rana says:

    සාගර කාරියවසම් මහත්තයෝ යමක් කරන්න ඉස්සර වෙලා අඩුමගානේ පොහොට්ටුව හදන්න මුල්වුණා පක්ෂවල නායකයෝ එක්කවත් කතාබහ කරලා ඒ අයගේ අදගස් වලටත් සවන් දෙන්න. 20වන සංශෝදනය කටත් නොපෙන්වල ගැසට් කරලා දගලනවා. විප්ස්ක්ෂය කවුද මේක හැදුවේ කියල ප්‍රසන කරනකොට හැමෝම උදබිම් බලනවා. කවුරුහරි හිතනවානම් ජනතාව පොහොට්ටුවට චන්දෙ දුන්නේ නායකයෝ දෙතුන් දෙනෙකුට ඕන විදියට වැඩ කරන්න කියල, ඒ තරම් තකතීරු වැඩක් තවත් නැහැ. පසුගිය රජයේ හිටිය “රාජකීය කල්ලිය” කල වගේ ගොන්වද කරන්න එපා. 20 පක්ෂයේ සුළු පක්ෂ වල නායකයෝ එක්ක හරි ගැසට් කරන්න ඉස්සර එක දිනයක් හරි සාකච්චා කලා නම් අද ඔය විපක්ෂයේ ඉන්න බුරු රැලට අහන්න ප්‍රශ්න නැතිවෙනවා. තමුන්ගේ මන්ත්‍රී කණ්ඩායමට විනය නිති මතක් කරන්න ඉස්සර, තමුන්ලා පක්ෂය ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදිව කටයුතු කලොත් කටත් ගුණයි.

  4. Kaliya says:

    I 100% agreed with above comment

  5. Sarath Bulathsinghala says:

    පක්‍ෂයේ මතයත් විනයත් කැඩෙන්න නැහැ කව්රුත් දැනුවත් කරලා සාකච්ඡා කරලා වඩ කරණවා නම්!

    එහෙම නැති වුනහම තමයි ඔහොම වෙන්නේ!

    රටේ ජනතාව මන්ත්‍රීන් පත් කලේ පලමුව ඔවුන්ගේ මතයත් විමසීම පිණිසයි!

  6. බන්ඩා says:

    2015 පරාජයෙන් පස්සෙ ඇමරිකාවට ගිය බැසිල් ලංකාවට ආපහු ආවෙ පොහොට්ටුව හදන්න මුල් උනේ මහින්ද සුලඟ සාර්තකත්වය ට පස්සෙය්. ඒනිසා මහින්ද සුළග හදන්න මුල් උන අයගෙ මතය විමසිය යුතුව තිබුනා.

  7. Buddhadasa says:

    I don’t think the Viyathmaga MPs can be silenced just like that. They were appointed by people not to tow the line but to do something for the country. If the government is trying to do wrong things, then it is their duty to talk against it.
    Otherwise, they might as well go home. Or Will just stay on , towing the line?

Main News