පක්‍ෂය වනසන එජාප ජ්‍යේෂ්ඨයාට දැඩි විරෝධය..

April 16, 2018 at 3:22 am | lanka C news
පක්‍ෂය වනසන එජාප ජ්‍යේෂ්ඨයාට දැඩි විරෝධය..

එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨයෙකුට විරුද්දව එම පක්‍ෂ අභ්‍යන්තරයේ දැඩි විරෝදයක් මතුව ඇත.

අගමැතිවරයාට විරුද්දව පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක් එල්ල වූ අවස්ථාවේදී එය පරාජය කිරීමට පක්‍ෂයේ මැති ඇමතිවරුන් ක‍්‍රියා කරමින් සිටියදී මෙම ප‍්‍රබලයා ඒවා මග හැර සිටි බවට චෝදනා එල්ල වෙයි.

පක්‍ෂ ප‍්‍රතිසංවිධානයේදී විවිධ තනතුරු සදහා ඉදිරිපත් වූ යෝජනා බොහෝමයකටද ඔහු විරෝදය දක්වා ඇත.

දැනටමත් මොහු සම්බන්දයෙන් පක්‍ෂ මැති ඇමතිවරුන් බොහෝමයක් නායක රනිල් වික‍්‍රමසිංහට පැමිණිලි කර ඇති බවද වාර්තා වේ.

41 views
Main News