පක්‍ෂ තීරණය නොතකා ශ‍්‍රිලනිප ඇමති පිරිසක් විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දෙන්න එයි..

April 4, 2018 at 12:00 pm | lanka C news
පක්‍ෂ තීරණය නොතකා ශ‍්‍රිලනිප ඇමති පිරිසක් විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දෙන්න එයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තීරණය කුමක් වුවද පාර්ලිමේන්තුවට පැමිණ අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දීමට ශ‍්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

සුසිල් ප්‍රෙම්ජයන්ත්, දයාසිරි ජයසේකර, ටී.බී. ඒකනායක, සුසන්ත පුංචි නිලමේ, ඩිලාන් පෙරේරා ඇතුළු පිරිසක් මෙසේ සාකච්චා කර ඇති බව සදහන්ය.

අගමැතිවරයාට ඉල්ලා අස්වෙන්නැයි ශ‍්‍රීලනිප තීරණය අනුව එම යෝජනාව අගමැතිවරයාට දැන්වූයේ ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතායි.

93 views

12 Comments to “පක්‍ෂ තීරණය නොතකා ශ‍්‍රිලනිප ඇමති පිරිසක් විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දෙන්න එයි..”

  1. Wijebahu says:

    Rilasirita ona hermita mahindayata kittuwenna.

  2. ජනක says:

    කෝටි අටක් අරගෙන රට පාවල දෙන්න සුදානම් වෙන දේශපාලුවන්ට ගමට එන්න දෙන්න එපා උන්ව ගමෙන් මෙන්ම රටෙන්ම පන්නමු

    • නැවුම් මාවත says:

      මේ වෙලාවේ ජාතික හෙළ උරුමය හැටියට රට ආරක්ෂා කරන්න ඕනා රට ආරක්ෂා කරන්නනම් රටේ අගමැති ආරක්ෂා කරන්න ඕනා නැතිනම් රට අස්ථාවර වෙනවා .unp නායකයෙක් නෑ ඊළඟ නියෝජ්‍ය නායක කම හෝ නායක කම ගන්න ඉන්නා සියල්ලන්ම මන්දබුද්දික එහෙමත් නැතිනම් නුගත් අය එහෙමත් නැතිනම් වියාපාරික අදහස් තියෙන අය හා බැංකු හොරු එවැනි අය දාගෙන රටක් ඉදිරියට යන්න බෑ.
      චම්පික රණවක මේ අවස්ථාවේ රට රැකීමේ කාර්ය මනාව ඉෂ්ට කරන්නේ එනිසයි ,එජාප නියෝජ්‍ය නායකකම දෙන්න ඕනා චම්පිකට එජාප තරුණ නායකයෝ කියල කියාගන්න විහිලු කාරයෝ වික්‍රමසිංහ මහතාව දමා යද්දී චම්පික ඔහු සමග හිටියේ තම එයිතිහාසික රට රැකීමේ කාර්ය භාරය කරන්න .
      සමහරු කියන විදියට චම්පික CIA කාරයෙක්වත් රෝ කාරයෙක්වත් නෙවෙය් ඔහු දේශප්‍රේමියෙක්

  3. ලසිත් says:

    සල්ලි වලට රට පාවල දෙන බල්ලන් ගෙදර යවමු .කෝටි 8ට රට පාවා දෙන සක්කිලි ශ්‍රීලනිප හැත්ත හදුනාගනිමු

  4. Kamal says:

    මෛත්‍රී මහ බැංකු බැදුම්කර වංචාවට යටින් උදව් කරයි…රනිල් බේරා ගැනීමට මෛත්‍රී උදව් කරන්නේ 2029 දී හංසයා දිනවීමට ය…

  5. Nalaka says:

    ලංකාවේ බලය දරන්නේ ඉංග්‍රීසි ජාතිවාදීන් ය. ඒ නිසාම රනිල්ට එරෙහි විශ්වාසභංගය ජයගත නො හැක. රට සංවර්ධය කිරීමට අවශ්‍ය නම් පළමුව කළ යුත්තේ ඉංග්‍රීසි ජාතිවාදීන් සතු අධික බලය රටේ බහුතර ජනතාවට හිමිකර දීම ය. රට එයට සූදානම්ද?

  6. Narada says:

    රනිල් පරාජය වීම යනු ඉංග්‍රීසි ජාතිවාදය පරාජය වීමයි.රට එයට සූදානම් නැත.. .මන්ද රටම පාලනය කරන්නේ ඉංග්‍රීසි ජාතිවාදීන් ය.

  7. පොඩි එකා says:

    ඡාතික ලැයිස්තුවෙන් පත් වෙච්ච ශ්‍රිලනිප ඇමතිවරු අනිවාර්යෙන් විශ්වාස භංගයට විරුද්ධව චන්දය දෙයි.. ඒ අය ලබන මහ මැතිවරණයට ඉදිරිපත් වෙන එකක් නෑ… හත්මුතු පරම්පරාවටම සරිලන ගානක් හම්බ වුනාම මොකටද තවත් මන්ත්‍රීකම්..?

  8. Kumara says:

    Eta passe rata baraganne kauda?sakra deiyoda?ane bola me rate moka baleta avath anthime gahapu padayak na..oya Rajathuma ehema kelavala penneuve?mun okkoma thakkadi..don’t believe any one..

  9. Sooraseana says:

    Kaaleakata pasuwa horung tika pardinawaa 100% mea magulata JVP ahiwuna eka tamaai loaka pudumaya nodaking anurakumaara

Main News