පක්‍ෂ ප‍්‍රතිසංවිධාන නොකරන අගමැතිට එරෙහිව විශ්වාස භංගයේදී දැඩි තීන්දුවක් ගන්න පිරිසක් සූදානම්..- ආනන්ද අලුත්ගමගේ

April 4, 2018 at 3:00 pm | lanka C news
පක්‍ෂ ප‍්‍රතිසංවිධාන නොකරන අගමැතිට එරෙහිව විශ්වාස භංගයේදී දැඩි තීන්දුවක් ගන්න පිරිසක් සූදානම්..- ආනන්ද අලුත්ගමගේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වී පක්ෂයේ පූර්ණ සංවිධානයකට ලක්කරන බවට සහතිකයක් ලබා නොදුන්නොත් අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී තමා දැඩි තීන්දුවක් ගන්නා බවත් එය අද (04දා) දින රාත්‍රි 9.30ට පාර්ලිමේන්තුවේදී දැකගත හැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් තමා ඇතුළු පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් බලාපොරොත්තුවෙන් පසුවෙන සැලකිය යුතු පිරිසක් අග්‍රාමාත්‍යවරයා සමඟ කරන ලද සාකච්ඡා මේ දක්වා සාර්ථක නොවූ බවත් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පෙර තවත් එක් සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පවත්වන බවද ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා පැවැසුවේය.

එම සාකච්ඡාවේදීත් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණොත් විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීමේදී තමා අනිවාර්යයෙන්ම දැඩි තීන්දුවක් ගන්නා බවත් පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් බලාපොරොත්තුවෙන් සිටින තවත් සැලකිය යුතු පිරිසක් ඔවුන්ට අනුව යම් යම් තීන්දු ගැනීමට ඉඩ තිබෙන බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.

– mawbima

62 views

One Comment to “පක්‍ෂ ප‍්‍රතිසංවිධාන නොකරන අගමැතිට එරෙහිව විශ්වාස භංගයේදී දැඩි තීන්දුවක් ගන්න පිරිසක් සූදානම්..- ආනන්ද අලුත්ගමගේ”

  1. Nandasoma Suriyaarachchi says:

    රට ජාතිය පමණක් නොව යූ ඇන් පී යද ආරක්ෂා වීමට නම් හොඳ කලක් යාමට නම් රනිල් ගෙදර යැවිය යුතුමය….

    එසේ නොමැතිව රනිල් ජය ගතහොත් හෙට සිට රටේත් ජනතාවගේත් පමණක් නොව, යූ ඇන් පියේද අවසානය ආරම්භ වනු ඇත…..

Main News