පක්‍ෂ 10ක නායකයන් පොහොට්ටු පක්‍ෂ නායක හමුව වර්ජනය කරති…

April 20, 2021 at 9:20 am | lanka C news
පක්‍ෂ 10ක නායකයන් පොහොට්ටු පක්‍ෂ නායක හමුව වර්ජනය කරති…

අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19 වැනිදා) පැවැති ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායක රැස්වීම විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර ඇතුළු පක්ෂ නායකයන් දස දෙනකු වර්ජනය කර ඇත.

එලෙස වර්ජනය කර ඇත්තේ ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, අපේ ජන බල පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග්‍රසය, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, යුතුකම ජාතික ව්‍යාපාරය සහ ජාතික ජනතා පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයන්ය.

රැස්වීමට පෙර අගමැති මහින්ද රාජපක්ෂ හමුවූ මෙම ඇමැතිවරුන් තම පක්ෂවලට පවතින ගැටලු මෙහිදී සාකච්ඡා කළ නොහැකි බැවින් වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා ඇත. ඔවුන්ට වෙනත් දිනයක් ලබාදීමට අගමැතිවරයා පොරොන්දු වී තිබේ.

පක්ෂ නායකයන් නොවන පිරිසකට පක්ෂ නායක රැස්වීමට ආරාධනා කිරීම නිසා රැස්වීමට සහභාගි නොවීමට ඔවුන් තීරණය කර ඇතැයි අනාවරණය වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම රැස්වීමට සහභාගිවන ලෙස මහජන නියෝජිතයන් 51 දෙනෙකුට ආරාධනා කර තිබිණි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග ගිවිසුම්ගතව ඇති දේශපාලන පක්ෂ සංඛ්‍යාව 14කි. මෙම හමුවේදී මියගිය පක්ෂ නායකයන් හා රණවිරුවන් සිහි කිරීමෙන් අනතුරුව ලෝක කම්කරු දිනය සැමරීම පිළිබඳව සාකච්ඡා කරන ලදී. කොවිඩ් වංසගත තත්ත්වය හේතුවෙන් මැයි දින පෙළපාළි නොපවත්වා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මැයි දින රැලිය පමණක් පැවැත්වීම පිළිබඳව මෙහිදී පක්ෂ නායකයන්ගේ අවධානය යොමු කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ නගර සභා ක්‍රීඩාංගණයේදී මැයි දින රැලිය පවත්වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොරැල්ල කැම්බල් ක්‍රීඩාංගණයේදී මැයි දිනය රැලිය පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැයි දින රැලිය පොළොන්නරුවේදී පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණි.

සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා මහ ලේකම් දයාසිරි ජයසේකර එක්ව සිටියහ. මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යුතු යෝජනා පිළිබඳව ඇමැති විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (18 වැනිදා) සාකච්ඡාවක්ද පවත්වා ඇත. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාව සඳහා 51 දෙනෙකුට ආරාධනා කර ඇති බව මෙහිදී අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් අගමැතිවරයාගේ සාකච්ඡාව වර්ජනය කළ ඇමැතිවරුන් තිදෙනා ඊයේ (19 වැනිදා) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී සාකච්ඡා කළ බව අනාවරණය වෙයි.

– Aruna

29,714 views

7 Comments to “පක්‍ෂ 10ක නායකයන් පොහොට්ටු පක්‍ෂ නායක හමුව වර්ජනය කරති…”

  1. Muruththettuwee Ananda says:

    මේ රටේ අනාගත සිහින කුමරා නාමල්. ගෝට පන්නා නාමල් රජකරවමු. වරාය නගරයට විරුද්ධ වෙමු.

    • kawinda says:

      eka hari. parinathayo ape ratata epa. mythreegen pasu parinatha wachanaya naayakathwa putuwata pehune nehe. ehenan Namal mallita ho anith onema kenekuta demu.

  2. Chath says:

    මෛත්‍රීය මැයි දිනයට එන්නෙ රෙදි ඇදලද? ඇවිල්ලා චන්දෙ ඉල්ලනෙ මොන පොරොන්දු දීලද?

    • ඇට නම ලස්සේ ට කතිරේ ගහපු නොන්ඩි සිමා says:

      ඔව් රනිල් දීපු සරම ඇඳන් එන්නේ. එතකොට රනිල් එන්නේ මහින්ද දීපු අමුඩේ ගහන්. මහින්ද ට නම් මැයි රරැලියට එන්න බැරි සයිස් එකක් තියෙන්නේ. එත් නාමල් එනවා රෙදි නැති බය්යොත් එක්ක. ඇයි අවුල් වගේද ?

  3. King Kong says:

    පළාත්සභා ඉල්ලන ඉන්දියාවට අඃ තැබීම හා පෝර්ට් සිටිය ඉල්ලන චීනාගේ කොණ්ඩය බැඳීම.
    ආණ්ඩුවේ නළු නිලියෝ විශිෂ්ඨ රංගනයක යෙදෙමින් පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම හෙවත් ඉන්දියාව හා මෝදිව ගොනාට ඇන්දවීම යස අගේට කරගෙන වනවා.
    ඒ අතරම පෝර්ට් සිටි ලණුව දී චීනාගේ කොණ්ඩය බැදීමද සිදුවේ.
    කෙසේ නමුත් By the way of deception ගහන රාජ්‍යතාන්ත්‍රික ගේම් හරියනකම් හොඳා,වරදිනකොට බෙල්ලම කදින් වෙන් වනු ඇත.

  4. මාක්ස්වාදී ජෙප්පා says:

    මේවා පර ජෙප්පන්ගේ කුමණ්ත්‍රන. ජෙප්පො ඇමෙරිකාව එක්ක එකතුවෙලා චීන්නු අපිට උදව් කරන එක නවත්‍තන්න හදන්නෙ. මේ රට ගොඩගන්න පුලුවන් චීනෙට විතරයි. 88/89 ජෙප්පො රටම ගිනිතියල බංකොලොත් කලා. ගෝටාබය ජනාධිපතිතුමාට මේක ගොඩගන්න අමාරු ඒකයි

    • දම්සෝ says:

      කෙටි කාලීන විසදුම සඳහා දැනට චීනයෙන් උදව් අරගෙන,දිගු කාලීන විසදුම සඳහා වහාම චීන මොඩලයේ සමාජවාදී පාලනයක් ඇතිකර ගැනීම එකම විසදුමයි.
      අද චීනයෙන් ණය හිගන බංකොලොත් පෙරේතයින් හෙට චීන මොඩලයේ පාලනයක් ලංකාවේ ඇති වනවාට කොහෙත්ම කැමති නැත.ඒ උන්ට තැන නැතිවන නිසාය.
      සමාජවාදය යටතේ ආගමට තැනක් නැති බව හෝ අද චීනයේ සමාජවාදය නැති බවට තම ඇම්බැට්ටයන් ලවා එවිට ඔවුන් කුහක ලෙස පවසනු ඇත.

Main News