පකිස්තාන අගමැතිගේ පාර්ලිමේන්තු ඇමතීම අත්හිටුවූයේ පක්ෂ නායකයන් නොවේ.. ආණ්ඩුව විසිනුයි…
February 20, 2021 at 4:40 pm | lanka C news
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
08 දින පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී (පක්ෂ නායක රැස්වීම) සභානායක දිනේෂ් ගුණවර්ධන අපහට දැන්වුයේ පකිස්ථාන ගරු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා ශ්‍රි ලංකාවට සම්ප්‍රාප්ත වන බවත්, එම පැමිණෙන අවස්ථාවේදී 2021 පෙබරවාරී මස 24 වන දින ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට තිරණය කර ඇති බවත් රජය විසින් එදින පක්ෂ නායක රැස්වීමේදී දන්වන ලදී . මෙහිදී පක්ෂ නායකයින් සියලු දෙනා එම අදහසට එකඟවිය.
නමුත් අද දින එනම් 2021 පෙබරවාරී මස 18 වන දින පැවති පක්ෂ නායක රැස්වීමේ දි සභානායක දිනේෂ් ගුණවර්ධන විසින් දැන්වුයේ පකිස්ථාන ගරු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා පෙර දැන්වු පරිදි 2021 පෙබරවාරි මස 24 වන දින ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව අමතන්නේ නැති බවය.
එම අවස්ථාවේදී මා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වශයෙන් පැවසුවේ විපක්ෂයේ සිටින සියලුම මන්ත්‍රිවරුන් ගරු පකිස්ථාන අග්‍රාමාත්‍යතුමාගේ පැමිණිම ඉතා උද්යෝගයෙන් අපේක්ෂා කල අතර නමුත් එතුමා පාර්ලිමේන්තුවට නොපැමිණෙන හේතුව කුමක් ද යන්න මා විසින් විමසන ලදි.
එහිදී සභානායකවරයා, ගරු කථානායකතුමාගේ අනුමැතිය යටතේ පැවසුවේ වාර්තමාන කොවිඩ් අර්බුදය නිසා පකිස්ථාන අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුව ඇමතිමට පෙර ගත් තීරණය වෙනස් වු බවත්, එම තීරණය ශ්‍රි ලංකා රජය හා පාකිස්ථාන රජය එකඟතාවය මත සිදු වු බවත්ය. එවිට මා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වශයෙන් පැවසුවේ මෙම තීරණය ආණ්ඩුව විසින් ගත් තීරණයක් බවත්, පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයක් නොවන බවත් සටහන් කරගන්නා ලෙසය.
අධිනිතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල, පා.ම.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක
Nawattuwe indiyawenda?
කිලෝමීටරයක්වත් නැති පාරක් හදන්න මාස 18 ක් ගත්ත කතා ඇල්ල…..!
හන්තානේ කඳු එළිකිරීමට අනුබල දුන්නේ පක්ෂ නායකයන් නොවේ..පිටි කිරි ඇල්ලා විසිනුයි…
😍–හැඳිගෑවෙන පක්ෂ කේලම්–😍
ඉන්දියාවෙන් කියන්න ඇති.
Diplomacy is an art and a science ,we will burn our fingers in no time by amateurish experiments in playing with fire..
ඕන ගොනෙකුට ඕන දෙයක් කරන්නට කියන්නට ඉඩ දිය නොහැක.කිරිඇල්ලට අවශ්‍ය නම් පකිස්ථානයට හෝ බලුකිස්ථානයට හෝ කජුකිස්ථානයට ගොස් ඕනම ගොන් කථාවක් කිව හැකිය.
ඕනම ගොනෙකුට මේ වගේ ගොං කතා කියන්න පුලුවන්?????