පකිස්තාන සංචාරයට යන ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් IPL වලින් ඉවත් කරන බව ඉන්දියාව දන්වලා..- ජාත්‍යන්තර ක‍්‍රිකට් විචාරකයෝ කියති..

September 12, 2019 at 3:00 pm | lanka C news
පකිස්තාන සංචාරයට යන ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් IPL වලින් ඉවත් කරන බව ඉන්දියාව දන්වලා..- ජාත්‍යන්තර ක‍්‍රිකට් විචාරකයෝ කියති..

පාකිස්තානය සමග තරගාවලියට එක්වුහොත් ඉදිරි ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟ සඳහා සහභාගී වීමට ඉඩ නොදෙන බවට ඉන්දීය බලධාරීන් විසින් කරන ලද තර්ජනය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දසදෙනෙකු පාකිස්තාන සංචාරයෙන් ඉවත්වූ බව පකිස්තානය විද්‍යා සහ තාක්ෂණ ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත.

ඇමති ෆවාඩ් චෞදරි සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ පකිස්තානය සමග තරගාවලියට එක්වුවහොත් ඉන්දීය අයිපීඑල් තරංගාවලියෙන් ඉවත් කරන බවට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් පවසා ඇති බවයි.

ඒ බව තමන් සමග ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයින් පැවසූ බව ද ඇමතිවරයා සඳහන් කර ඇත.

එහිදී ඉන්දීය බලධාරීන් කටයුත්ත ඉතාමත් පහත් ක්‍රියාවක් බවද ඇමතිවරයා කියා සිටී.

මේ අතර පාකිස්ථානය සඳහන් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි.

24,053 Viewers

2 Comments to “පකිස්තාන සංචාරයට යන ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් IPL වලින් ඉවත් කරන බව ඉන්දියාව දන්වලා..- ජාත්‍යන්තර ක‍්‍රිකට් විචාරකයෝ කියති..”

  1. Kadiya says:

    ඉන්දියාව කියන්නේ කවදත් ඉතා පහත් රටක්. ඕකුන්ගේ IPL වල සල්ලි නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හට සාධාරණ තීරණයක් ගැනීමට නොහැකිවීම අපට තේරුම් ගැනීමට පුළුවන්. පකිස්තාන් එය තේරුම් අරගෙන ශ්‍රී ලංකාවේ ඉන්දියන් භාණ්ඩ වලට තරඟකාරී භාණ්ඩ ශ්‍රී ලංකාවට එවිය යුතුය. සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන් ඉන්දියාවේ පහත් ගතිය දන්නවා. ඒ නිසයි IOC තෙල් අඩු මිලට දුන්නත් අපි නොගන්නේ.

  2. yvonne- chula says:

    YES IT ITS TRUE – INDIA HAD THREND RANIL NOT SEND THE CRICKETERS TO PAKISTAN

Main News