පකිස්තාන හා ඇෆ්ගනිස්ථාන සරණාගතයින් වව්නියාවේ පුනරුත්තාපන කඳවුරට.. ඉදිරියේදී තවත් පිරිසක්..

May 22, 2019 at 5:30 pm | lanka C news
පකිස්තාන හා ඇෆ්ගනිස්ථාන සරණාගතයින් වව්නියාවේ පුනරුත්තාපන කඳවුරට.. ඉදිරියේදී තවත් පිරිසක්..

පකිස්ථානයෙන් සහා ඇෆ්ගනිස්තානයේ සිට මෙරටට ආ සරණාගතයින්ගෙන් පිරිසක් ජීවිතාරක්ෂාව වෙනුවෙන් පූන්තෝට්ටම් පුනරුත්තාපන කඳවුරට රැගෙනවිත් ඇති බවටත් එම පිරිස් ඉතා සුලු කාලයකින් නැවත හිටපු රටටම හෝ තුන්වන රටකට යැවීමට රජය පියවර ගනිමින් සිටින බවට පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් ජානක රත්නායක මහතා කියා සිටියේය.

පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් වරයා මේ බව කියා සිටියේ අද (22) පූන්තෝට්ටම් පුනරුත්තාපන මධ්‍යස්ථානයේදී හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට සවයං රැකියා වෙනුවෙන් ආධාර ලබා දීමේ වැඩසටහනකට සමබන්ධ වීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමිනි.

එහිදී පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් වැඩි දුරටත් කියා සිටියේ,

‘මේ පකිස්ථානයෙන් සහ ඇෆ්ගනිස්ථානයෙන් ලංකාවට ආ සරණාගතයින් සම්බන්ධයෙන් වගකීම තිනේනේ රජයට එතකෙට රජය විසින් තීරණයක් අරන් තියනවා එක්සත් ජාතීන්ගේ සරණගාතයින් පිළිබඳ වූ කාර්යලාය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා ඒ අය සමබන්ධයෙන් අවසන් ථීරණයක් ගන්න දැනට වව්නියාව පූන්තොට්ටම පුනරුත්තාපන කඳවුරට පකිස්ථානයෙන් හා ඇෆ්ගනිස්ථානයෙන් ආ සරණාගතයින් පිරිමි පුද්ගලයින් 35 දෙනෙකු පමණ ගෙවිත් තියනවා.

මේ අය මීට පෙර හිටියේ මීගමුව පොලිස් බල ප්‍රදේශයේ නමුත් පසුගිය කාලයේ ඇති වූ තත්වයතක් එක්ක ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මේ පිරිස් මීගමුව පොලීසිය වෙතට ගියාට පසුව තමයි අපි මේ අය රජයෙන් සහ එක්සත් ජාතීන්ගේ කාර්යාල නියෝජිතයින් හරහා වවුනියාවට රැගෙන ආවේ.

නමුත් මේ සරණාගතයින් ගෙනාවේ පුනරුත්තාපනය කිරීමට නොවෙයි ජීවිත ආරක්ෂාව සඳහා මේ අය උපරිම වුනොත් තවත් මාසයක් දෙකක් මෙහෙ ඉඳියි ඉන් පසුව මේ අය නැවත ඒ අයගේ රටට හෝ පුරවැසි බාවය ලබාගෙන තුන්වන රටකට යැවීමට රජය පියවර ගනියි කියල විශ්වාශ කරනවා.

– වන්නි රොමේෂ් මධුෂංඛ

මේ සරණාගතයින්ගෙන් බොහෝ පිරිසක් ඇවිත් සෑහෙන කාලයක් නමුත් මේ අයට මේ රටේ පදිංචියක් දීලා නැහැ දැනට මේ ඉන්න 35 දෙනාට අවශ්‍ය පහසුකම් මේ පුනරුත්තාපන කඳවුරෙන් ලබා දෙනවා ඊට අමතරව එක්සත් ජාතීන්ගේ කාර්යාලය හරහා පහසුක්ම හා මුදල් ආධාරත් ලබා දෙනවා ඉදිරියේදී තවත් පිරිසක් වැඩි වීමටත් ඉඩ තියනවා එම ප්‍රමාණය 100.ත් 150ත් විය හැකියි.

නමුත් ලොකු ප්‍රමාණයක් එයි කියල හිතන්න බැහැ මොකද මේ අය හිටපු ප්‍රදේශවල දැන් ආරක්ෂාව තහවුරු වෙලා තියනවා ආරක්ෂක තත්වය දවසින් දවස හොඳ වෙලා තියනවා එහෙම වුනොත් ඒ සරණාගතයින් මෙහෙට එමෙන් වැලකී සිටියි.

39 views

5 Comments to “පකිස්තාන හා ඇෆ්ගනිස්ථාන සරණාගතයින් වව්නියාවේ පුනරුත්තාපන කඳවුරට.. ඉදිරියේදී තවත් පිරිසක්..”

  1. Critic says:

    Tell piles of lies to the nation and as a result we finally lose our motherland.

  2. Nuwan says:

    කරුණාකර ලංකාවට ගෙන්න එපා, ලංකාව සංවර්දිත නෙමෙයිනේ. ලංකාවේ මිනිස්සු ඉන්නවා සරණාගත මට්ටමෙන්, මේකත් මේ හම්බ දේශපාලුවන්ගේ game එකක් වෙන්න ඕන. මේ වැඩේ නවත්වන්න.

  3. Sunil Aththanayake says:

    Oww Bahamas’s un tika unge rata wal walata yawapalla lankawe minissu inneth boho a amaruwen …!!! Saranagathayo kiyala genalla mehe unge jaathiya bo karala ape lamainta an Agatha rata nathi karanawa para deshapalu apathayo…!!!

  4. Sunil Aththanayake says:

    Oww Bahamas’s un tika unge rata wal walata yawapalla lankawe minissu inneth boho a amaruwen …!!! Saranagathayo kiyala genalla mehe unge jaathiya bo karala ape lamainta an Agatha rata nathi karanawa para deshapalu apathayo…!!!

  5. Niru says:

    Their problems were not created by us. Now we have enough problems ourselves due to the negligence to duty by the Ponil and Sira. So enough is enough. Send them to USA and Europe who were responsible for their plight. We as tax payers cannot afford to pay a Cabinet full of refugees and these refugees as well.

Main News