පච පොලිෂ් කර ඔප මට්ටම් කරන්නේ රාජිතද.. ශ‍්‍රීලන්කන්ද..

June 17, 2017 at 10:00 am | lanka C news
පච පොලිෂ් කර ඔප මට්ටම් කරන්නේ රාජිතද.. ශ‍්‍රීලන්කන්ද..

2015 ජනවාරියේ සිට මේ දක්වා වූ කාලයේදී බදවාගෙන ඇත්තේ 126 දෙනෙකු පමණක් යයි ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය නිල වශයෙන් නිවේදනය කර තිබියදී ඇමති රාජිත සේනාරත්ත මහතා තමන් විසින් කල ප‍්‍රකාශය තව දුරටත් පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

එමගින් ඔහු යලි කියා සිටින්නේ විෂය භාර ඇමතිගේ අවබෝධයකින් තොරව ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් 1300ක් බදවාගෙන ඇති බවයි.

ඇමතිවරයා විසින් නිකුත් කල සම්පූර්ණ නිවේදනය මෙහි වෙයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙි රැකියා අවස්ථා 1300 ක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාදූන් බව තමන් කැබිනට් තීන්දූ දැනුම්දීමෙි මාධ්‍ය හමුවෙිදී ප්‍රකාශ නොකළ බවත්, වත්මන් විෂයභාර අමාත්‍යවරයා නොදැනුවත්ව රැකියා 1300 ක් පමණ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලබා දී ඇති බව පමණක් මාධ්‍ය හමුවෙිදී ප්‍රකාශ කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මාධ්‍යෙවදීන් විසින් හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් එය වරදවා විමසූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. හිටපු ආරක්ෂක ලේකම්වරයා පත් කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙ ආරක්ෂක ප්‍රධානියා සහ තවත් කිහිප දෙනෙකු තවමත් රැකියා කරන බව පමණක් තමන් විසින් ප්‍රකාශයට පත් කළ බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

මෙහිදී කැබිනට් තීන්දූ දැනුම් දීමෙි මාධ්‍ය හමුවට පැමිණි මාධ්‍යෙවිදීන්ට තමන් ප්‍රකාශ කළ දෙය තේරුම් ගැනීමට නොහැකි වී ඇති බවත්, හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රශ්නය අසන මාධ්‍යෙවිදියා ද ඒ පිළිබද නිසි අවබෝධයකින් තොරව කරුණු විමසීම මාධ්‍ය අවභාවිත කිරීමක් බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එම නිසා මාධ්‍යෙවිදීන් අවබෝධයෙන් සහ වගකීමෙන් වාර්තාකරණයේ යෙදිය යුතු බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි පිළිබද මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ හිමිකරුවන් ද අවධානය යොමු කළ යුතු බව සදහන් කරයි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

9 views

4 Comments to “පච පොලිෂ් කර ඔප මට්ටම් කරන්නේ රාජිතද.. ශ‍්‍රීලන්කන්ද..”

  1. ඩෙංගු රෝගියා says:

    එන්නේ පණුවෙක් වගේ මැති සබේට
    කන්නේ ඉහඳ පණුසේ මුුලු රට වටේට
    ඉන්නේ මාළිගා රජ කිරුල බැඳ හදේට
    මුන්නේ ජාතියෙ සාපය බීල කනමදේට

    • asaranaya says:

      දත කුණුවෙලා පණුවෝ කට තුල හිරවී,
      මූ දඟලනවා හැම අතටම පුක හිරවී,
      චතුර පුතා මොරදෙයි උගේ අත හිරවී,
      අධෝ මුකේ ගුල ඇහිරිල ඌ බයවී

  2. ප්‍රබාව says:

    ෴පාර්ලිමේන්තු ඉන්න මන්ත්‍රී සිතන්නේ මගෙන් වෙච්ච සේවය නොව මගේ ඉදිරි චන්දයේ කතිරය ගැන පමනකි෴

  3. මු තමා ලංකාවටම ඉන්න ගඬසාර කට ඇරියොත් බේගලක් කුනුවෙලා මැරෙන්නේ අවලමා?

Main News