පච රණවකගේ තවත් පච වැලක් හෙලිවෙයි.. පචයට උපන් නිසා මවුපියන් පච රණවක යයි නම තියලා..

May 13, 2020 at 3:31 am | lanka C news
පච රණවකගේ තවත් පච වැලක් හෙලිවෙයි.. පචයට උපන් නිසා මවුපියන් පච රණවක යයි නම තියලා..

පිවිතුරු හෙළ උරුමයේ පක්‍ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

ලොක් ඩව්න් කාලය පිළිබඳ පාච රණවක කියන්නේ පච

පචයට උපන් නිසා මව්පියන් පාච රණවක ලෙස නම් කළ ගණිතඥයා ලොක් ඩව්න් කාල සීමාව තුල දස ගුණයකට වඩා රෝගින් වැඩි වුණු ලොව එකම රට ලංකාවයි කියා අමුතු ගණන් හැදීමක් කළා. යම් රටක් ලොක් ඩව්න් කිරීමකට යන්නේ රෝගය පැතිරීමේ අවදානම දුටුවාට පස්සේ. ඒ නිසා අනිවාර්යෙන්ම කීප ගුණයකින් ලොක් ඩව්න් කාල සීමාව තුල රෝගින් වැඩි වීම ලෝකය පුරාම දකින්න ලැබුණු ප්‍රවණතාවයක්. ලොක් ඩව්න් කර තිබිය දී දස ගුණයකට වඩා රෝගින් වැඩි වූ ලොව එකම රට ලංකාවයි කියන එක පචයක් වෙන්නේ කොහොමද?

අපේ එකම අසල්වැසියා, ඉන්දියාව වසා දැමුවේ එහෙම නැතිනම් ලොක් ඩව්න් කලේ මාර්තු 24දා. ඒ වන විට කොවිඩ් 19 රෝගින් ගණන 499යි. දැන් 70,780යි. වර්ධන වේගය 142ක් ගුණයක්. ආසියාවේ ආදර්ශය, සිංගප්පූරුව අප්‍රේල් 3දා ලොක් ඩව්න් කරන විට රෝගින් ගණන 1144යි. දැන් රෝගින් ගණන 23,822යි. ඒ කියන්නේ රෝගින් ගණන 21ක් ගුණයකින් වර්ධනය වෙලා.

හොදට ඉඩකඩ තියෙන සමාජ පරතය හොදින්ම රකින්න පුළුවන් ලෝකයේ ලොකුම රට, රුසියාව ලොක් ඩව්න් කළ මාර්තු මාසයේ 30දා රෝගින් හිටියේ 1,462යි. දැන් ඒක 221,344 වෙලා කියන්නේ 151ක් ගුණයකින් රෝගින් වැඩි වෙලා කියන එකයි. මම නිදසුනට ගත්තේ රටවල් තුනක් විතරයි. ඒවායේ ලොක් ඩව්න් කාලය තුල රෝගින් වැඩි වෙලා තිබෙන්නේ දස ගුණයකින් නොවේ 21 ගුණයකින්, 142ක් ගුණයකින් සහ 151ක් ගුණයකින්.

තුන්වන පන්තිය සමත් සරල බෙදීම දන්නා ඕනෑ කෙනෙකුට මේ ඉලක්කම හදා ගන්න පුළුවන්. පාච රණවක මැතිතුමන්ගේ ඉලක්කම් වැරදීමෙන් පෙනී යන්නේ එක්කෝ එතුමන් තමන්ගේ තක්කඩිකමට සුපුරුදු පරිදි පචයක් කිව්වා. නැතිනම් තුනේ පන්තියේ ගණිතයවත් එතුමා දන්නේ නෑ. එතුමා අයිති ඒ දෙකෙන් කුමන කාණ්ඩයට ද කියන එක ඊ ළඟ මාධ්‍ය හමුවේ දී රටට කියාවි කියා අපි බලාපොරොත්තු වෙනවා.

කොවිඩ් 19 පාලනයේ දී ශ්‍රී ලංකාව විශිෂ්ඨ වෙන්නේ මෙහෙමයි

සංඛ්‍යා ලේඛණ විග්‍රහයක් කර ගන්න බැරි විපක්ෂයේ පුංචි පුතාලා දුවලාගේ පහසුව පිණිස අපි කොවිඩ් 19 සංඛ්‍යා ලේඛණ විග්‍රහ කරලා දෙමු. යම් රටක් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට සමත් වීමෙන් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ පරිපාලන කාර්යක්ෂමතාව සහ ජනතාව ආණ්ඩුවට සවන් දීම කෙතරම් දුරට සිදු වෙනවා ද කියන එකයි. ඒක බලන්නේ ජනගහනයෙන් මිලියනයකට සිටින රෝගින් ගණනින්. ඒක ලෝකයේ මිලියනයකට රෝගින් 546යි. නමුත් ඒක ලංකාවේ 40යි. ලංකාවේ 40ක් වන විට කටාර් වල 8,199ක් බවත් අමතක කරන්න එපා.

රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව මනින්නේ මරණ අනුපාතයෙන් සහ සුව වූ අනුපාතයෙන්. ලෝකයේ මරණ අනුපාතය 7%යි. ලංකාවේ 1%යි. මරණ අනුපාතය ලොව අඩුම රටවල් කිහිපය අතරේ ලංකාව ඉන්නවා. සුව වූ අනුපාතය ලෝකයේ 36%යි. ලංකාවේ 39%යි. ඒ නිසා තමයි ජාත්‍යන්තර දර්ශක සකසන අය වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයත් ලංකාව කොවිඩ් 19 මර්දනය සඳහා ගත් ක්‍රියාමාර්ග අගය කරමින් ලංකාව ලෝකයට ආර්දශයක් කියන්නේ. එය දරාගන්න බැරි විපක්ෂය, මෙහි කොටස්කරුවෙක් නොවුණු විපක්ෂය, මේ ක්‍රියාවලියේ දී කකුලෙන් අදිමින් පච කියමින් ආණ්ඩුව රටට ලබාදුන් ජයග්‍රහණය හෑල්ලු කිරීමට අසාර්ථක උත්සාහයක නියැළී ඉන්නවා.

ලංකාවේ බැංකු ලාභ ලබන්නේ මෙහෙමයි.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බංකොලොත් වීමේ අවදානමකට ලක් වී ඇති ව්‍යාපාර සරණ පතා යන්නේ තමන්ගේ බැංකුව වෙත. පසුගිය මාස දෙකේදී ශ්‍රී ලංකා මහ බැංකුව හරහා විවිධ මූල්‍යමය සහන ව්‍යාපාරිකයන්ට ලබා දෙන්න කියලා රජය විසින් ඉල්ලීමක් කර තිබෙනවා. නමුත් බැංකු නම්‍යශීලී නොවී ශයිලොක් න්‍යායෙන් මස් රාත්තලම ඉල්ලන බවට ව්‍යාපාරිකයින් චෝදනා නගනවා. මේ ණය ලබාදීම ප්‍රමාද කිරීම හරහා ව්‍යාපාර දහස් ගණනක් වසාදැමීමට ලක්ව රැකියා ලක්ෂ ගණනක් අහිමි වීමේ අනතුරක් මතුවී තිබෙනවා. සම්ප්‍රදායික ලෙස මේ අවස්ථාවේත් ඇප පිළිබඳ තදින් ක්‍රියා නොකර නම්‍යශීලි වෙන්න කියා අපි බැංකු වලින් ඉල්ලනවා. පසුගිය වසරේ එක් එක් බැංකුව බදු ගෙවීමෙන් පසු ලැබූ ලාභය අපි සොයා බැලුවා. කොමර්ෂල් බැංකුව මිලියන 18,057යි. ලංකා බැංකුව මිලියන 17,590යි. මහජන බැංකුව 13,012යි. සම්පත් බැංකුව මිලියන 11,983යි. හැට්න් නැෂනල් බැංකුව 11,558යි. මේ දැවැන්ත ලාභය උපයා දුන්නු ගනුදෙනුකරුවන් තමයි දැන් අමාරුවේ වැටී තිබෙන්නේ. ඒ නිසා බැංකු විසින් යම් අවදානමක් අරගෙන ආර්ථික අර්බූදයෙන් ගොඩ ඒමට ව්‍යාපාරිකයින්ට සහන සැලසිය යුතු යැයි අපි යෝජනා කරනවා.

ප්‍රශ්න සහ පිළිතුරු

ප්‍රශ්නය : විපක්ෂය දිගින් දිගටම පාර්ලිමේන්තුව යළි කැඳවන්න යැයි කියනවා. මෙහි යටි අරමුණක් තියෙනවා ද?

පිළිතුර : එජාපයට තියෙන්නෙ බොහොම සරල යටි අරමුණක්. පාස්කු ප්‍රහාරය එල්ලවූ පසුව සමහරු කිව්වනේ බෝම්බ ගහයි හැබැයි මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ කියලා. අන්න ඒ වගේ සජිත් ප්‍රේමදාස මැතිතුමා හිතන් හිටියේ එතුමන් පක්ෂය කඩාගෙන ආවහම මහින්ද රාජපක්ෂ මැතිතුමන් වටා ජනතාව පෙලගැහැණු ආකාරයටම එජාප පාක්ෂිකයා තමන් වටා එක්රොක් වේවි කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා හිතන් හිටියේ අපි තමයි සාම්ප්‍රදායික පක්ෂය. පක්ෂය අතහැරලා පාක්ෂිකයා යන එකක් නැහැ කියලා. ඒගොල්ලො දෙකට බෙදිලා එජාප පාක්ෂිකයන් වෙතට ගියා. නමුත් පාක්ෂිකයා කිව්වේ දුර්වල වෙලා ඉන්න වෙලාවේ තවත් දෙකට බෙදී රණ්ඩු වෙනවා නම් දෙපිරිසම අපට එපා කියලයි. බෙදීම නිසා මන්දෝත්සාහි එජාප පාක්ෂිකයන් මේ දෙපිරිසෙන්ම කාටවත්ම සහාය දෙන්නේ නැහැ. ඒ නිසා මේ අයට දැන් සමගි වෙන්නට ඕනෑ. එහෙම වෙන්න තියෙන ලොකුම බාධාව තමයි ලංකාව පුරාවටම මේ අය පිල් දෙකක් ලෙස නාම යෝජනා බාර දීලා තියෙන එක. මොකද දැන් සමගි වුණත් ඡන්දය ආවහම දෙකට බෙදී රණ්ඩු වෙවී තමයි ඡන්දය කරන්නට වෙන්නේ. එජාපය යළි සමගි කිරීමට නම් දැන් කළ යුත්තේ නාමයෝජනා අහෝසි කිරීමයි. එය කළ හැක්කේ පාර්ලිමේන්තු පනතක් හරහා පමණයි. ඒ සඳහා තමයි ඔවුන් පාර්ලිමේන්තුව කැඳවන්න යැයි කියන්නේ. එය නොවුණු නිසා තමයි දැන් අධිකරණයට ගිහිල්ලා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අහෝසි කරලා දෙන්න කියලා ඉල්ලීම කරලා තියෙන්නේ. දෙමළ බෙදුම්වාදී බලවේගයන්ට ද අවශ්‍ය තමන්ගේ මේ බලවත් නියෝජිතයා දුර්වල වීම වලක්වා ගන්නයි. ඒ නිසා එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා හරහා මේ දෙපාර්ශවය සමගි කරවීමේ කපුකමක් දියත් කර ඇති බව තමයි අපට ආරංචි.

ප්‍රශ්නය : චම්පික රණවක අමාත්‍යවරයා දිගින්දිගටම රාජපක්ෂවරුන්ට චෝදනා නගනවා. ඔබතුමා මොකද ඒ ගැන කියන්නේ?

පිළිතුර : 2015 ජනාධිපතිවරණ වේදිකාවේ මෙතුමා කිව්වෙ අධිවේගී මාර්ග වලින් මහා පරිමාණ ලෙස ගසා කෑවා කියලයි. එතුමා එදා කතා කළේ මෙගාඩීල් ගැනයි. නොරොච්චෝලෙන් ගසා කෑවා අධිවේගී මාර්ග වලින් ගසා කෑවා යනාදී වශයෙන් තමයි එතුමා සඳහන් කළේ. ඒ නිසා මේ රටේ ජනතාව මෙතරම් රට හදපු මේ රට බේරාගත් රාජපක්ෂවරුන් ගෙදර යවලා ඔවුන්ට බලය ලබා දුන්නා. වසර පහක් බලයෙ හිටිය නමුත් මෙගා ඩීල් එකක් තබා සිඟිති ඩීල් එකක්වත් ඔප්පුකර පෙන්නුවා ද වරදක් කරා කියලා. ඒ නිසා එදා මෙගා ඩීල් ගැන මෙගා පච කී ආකාරයෙන්ම එතුමා නැවතත් තමන්ගේ සුපුරුදු පචය පටන් අරගෙන තියෙනවා.

පක්ෂ ලේකම් උපුල් විජේසේකර නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරලගේ යන මහත්වරුන්ද මාධ්‍ය හමහුව හා එක් විය.

51,984 Viewers

15 Comments to “පච රණවකගේ තවත් පච වැලක් හෙලිවෙයි.. පචයට උපන් නිසා මවුපියන් පච රණවක යයි නම තියලා..”

  1. සා-ජිත් says:

    ඔය විදිහට චංදයට යන එක සා-ජිත් ලගෙ බලවේගෙ ඇඟට ගුනයි.බැරි වෙලාවත් ආයේ නාමයෝජනා ආවොත් සා-ජිල බිංදුවටම බස්සල තමයි ඉඩක් දෙන්නෙ.තිස්ස අත්නායකලට යන එනමං නැතිවෙනව. සා-ජිත් නිකම් ගොබ්බයෙක් වග ඔප්පුකරගන හමාරයි. ජනාධිපති වුණාම ගෙදර ඉඳන් වැඩ කරන මිනිහ විපක්ෂ නායක කාර්යලය තවම අල්ලා ගෙන.ඔහුගේ ප්ලැකනිල් නිර්දේශය හා ඉංග්‍රිසි හාස්‍යෝත්පාදක කතා වෙලා.

    • Rasika says:

      දහ ගුණයකින් වැඩි වුනු එකම රට ලංකාව තමයි . අනික් රටවල සිය ගුණයකටත් වැඩි 😁

  2. Samarakone says:

    A really very logical and truthful explanation. Thank you Mr. Gammanpila.

  3. එක්නැලිගොඩ says:

    ගැලෙව්වා නෙද පචයගෙ රෙද්ද

    • Rasika says:

      දහ ගුණයකින් වැඩි වුනු එකම රට ලංකාව තමයි . අනික් රටවල සිය ගුණයකටත් වැඩි 😁

  4. වසන්ත says:

    මෙම කතාව කියනවිට තමයි තෙරෙන්නෙ චම්පික මොනතරම් බොරුවක් ද මෙම කියල තියෙන්නේ කොරොනා ගැන.

  5. දියරකුස් says:

    පචයා ඇතුලු යූඇන්පී ජේවීපී බලන් හිටියෙ ලෙඩේ පැතිරිලා අහින්සක ජනතාව මැරෙනකම් . එදා පාස්කු ප්‍රහාරය ගැන දැනගෙනත් පල්ලි ගිය අහින්සකයින් ,කුඩා දරුවන් මැරෙනකම් බලන් හිටියා.ජෙප්පන්ටනම් කුඩා දරුවන් මැරීම විනෝදයක්.1988/1989. කාලෙ කිරි බොන දරුවන් පොලවේ ගහල,ගස්වල ගහල මැරුවෙ.මෙම නඩයට චන්දයේදී පිලිතුරු ලබාදීම ජනතාවගේ වගකීමක්.

  6. ආලපාලුවා says:

    පචයාගේ අම්මායි තාත්තායි මොන තරම් දුර දිග බලලා නම දාලා තිබෙනවා ද? අන්න දෙමව්පියන්.

    මේකා මේ දිවේ කටේ ගෑවෙන්නේ නැතුව බොරු කියන්නේ අපි උපන් ගෙයි මෝඩයෝ කියලානෙ. ඊ ලග ඡන්දයේ දී මූට පාඩමක් උගන්නනවාමයි

  7. ආරිය says:

    පචයාගේ පච වැල් කිචවෙන කාලේ මේක

  8. පංකු says:

    රනවක හීන දැක්කෙ ජනාධිපති වෙන්න හැබැයි උන්දැට ලගින්න වෙන්නෙ හිරේ. කලදේ පලදේ. ජාති ද්‍රෝහීන්ට සමාවක් නෑ.

  9. NUwan says:

    පචය හිතන් ඉන්නේ එදා වගේ අදත් මිනිස්සු රැවටන්න පුලුවන් කියලා.

  10. Please do not spend Public money to old version of the HORA MP’S

  11. mangala says:

    අනේ අපේ ජනාධිපති වෙන්න ඉන්න මුට සුදුසු කම් තිබෙනවා

Leave a Comment

Main News