පටන් ගත්තේ මමයි දුමින්දයි විතරයි.. අන්තිමේදී ශ‍්‍රීලනිප 23ක් රනිල්ට පක්‍ෂයි.. අපි රනිල් රකින්නේ එහෙමයි..- මනූෂ

November 25, 2018 at 3:27 am | lanka C news
පටන් ගත්තේ මමයි දුමින්දයි විතරයි.. අන්තිමේදී ශ‍්‍රීලනිප 23ක් රනිල්ට පක්‍ෂයි.. අපි රනිල් රකින්නේ එහෙමයි..- මනූෂ

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සදහා එක්සත් ජාතික පෙරමුණ ඇතුළු පුළුල් සන්ධානයකින් තරග කරන විට එයට එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් සූදානමින් සිටින බවත් රස්තියාදුකාර දේශපාලනයට රට තුළ ඉඩක් ලබා නොදෙන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසීය.

ඇමැතිධූරයෙන් ඉවත්වීමෙන් පසුව පළමු වරට එක්සත් ජාතික පක්ෂයේ රැළියකට එක් වෙමින් ඔහු මේ බව පැවසුවේය. එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ගාල්ල දිස්ත්‍රික් නායක වජිර අබේවර්ධන මහතාගේ නිවසේදී පැවති අතර එහිදී මනුෂ නානායක්කාර මහතා මේ බව පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා මෙසේද පැවසුවේය.

කාලෙකට පස්සේ ප්‍රියතාවයකින් යුතුව කතා කිරීමට අවස්ථාවක් මට ලැබුණා. ඇත්තටම ආදරය කරන ජනතාවක් ඉදිරියේ කතා කිරීමට අවස්ථාව ලැබෙන එකත් පිනක්.

අපිට හුස්ම ගන්න ඔක්සිජන් ඕන. ඔක්සිජන් නැතිවුනාම අපිට හුස්ම ගන්න විදියක් නැතිව මැරෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයත් මේ වගේ තමයි. ප්‍රජාතන්ත්‍රවාදය තියෙනකොට අපිට ඒකේ අගයක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදය නැතිවුනාම තමයි අපිට ඒකේ වටිනාකම දැනෙන්නේ. පහුගිය අවුරුදු තුනහමාර තුළ අපිට නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය තිබුණා.අපිට එහි අගයක් තිබුණේ නෑ. ජනවාරි 8 වැනිදා ඔබ ඉල්ලුවේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, සුදුවෑන් නතර කරන්න කියලයි. ඒ දේවල් පසුගිය කාලයේදී ඉටු කළා. ඒත් දැන් නැවත ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ වැටිලා. නීතිය පැත්තකට දාලා සුපුරුදු රස්තියාදුකාර දේශපාලනයට රට ගෙනයන්න හදනවා. මේ නිසා තමයි ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය වෙනුවෙන් අපි තීරණයක් ගත්තේ. අපි ඒ රස්තියාදුකාර දේශපාලනයට ඉඩක් දෙන්නේ නෑ.

රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට විරුද්ධව දැන් ටික කාලයකට කලින් විශ්වාසභංග යෝජනාවක් අරගෙන ආවා. ඒ වෙලාවේදීත් අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහාය ලබාදෙමින් විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කළා. මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන්න කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන මැතිවරණය පරාජයට පත්වෙලා තිබුණේ. ඒ වෙලාවෙත් මේ විදියට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුනා. රනිල්ට විශ්වාසභංගයක් ගෙනැත් හොර පාරෙන් මහින්ද රාජපක්ෂ අගමැති කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වුනා. නිමල් සිරිපාල ද සිල්වා තාවකාලික අගමැතිවරයා විදියට පත් කරනවාය කියන කතාව එස්.බී. දිසානායක ඇමැතිවරයාගේ කටින් එළියට පැන්නා. ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා අපිට තේරුනා. ඒකට විරුද්ධව මම, දුමින්ද දිසානායක ඇමැතිතුමා ඇතුළු කණ්ඩායම තැන තැන හමුවෙන්න ගත්තා. පටන්ගන්නකොට අපි දෙන්නයි, තුන්දෙනයි හිටියේ. ඒත් විශ්වාසභංගය ඉදිරිපත් කරන අවස්ථාව වන විට හිටියේ නම දෙනෙයි. විශ්වාසභංගයට ඡන්දය ගන්න වෙලාව වන විට අපිට ඒ සංඛ්‍යාව විසි තුන දක්වා වැඩි කරගැනීමට හැකිවුනා.

ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අයින් කරන්න හැදුවා.ඊට පස්සේ අගමැතිකමින් අයින් වෙන්න කියලා පණිවුඩ යැව්වා. එහෙම අයින් කරගන්න බැරිවෙනකොට බැසිල්ලා, මෛත්‍රීලා, එස්.බී. ලා තැන් තැන්වල කුමන්ත්‍රණ කරන්න ගත්තා. නීත්‍යානුකූල ක්‍රමයෙන් ඉවත් කරන්න බැරිවෙනකොට නීති විරෝධිව රනිල් වික්‍රමසිංහ මහත්තයා අයින් කරන්න උත්සාහ ගත්තා. ඒ කුමන්ත්‍රණය සිදුවෙනකොට වජිර අබේවර්ධන ඇමැතිතුමයි, මමයි, රනිල් වික්‍රමසිංහ මහත්තයයි ගාල්ලේ උත්සවයකට සහභාගීවෙමින් සිටියා. මට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කතා කරලා ඉක්මනින් කොළඹ එන්න කියලා කිව්වා. මම උත්සවය ඉවර වෙලා කොළඹට යනකොට ඒ රැස්වීම ඉවරයි. මම ගෙදර එනකොට මෙන්න මහින්ද රාජපක්ෂ අගමැති විදියට දිවුරුම් දෙනවා ටී.වී. එකේ පෙන්නනවා. ඒක අපි දන්නේ නෑ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරන්න ආපු දුමින්ද දිසානායක ඒ බවක් දන්නේ නෑ. කුමන්ත්‍රණකාරී විදියට යමු අපි දෙන්නා හද පානේ කියාගෙන දෙන්නා අගමැතියි ජනාධිපතියි බවට පත්වුනා. මේකේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය මොකක්ද? පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂට බහුතරයක් තියෙනවාද කියලා ඇහුවද? රනිල් වික්‍රමසිංහ මහත්තයාට අකමැති අය ඉන්නවාද කියලා ඇහුවද? මේ කිසිම දෙයක් අහන්නේ නැතිව තමයි ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරලා අලුත් අගමැතිවරයෙක් පත් කළේ.

අගමැතිවරයෙක් ඉවත් කරන්න නම් විශ්වාසභංග යෝජනාවක් ගේන්න ඕන, එහෙම නැතිව අගමැතිවරයා ඉවත් කරන්න බෑ කියලා සුසිල් ප්‍රේමජයන්තයි, ජී.එල්. පීරිස් මාධ්‍ය ඉස්සරහට ඇවිත් කියනවා. අපිත් කියන්නේ ඒඅකම තමයි. අගමැතිවරයෙක් ඉවත් කරන්න නම් විශ්වාසංභග යෝජනාවක් ගේන්න ඕන. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉවත් කරන්න ගෙනාපු විශ්වාසභංග යෝජනාව කෝ? ඔහු ඉවත් කළේ කොහොමද? වැරදි ක්‍රමයට, නීති විරෝධිව කරපු මේ ක්‍රමයට විරුද්ධව තමයි අපි නැගී සිටියේ. මේ වෙලාවේ අපි කණ්ඩායමක් එකතුවෙලා සාකච්ඡා කළා. මේකට විරුද්ධව ගන්න ඕන ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කළා. අවසානයේදී අපිට නොයෙක් බලපෑම් එල්ලවුනා. සමහර මැර මන්ත්‍රීවරු ගෙදරට ඇවිත් ඇමැතිකමක දිවුරුම් දෙන්න එක්කගෙන යන්න හැදුවා. ඒ වෙලාවේ තමයි වජිර අබේවර්ධන ඇමැතිතුමා කතා කරලා අමතර ආරක්ෂාවක් ඕනද කියලා ඇහුවේ. ගයන්ත ඇමැතිතුමා දැන් අපේ පැත්තට එනවා නේද කියලා ඇහුවා. වජිර ඇමැතිතුමා මාව වාහනයේ දාගෙන කාටත් හොරාට ගිහින් රනිල් වික්‍රමසිංහ හමුවීමට ගියා. අවශ්‍ය වේලාවට තීන්දු තීරණ ගන්න පොරොන්දු වුනා. මේ වෙලාවේ මම තනියම එන්නද කියලා ඇහුවම කණ්ඩායමත් එක්ක එන්න කියලා කිව්වා. කණ්ඩායමත් එක්ක එන්න හදනකොට කණ්ඩායම පොඩ්ඩක් පස්ස ගැහුවා. ඒ පස්සේ තීරණයක් අරගෙන එන්නයි

ඒත් මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයේ සමහරු සල්ලිවලට ආණ්ඩුවට යන්න අරගෙන තිබුණේ. තවත් එක්කෙනෙක් හරි සල්ලිවලට ගියොත් කියලා හිතපු නිසා මම අවධානම අරගත්තා. මුස්ලිම් කොංග්‍රසයේ අය, රිෂාඩ් බදියුදීන්ලා ඇමැතිධූරවල දිවුරුම් දෙන්න සූදානමක් තියෙනවා කියලා කිව්වා. මේ වෙලාවේ තනියම හරි එන්න කියලා මට කිව්වා. මම බිල්ලට එන්නම්, දුවන කෝච්චියට බෙල්ල තියලා නවත්තන්නම් කියලා මම තනියම තීන්ව ගත්තා. ඒ තීන්දුව ගත්තේ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන්න. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නයි.

එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ මම හැදුන තැන. මගේ තාත්තා මාව හදපු තැන. එක්සත් ජාතික පක්ෂය කියන්නේ මගේ තාත්තා ජීවිතය පූජා කරලා ආරක්ෂා කරපු පක්ෂය. රකින්න ඕන වෙලාවට එන්නේ නැතිනම් වැඩක් නෑ. මම පක්ෂය රකින්න ඕන වෙලාවට, පක්ෂය අමාරුවේ වැටෙන වෙලාවේ පක්ෂය ආරක්ෂා කරන්න මම තීරණයක් ගත්තා.

දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුත් තීරණයක් ගන්න හදන්නේ. කොළඹ නව නගරශාලාවට එක්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකයින් එකතු වෙනවා. ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකට එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ පුළුල් සන්ධානයක් ගොඩනගන විට එයට එක්වී තරග කිරීමට මේ කණ්ඩායම් සාකච්ඡා කරනවා. තව මන්ත්‍රීවරු, සංවිධායකවරු, පළාත් පාලන මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් එකතුවෙනවා. අපි සියලුම වාද භේධ අමතක කරලා, ශක්තිමත් එක ගමනක් ඉදිරියට යමු

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, බන්දුලාල් බණ්ඩාරිගොඩ, විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරු, ආසන සංවිධායකවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

– මනුෂ නානායක්කාර මාධ්‍ය ඒකකය

122 views

42 Comments to “පටන් ගත්තේ මමයි දුමින්දයි විතරයි.. අන්තිමේදී ශ‍්‍රීලනිප 23ක් රනිල්ට පක්‍ෂයි.. අපි රනිල් රකින්නේ එහෙමයි..- මනූෂ”

  1. indunil says:

    maha bankuwae kalu salli………………….?

  2. මුලින්ම UNP. ඊට පස්සේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ. ඊට පස්සෙ ඒකාබද්ධ විපක්ෂයේ. ඊටත් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ඊට පස්සේ අලුත් ආණ්ඩුවේ. දැන් ඉතින් එක්සත් ජාතික පක්ෂයේ. මූ නං කොහොමටත් විස්වාස නෑ. හරියට අනුර කුමාරයා වගේ. අපරාදේ අර නිලිය.

  3. 2015 දී දි.මු. අගමැති පුටුවෙන් විසි කරලා
    රනිල් වාඩිවුනේ .විශ්වාශබංග යෝජනාවකින්ද බොල දිවදෙකේ කබරයෝ!

  4. NAK says:

    Moo nam balu kiwwata paadadama padada ballek. ballo paw moota balla kiwwata.

  5. chan says:

    this man didnt have money to pump fuel to the private vehicle.

    • DESHAPREMIYA says:

      Has he forgotten the incident that his father expelled, then Brtish High Commissioner David Glastone in 1991,for his undue intervention in our
      internal matters. Also the Saudi Arabia ordered
      the Canadian Ambassador to leave within 24 hours. Philippine president ,once very arrogantly
      crticised their U S. ambassador,for his intervention in the Elections.The majority people
      in our Motherland are prepared to undergo any type of hardships and any period of austerity ,without bowing down to their undue, unjust interventions,as a Nation which has a self_respect,without behaving as slaves of those past imperialists,who have committed innumerable crimes against the humanity.

  6. Roger says:

    Robbing the Central Bank, getting huge commissions on central expressway and highway contracts during past 3 years is this the democracy you are talking about?

  7. Gayantha says:

    ඊලග චන්දයෙන් ගෙදර. කොහොමත් එහෙට මෙහෙට පනින වසන්තලා, මනූශලා, රාජිතලා, එස්බිලා පරද්දන්න ඕන චරිත

  8. UNP GAL IBBA says:

    මේ වගේ පිංගුස්තේරුවෝ ටික ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයෙන් හැලුනනම් කියලා වැඩක් නැත නිකම්ම පොහොට්ටුව ගොඩ මතක තියාගනිල්ලා ශ්‍රීලංකා නිදහස් පක්‍ෂිකයිනි නුඹලාගේ එක චංඳයක් වත් මේ සක්කිලියාටා දෙන්න එපා බැරිවෙලාවත්?????

  9. bukipala says:

    ethakota wenne, chanden passe list eken 23k ganna wenawa. giyapara siri ta kade giye chandeta kalin 13i, 13nama peraduna, galle piyasena lokkata udin ynna puluwan minihek hitiye ne. hebei sirita help kara witharai, kelawila giya, me parath wenne ekama thamai, chande thiyla oyla goda yann be. apith unp thamai meeta kalin hebei chande denne ne

  10. kkkoooo says:

    ayi yako tho amathi kamakath diurum donna neda. tho mepaththata awe nomile. ayi giye salli walata.

Main News