පඩි ගෙවන්න සල්ලි නෑ.. ප‍්‍රධාන රාජ්‍ය අයතනයකින් සේවකයන්ට දන්වති…

July 7, 2021 at 11:20 am | lanka C news
පඩි ගෙවන්න සල්ලි නෑ.. ප‍්‍රධාන රාජ්‍ය අයතනයකින් සේවකයන්ට දන්වති…

මෙම මාසය සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන්ට වැටුප් කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබේ.

සංස්ථාවේ සභාපතිවරයා ඒ බව සඳහන් කළ බව ඒකාබද්ධ ඉංජිනේරු සේවා සේවක සංගමය සඳහන් කරයි.

සංගමයේ නියෝජිතයන් සහ සංස්ථා සභාපති වරයා අතර ති සාකච්ඡාවක දී ඉංජිනේරු සංස්ථා සභාපතිවරයා මේ බව ඔවුන්ට දැනුම් දී තිබේ.

පසුගිය මාස දෙකේදී සංස්ථා සේවක වැටුප් ගෙවා ඇත්තේ මුදල් අමාත්‍යාංශයෙන් දෙන ලද සහනයක් මත බවද සභාපතිවරයා පෙන්වා දී ඇත.

නමුත් මෙම මාසයට වැටුප් ගෙවීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයි ද සභාපතිවරයා පවසා තිබේ.

සංගමයේ කැදවුම්කරු දුමින්ද නාගමුව මහතා මේ තොරතුරු තහවුරු කලේය.

103,218 views

14 Comments to “පඩි ගෙවන්න සල්ලි නෑ.. ප‍්‍රධාන රාජ්‍ය අයතනයකින් සේවකයන්ට දන්වති…”

  1. පිං පඩි රාජ්‍ය සේවය says:

    ඇත්තටම ගෙදර ඉන්න රාජ්‍යසේවකයින් මොනවත් කරන්නේ නැහැ, වැඩට එන උනුත් කොවිඩ් වැක්සින් ගහල තියෙද්දිත් ලොකු සීන් දාගෙන වැඩ පරක්කු කරනවා . සමහරු කොවිඩ් තියෙන කෙනෙක් වාර්තා වෙනකල් ඉන්නේ ,දින 14ක් ගෙදරට වෙලා ඉන්න.ඒ ඉඳල ත් වැඩට ආපු දවසේ තමන්ගේ අතපසු වුනු වැඩ හොයල බලන්න එකෙක් පෙළඹෙන්නේ නැහැ
    මුන්ට පඩි දෙන්න බදු ගෙවන පුද්ගලික අංශයේ බහුතර වැඩ හිතලම පරක්කු .පගාවක් ලැබුනොත් සතියක් යනව කියපු වැඩේ එසැනින් ………

    ලංකාව මේ තත්වේ තියෙන්න කුහක රාජ්‍ය සේවකයෝ වැඩිමනත් වගකියන්න ඕනේ.

    • Sumanasiri says:

      Jatapass ayada ethuluwa. Ara 226 denata nam kohoma Hari gewayi. Puduma sewayak ne karanne…panathak kiyawa therum ganna beri ayada innawa

  2. SLCommunity says:

    සියලුම පාඩු ලබන රාජ්‍ය ආයතන නිසි ඇගයීමකට ලක් කර වැඩ නොකරන සියලුම දෙනා සේවයෙන් ඉවත් කර ඒ සදහා නවක සෙවකයන් බදවා ගෙන එම ආයතන පුද්ගලික ආයතන මෙන් ලාබ ලබන ආකාරයට පත් කල යුතුයි. එමගින් රටේ ජනතාවට මෙන්ම රටටද සෙතක් සැලසෙනු ඇත.

    • මරා says:

      මේටික කරන්න අපි තව රාජපස්ස කෙනෙක් ගේමු…. වැඩේ ලේසි වෙයි

      • Sam says:

        නාමල් තාම මෙකට ගැලපෙන එකම සුදුස්සා. Dr Roket රෝහිත් හොඳයි, එයා කැමති නම්

  3. ගිජුලිහිණි සංදේශය says:

    කටේ නරි වදන් රෙද්දෙන් බේරෙන්නේ
    “මල්ලී පෙන්නලා අය්යාවය් දුන්නේ”
    කොරේ පිටට මරයකි ළඟ ළඟ එන්නේ
    දොරටුපාලයා රජ වෙන්නයි යන්නේ

  4. 3% ට බය බයියා. says:

    වෙනස ෂැපද ………….

    • වෙනස සැප වුනේ හරක් විජේසුරියටනේ. නිකන් පරණ රෙකෝඩ් ගහන්නැතිව හිටපන් බන්. මේ වෙනසනම් සැපයි තමයි. තවම බැංකු හොරු , කුඩුකාරයෝ, කාර්වලට මිනිස්සු හප්පලා පැනලයන උන් නිදහන හොරු එහෙම හම්බුනේ නැනේ. හැබැයි තොගේ පහුගිය වෙනස වෙලා නම් සති දෙකෙන් බඩු ආවා.
      අනේ ගොනෝ අනික මේ කතාව කියන්නේ දුමින්ද නාගමුව කියන අර පරණ ජේවීපී කාරයා නේද. උන් නිකන් තොපිවගේ ගොන්නුන්ට ආතල් දෙන එක තොපිටනම් ලොකු සැපක් තමයි.

  5. චන්ද දායක says:

    චීනෙට විකුනමු. සිම්පල් නෙ. පඩියි බෝනසුයි දෙකම ගෙවන්න පුලුවන් .

  6. හොසිල් බැරා says:

    මං 8 වෙනිදා එනවා . බයවෙන්න එපා මං ඔයාලාට පඩි දෙන්නං

  7. LalithM says:

    රජයේ සේවයට වැඩිපුර පින් බත් කන්න පුරුදු කලේ ස රස්සා දුන්නාට පස්සේ. කොවිඩ් හින්දා ඒක ඩබල් වෙලා. උන් නිකම් පඩි ගන්නවා. පුද්ගලික අංශයේ සේවය කරන අය උන්ටත් එක්ක වැඩ කරනවා.ඒත් ප්‍රතිලාභ ලබන්නේ රජයේ සේවකයෝ.රටක් මෙහෙම දුවන්නේ කොහොමද

  8. Elmo Perera says:

    all comments indicate that theses ‘ Dead Loss” Institutions should soled to the Private sector.More we delay deeper will be the financial crisis Govt will fall in to

  9. PVJ Fernando says:

    Yes..this may be true. Gradually they distroy the whole country. Initially sri lanka agriculture. Anothwr two years therewont be any agri production. Then important government institutions.they are the country important sector.. then they finish it. Grafually they hit country economy. Finally counyry become powerest country in the region. Then chinavwill purchase..lands.. they produce rice with “organic npk” from china

  10. PVJ Fernando says:

    මෙය පුදුමයට කරුනක් නොවෙ . පලමුව රටේ කෘෂිකර්මය විනාශය සදහා තීරන ගත්තා. තව වසර ද්ෙෙකකින් පමන වී නිශ්පාපාදනය නව තිනව. ☕ වලටත් …එය වෙනව…රට දූප්පත් වෙනව. වටිනා රාජ්‍ය ආයතන කඩා වට්ටනවා.. අද්‍යාපනයෙන් වටිනා කමක් නති බව පොදු මහ ජනතාවට දෙනෙන්න අරිනවා… රට දූප්පත් බාවයට යවනවා… චින්නු ඉඩම් මිලදී ගන්නව.. උන් ගොඩ..රට අගාදයට ටනවා

Main News