පඩි දෙන්න සල්ලි නෑ.. සේවයකයන් අඩ වැටුප් සමග තුන් මසක් නිවාඩු..

September 8, 2020 at 10:00 am | lanka C news
පඩි දෙන්න සල්ලි නෑ.. සේවයකයන් අඩ වැටුප් සමග තුන් මසක් නිවාඩු..

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්ය මණ්ඩලයට අඩ වැටුප් සහිතව තුන් මසක නිවාඩුවක් ලබා දීම සඳහා අවධානය යොමුවී තිබේ.

එම කාර්යාංශයේ ආදායම පහත වැටී ඇති නිසා මෙම පියවර කෙරෙහි අවධානය යොමුව ඇත.

කාර්යාංශයේ ශාඛා කාර්යාල කිහිපයක් ද ආර්ථික අපහසුතාවයන් හේතුවෙන් වසා දැමීමට සිදුවී තිබෙන බවද එහි සාමාන්‍යාධිකාරීවරයා විසින් අංශ ප්‍රධානීන්ට හා කාර්ය මණ්ඩලය වෙත ලිඛිතව දන්වා ඇත.

ඒ අනුව ඔක්තොම්බර් පලවෙනි දා සිට දෙසැම්බර් මස අවසානය දක්වා අඩ වැටුප් සහිත නිවාඩු ලබාදීමට අවධානය යොමුව ඇති බවත් එම කාලයේ දී අර්ධ සාධක සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ගණනය කරන්නේද ලබාදෙන වැටුපට අනුව බවද දන්වා තිබේ.

මේ අනුව රට පුරා එම කාර්යාංශයේ සේවය කරන සේවකයන් 2000කට පමණ සේවක පිරිසක් අඩ වැටුප් සහිත නිවාඩු ලබා දීමට සූදානම් වන බවත් සඳහන් කරමින් කාර්යාංශයේ වෘත්තිය සමිති දැඩි විරෝධය පළ කරති.

66,103 views

16 Comments to “පඩි දෙන්න සල්ලි නෑ.. සේවයකයන් අඩ වැටුප් සමග තුන් මසක් නිවාඩු..”

  1. Kevin says:

    Okun elawanna ona..nilan inna wassoo
    ..

  2. ජේ.J says:

    විදේශ සේවානියුක්ති කාර්‍ය්‍යංශයේ දෙවෙනියා වගේ ඉහලම පුටුවක සේවය කල (දැනට ඔහු සේවයේ සිටිනවාද නොදනී) තම අයියගේම පුතාට, මැද පෙරදිග සේවය කල රටේ එම ආයතනයෙන් සිදු වූ කරදර, තාඩන පීඩන අපහසුතා හේතුකොට ගෙන ලංකාවට ගෙන්වාගැනීම සඳහා පුද්ගලිකව තම ඥාතී තම බාප්පාට කතා කර, ඉල්ලීම් කලද ඒ සඳහා මැදිහත් වීමක් නොකරන ලදී…. තම අයියාගේ පුතාට එසේ කලානම්, විදේශවල සේවය කර, ලංකාවට විදේශ විනිමය එවන අප සහ අනෙකුත් අය ගැන කවර කතාද?

  3. Felix says:

    2000 Staff…. what are these beggars are doing? This is a white elephant full of political appointments and receives a salary for nothing. They still do the manual job, handwritten form, and no database of the foreign workers. Close this unit.