පඩුවස්නුවර සංවිධායකකමෙන් ඉවත් කලාට දසාසිරිට මල පනී.. කඩුව අතට ගනී.. වැට උඩට නගී..

April 10, 2017 at 1:20 pm | lanka C news
පඩුවස්නුවර සංවිධායකකමෙන් ඉවත් කලාට දසාසිරිට මල පනී.. කඩුව අතට ගනී.. වැට උඩට නගී..

තමන් ශ‍්‍රීලනිප ආසන සංවිධායක ධුරයක් බාර ගන්නේ පඩුවස්නුවර ආසනය ලබා දුන්නොත් පමණක් යයි ඇමති දයාසිරි ජයසේකර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෑතකදී සිදු කල කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රීලනිප නව ආසන සංවිධායකයින් පත් කිරීමේදී තමනට පඩුවස්නුවර ආසනය ලබාදීමට පක්‍ෂයේ නායකයන් එකග වී තිබූ බවයි.

නමුත් සංවිධායක ධූර පිරිනැමීමේදී එකී එකගතාව කඩ කරමින් තමනට බිංගිරිය ආසනය ලබා දුන් නිසා ඊට විරෝධය පා සභාවෙන් පිටව ගිය බව ඔහු පවසයි.

ජනාධිපතිවරයා මීට මැදිහත් වී තමාට පඩුවස්නුවර ශ‍්‍රීලනිප සංවිධායක ධුරය දීමට කටයුතු කරනු ඇති බවට බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු වැඩිදුරටත් කීය.

140 views
Main News