ඔහු ගෝඨාභයම බව යලි ඔප්පු කරයි.. ජිනීවා යෝජනා ප්රතික්ෂෙප කරන බව විදෙස් මාධ්‍යට කෙලින්ම කියයි.. පොහොර නොමිලේ දී මහ බැංකුව පුරවන හැටිත් කියයි..
October 16, 2019 at 1:20 pm | lanka C news
විදේශ ඇමතිවරයා ලෙස මංගල සමරවීර මහතා කටයුතු කරන කාලයේ දී ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ යෝජනාවලිය නීත්‍යානුකූල ලියවිල්ල කය තමන් පිළිනොගන්නා බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී පැවැති දෙස් විදෙස් මාධ්‍යවේදීන් සහභාගී වූ මාධ්‍ය හමුවකදීය.
කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ විදෙස් රටවල් සමග සුහදශීලී සබදතාවක් පවත්වා ගැනීමට තමන් අදහස් කර සිටින බවද ඔහු කියා සිටියේය.
අදාළ ජිනීවා යෝජනාවලිය ජනාධිපතිවරයා පවා අවස්ථා ගණනාවක දීම ප්‍රතික්ෂේප කර තිබිණි.
මෙම යෝජනාවලිය රාජ්‍ය නායකයාගේ පවා අනුමැතියෙන් තොරව ඉදිරිපත් කරන ලද්දක් බවට චෝදනා එල්ල වෙයි.
පොහොර නොමිදේ දීම මගින් තම අදහස් අදහස් කරන්නේ මෙරට ස්වයංපෝෂිත වීමට අමතරව නැගි එන ආසියානු වෙලදපල ඉලක්ක කරමින් ගුණාත්මක කෘෂි නිෂ්පාදන හරයා ආර්ථිකය ශක්තිමත් කිරීම බවත් සඳහන් කළේය.
එමඟින් පොහොර නොමිලෙ ්දීමට මෙන් කිහිප ගුණයක වාසියක් මහා භාණ්ඩාගාරයට ලැබෙනු ඇතැයිද ඔහු කියා සිටියේය.
එමගින් ගොවීන්ට නොමිලේ පොහොර ලබාදීම ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට මෙන්ම මෙරට මහ භාණ්ඩාගාරයට අමතර විදේශ සංචිත ලැබීමේ ක්‍රියාවලියක් වනු ඇතැයිද ඔහු පැවසීය.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම වෙනුවට ඔවුන්ගේ ව්‍යවසායකත්ව හැකියාව සහ අධ්‍යාපන තත්වය ඉහළ නැංවිය යුතු බවත් කී රාජපක්ෂ මහතා එම ජනතාව දෙස මානුෂික බැලිය යුතු බවත් ඔවුන් ජීවිතය පුරාම වත්තකට කොටු කර තැබීම නොකළ යුතු බවත් කියා සිටියේය.