පඬිපති හා සුවපති පුරුදු ක‍්‍රිඩාවේ.. රට සදාකල් වසා දමන්න කුමන්ත‍්‍රණයක…

December 18, 2020 at 2:10 pm | lanka C news
පඬිපති හා සුවපති පුරුදු ක‍්‍රිඩාවේ.. රට සදාකල් වසා දමන්න කුමන්ත‍්‍රණයක…

ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ප්‍රවෘත්ති නිවේදනය.

ගුවන්තොටුපල හා රට සංචාරකයන්ට විවෘත කිරීම සම්බන්ධයෙන් විපක්ෂය දැඩි සේ කලබල වී ඇත. ගුවන්තොටුපල ඇරියාට සංචාරකයන් නොඑන බවත්, ගුවන්තොටුපල සංචාරකයන්ට විවෘත කලාට පසු තවත් කොරෝනා පොකුරක් බිහි විය හැකි බවත් යහපාලන ආණ්ඩුවේ ඔස්තාද්ලා වූ රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක යන මන්ත්‍රීවරුන් පසුගිය 13 හා 14 යන දිනවල විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවලදී පවසා තිබේ.

යහපාලන ආණ්ඩුවේ හිටපු සුවපති හා පඬිපති මේ හදන්නේ සුපුරුදු සෙල්ලම ක්‍රීඩා කිරීමටය කොවිඩ් තත්ත්වය පාලනය කරමින් රට විවෘත වෙනවාට ඔවුන් කැමති නැත. කොවිඩ් තත්ත්වය පාලනය කරමින් ගුවන්තොටුපල විවෘත  වෙනවාට ඔවුන් කැමති නැත. කොවිඩ් තත්වය පාලන කරමින් බිද වැටී ඇති සංචාරක කර්මාන්තය යලි ඇරඹෙනවාට ඔවුන් කැමති නැත. ඔවුන්ට අවශ්‍ය රට සදාකාලිකව වසා තැබීමටය. ඔවුන් කැමති රටට එක සංචාරකයෙකුවත් නොපැමින රටේ සංචාරක ව්‍යාපාරය කඩා වැටෙනවාටය. කොවිඩ් රෝගය උත්සන්න වී රට විනාශ වෙනවානම් ඔවුන්ට මරුය. ඔවුන්ගේ මේ කථාවලින් තේරෙන්නේ ඒකය. ඔවුන් මේ හදන්නේ ජනතාව බොරු කියා බිය ගන්වන්නටය. යහපාලන නඩයේ සුවපතිලාගේ හා පඬිපතිලාගේ මෙවැනි බොරුවලට ජනතාව තවදුරටත් ඇන්දවිය නොහැකි බව ඔවුන් තවමත් වටහාගෙන නැත.

මෙරට සංචාරක ව්‍යාපාරය නිසා යැපෙන මිලියන 2.5 කට ආසන්න පිරිසක් පසුගිය මාස 10 ක කාලය තුල දැඩි පිඩාවට පත්වුයේ කොවිඩ් වසංගතය නිසාය. ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගයන් තවමත් අඩාල වී තිබේ. රජය යම් මට්ටමකින් ඔවුන්ට සහන සැලසූ බව ඇත්තකි. එහෙත් කොවිඩ් වසංගතය නිසා රටක් හැමදාමත් වසා තැබිය නොහැකිය. ලෝකයේ සෙසු රටවල් ද කොවිඩ් සමග ජීවත් වන්නට හුරුවෙමින් තිබේ. ඒ අනුව අපේ රටටද සිදුවන්නේ කොවිඩ් සමග ජීවත් වන්නටය. සෞඛ්‍ය මාර්ගෝපදේශ මත රටේ සෙසු අංශ විවෘත කළ හැකි නම් සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කළ නොහැකි වන්නේ කෙසේද? රජය සංචාරක සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරක ව්‍යාපාරය නැවත අරඹන්නට තීරණය කලේ ඒ නිසාය.

ආණ්ඩුව ගුවන්තොටුපල විවෘත කර නැවත රට සංචාරකයන්ට විවෘත කරන්නේ ඉතා විධිමත් සැලැස්මක් අනුවය. ඒ රටේ සමස්ත ජනතාවට මෙරටට පැමිණෙන සංචාරකයන් මගින් කොවිඩ් බෝවීමේ අවදානම උපරිමයෙන් පාලන කිරීමට ගතහැකි, ගතයුතු සෑම පියවරක්ම ගනිමිනි. සෞඛ්‍ය අංශ හා සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයන් එක්ව මේ සදහා පසුගිය දිනවල දිවා රාත්‍රී වෙහෙසෙමින් අවශ්‍ය මාර්ගෝපදේශ සකස් කලේ ඒ නිසාය. එය සැකසුනේ සංචාරක ක්ෂේත්‍රයේ නිරත ප්‍රවීනයන්ගේද අදහස් අනුවය. සංචාරකයන් ගුවන්තොටුපලට පැමිණිමේ සිට ඔවුන් ආපසු සිය රට බලා යන තුරුම සෞඛ්‍ය හා සංචාරක අංශ අධීක්ෂනය යටතේ එය සිදු කෙරෙනු ඇත.

දෙසැම්බර් 26 වන දා සිට මාසයක කාලයක් මේ සම්බන්ධයෙන් නියාමන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අප තීරණය කලේ මේ ක්‍රමවේදයේ ගැටලුවක් ඇත්නම් එය නිවැරදි කර ගැනීම සදහාය. නියාමන ව්‍යාපෘතිය අතරතුර රට සංචාරකයන්ට විවෘත කිරීම ක්‍රමානුකූලව සිදු කිරීමට සැලසුම් කර තිබේ.

රට සංචාරකයන්ට ක්‍රමාණුකූලව විවෘත කරන්නේද සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම ඉටු කරමිනි. යහපාලන සුවපතිතුමානෝ මාධ්‍ය හමුවේදි පුන පුනා ප්‍රකාශ කර තිබුනේ ඇමරිකානු එක්සත් ජනපදය, ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස රට වැසියන්ට අනතුරු අඟවා ඇති බැවින් ගුවන්තොටුපල විවෘත කලද මෙරටට සංචාරකයන් නොපැමිනෙනු ඇති බවය. රට තුල තිබෙන්නේ යහපාලන ආණ්ඩුව මෙන් සැලැස්මක් ඉලක්කයක් නොමැති ආණ්ඩුවක් නොවේ. වැඩපිලිවෙලක් ඉලක්කයක් ඇති ආණ්ඩුවකි. දැනටමත් රටවල් ගනණාවක් සිය සංචාරකයන් මෙරටට එවීම සම්බන්ධයෙන් අප සමග සාකච්ඡා කර තිබේ. අනෙක් අතට සංචාරයට ලොව හොදම දූපත ශ්‍රී ලංකාව බව ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙලේ සංචාරක ආයතනයක් විසින් මෑතකදී නම් කරනු ලැබ  ඇත. ලංකාවට ලෝක සංචාරක කවුන්සිලයේ ආරක්ෂිත සංචාරක මුද්‍රාව ලැබී තිබේ. සුවපතිතුමා කිවාට එය තවමත් ඉවත් කරගෙන නැත. ඒ නිසා මෙරට සංචාරය පිළිබද විපක්ෂයට ප්‍රශ්න තිබුනාට සංචාරකයන්ට ප්‍රශ්න නොමැති බව අපිට සහතිකය.

සංචාරකයන්ට රට විවෘත කරන බව ප්‍රකාශ කිරීමත් සමග දිවයිනට පැමිණීමට සිටින විදේශගත ශ්‍රමිකයන් අතරද බොරු බියක් පතුරුවන්නට ඇතැමුන් කටයුතු කර ඇත. මේ පිටුපස සිටින්නේද පාරාජිත යහපාලනය බව අපි දනිමු. අප කිසිසේත් රට විරුවන් මෙරටට ගෙන්වීම නතර කරන්නේ නැත. සංචාරකයන් පැමිණියද අපි ප්‍රමුඛතාවය දෙන්නේ මෙරටට පැමිණිමට අපේක්ෂාවෙන් සිටින රට විරුවන්ටය. ගුවන්තොටුපල විවෘත කිරීමෙන් පසු ප්‍රමුඛතාවය හිමි වන්නේ ද ඔවුන් රැගෙන එන ගුවන් යානා වලටය. දැනටමත් අප විදේශගත ශ්‍රී ලංකිකයන් 50,000 කට ආසන්න පිරිසක් දිවයිනට ගෙනවිත් තිබේ. තවත් 50,000 කට අධික පිරිසක් දිවයිනට පැමිණිමට ලියාපදිංචි වී ඇත. ඔවුන්ද අනිවාර්යෙන්ම දිවයිනට ගෙන ඒමට රජය ප්‍රමුඛතාව දෙන බව අවධාරණය කරමි.

ජනතාවාදී විපක්ෂය ලෙස තමන්ව හදුන්වා ගත් පමණින් විපක්ෂය ජනතාවාදී නොවන බව සුවපතිගේ හා පඬිපතිගේ ප්‍රකාශ මගින් ද රටට තව තවත් තහවුරු වෙමින් තිබේ. රටත් ජනතාවත් අනතුරේ දා ගුවන්තොටුපල විවෘත කරන්නට හෝ සංචාරකයන්ට රට විවෘත කරන්නට ආණ්ඩුව සුදානම් නැත. ලෝකයේ ඇතැම් රටවල් ගුවන්තොටුපල විවෘත කර තිබියදීත් අප තවමත් සෞඛ්‍ය මාර්ගෝපදේශ සකසමින් සංචාරකයන් සදහාම වෙන්වු කලාප හදුනාගනිමින් මේ කටයුතු කරන්නේ අප රටටත් ජනතාවටත් වගකිවයුතු රජයක් නිසාය. මේ නිසා යහපාලන සුවපතිලාගේ හා පඬිපතිලාගේ බොරු බේගල් වලට හා බිය ගැන්වීම් වලට හසු නොවන ලෙස මෙරට සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

ප්‍රසන්න රණතුංග

63,247 views

18 Comments to “පඬිපති හා සුවපති පුරුදු ක‍්‍රිඩාවේ.. රට සදාකල් වසා දමන්න කුමන්ත‍්‍රණයක…”

  1. Mtmmanvar says:

    Prasanna Ranatunga meeharaka a unta Bena Bena inne nethiwa umbe weda penna pan. Kaywaruwa pamanay. Melo rahak na. Anduwa pathwela wasara giya. Janathawa ta deepu eka sahanayak kiyapan ponnaya.

  2. Suren says:

    Dear Minister. You are the person responsible for the Covid second wave. Are you going to have the 3rd wave also
    You are poolish

  3. Suren says:

    Dear Minister. You are the person responsible for the Covid second wave. Are you going to have the 3rd wave also
    You are poolish

  4. Aurora says:

    මැදපෙරදිග සිටින දැනට වීසා අවසාන වී අපහසුතාවයට පත්වෙලා දඩ ගැසුම්, සහ විවිධ දණ්ඩන වලට ලක්වෙලා අසරණ වී ඉන්න රට විරුවන් ඉතාමත් ඉක්මණින් මව්බිමට ගෙනෙන්න වැඩපිළිවෙලක් යොදන්න. ඒක රජයටත් ඇමතිතුමන්ටත් පිං අයිතිවෙන වැඩක්.

  5. සත්‍යය says:

    අමු ගොන්පතියෙක් කතා කරයි!!!😂😂😂😂😂

  6. Saradiel says:

    හෙළ ඔසුවෙන් අපට ජය ගන්න පුලුවන් වැඩි පිරිසක් පැමිනෙන්නේ අපේ හෙළ ඔසු ලබා ගැනීමටයි.

Main News