පඬුවස්නුවරින් පොහොට්ටුව ලොකු ටොක්කක්… සමුපකාරයෙන් පොහොට්ටු අපේක්‍ෂක පරදා ශ‍්‍රීලනිපය දිනයි..

April 11, 2021 at 1:20 pm | lanka C news
පඬුවස්නුවරින් පොහොට්ටුව ලොකු ටොක්කක්… සමුපකාරයෙන් පොහොට්ටු අපේක්‍ෂක පරදා ශ‍්‍රීලනිපය දිනයි..

පඬුවස්නුවර සමුපකාර සමිතිය සඳහා නව අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු පත්කර ගැනීමට පැවැති ඡන්දයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ජයග්‍රහණය කර තිබේ.

සමුපකාර සමිතියේ හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයකු හා අධ්‍යක්ෂවරයෙකු දුෂණ වංචා චෝදනා එල්ලවීම හේතුවෙන් ඉවත් කිරීමෙන් පසුව නව අධ්‍යක්ෂවරයෙකු පත්කරගැනීමට මෙම ඡන්ද විමසීම පවත්වා ඇත.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයාට පක්ෂව ඡන්ද 58 ක් ලැබූ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්‍ෂකයා පරාජයට පත්වී තිබේ.

පඬුවස්නුවර එම සමුපකාර සමිතිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 58ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16ක්, එක්සත් ජාතික පක්ෂය 06 දෙනෙකු නියෝජනය කරයි.

30,734 views

5 Comments to “පඬුවස්නුවරින් පොහොට්ටුව ලොකු ටොක්කක්… සමුපකාරයෙන් පොහොට්ටු අපේක්‍ෂක පරදා ශ‍්‍රීලනිපය දිනයි..”

  1. kkuruwita says:

    සාගර , රේනුක, ඔය පටන් ගත්තා විතරයි. දැන්වත් ලොකු කම් පසෙකලා සමගිය රැකගන්න කටයුතු කරපල්ලා !!!

  2. ෆකොරිස් says:

    ජනතාව ජන්දේන් පත්කරපු එකා බලයේ ඉන්න අවස්ථාවෙම කිහිප දෙනෙක් ගේ උවමනා වට රටෙ මතයක් හදන්න හදනවා ඊළඟ ජනාධිපති බැසිල් කියලා ඔය දගලන්නේ අලියා ගේ පොනිල් ට වෙච්චි ටික පොහොට්ටුව ටත් කොරගන්න, රටෙ ජනතාව ට පුද්ගලයන් තවදුරටත් ආදාල නොවන අතර පැරදුනාම දාලා ඇමෙරිකාවට දුවන්නැති කොන්ද පන තියෙන රටට වැඩක් කරන්න පුළුවන් එකෙක් තමයි අවශ්‍ය කරන්නේ, හෙට අනිද්දාට මුන්ට එක තෙරෙයි හැබැයි එතකොට අශ්වයා ගිහිල්ලා තියෙයි.

  3. Aurora says:

    පොහොට්ටුවේ උරුමක්කාරයෝ කියා හිතන අප්සට් පොරවල් දැන්මම ජනාධිපති තුමාට පොහොට්ටුව බාරදීල ගියානම් පොහොට්ටුවට අනාගතයක් තියෙයි. නැත්නම් පොහොට්ටුව පිපෙන්න පෙරම පරවෙනවා සිකුරුයි.

  4. George Fernando says:

    Pohottuwe wunath mona bambuwe unath horu elawannama ona.

  5. සමයං says:

    කොහොම උනත් විමලුත් දැලි පිහියෙන් කිරි කන්න වගේ යන්නෙ. ආණ්ඩුව හොඳනැත්නම් මේ ඉක්මනට සිරිසේනල හොඳවෙන්නෙ කොහොමද? උං එක්ක මේ ප්‍රශ්න වලට විසඳුම් තියෙයි ද්?. හරක් අගෙන් කිරි දොවන්නද ලෑස්ති වෙන්නෙ.? ඔබත් too much වෙන්න එපා.

Main News