පත්තර සමාගම් අර්බුදයේ.. පිටු අඩු කරයි.. මිල වැඩි කරයි.. තවත් කරගන්න බෑ..
September 22, 2018 at 6:31 am | lanka C news
රුපියලයේ අගය බරපතල ලෙස පහත වැටෙමින් පවතින නිසා පුවත් පත් කර්මාන්තය ද තව දුරටත් කර ගෙන යාමේ අර්බුදයකට මුහුණ දී සිටින බව මෙරට ප්‍රධාන පෙළේ පුවත් පත් ආයතනහිමි කරුවෝ පෙන්වා දෙති .
මුද්‍රණ කඩදාසි වල ඉහළ යාමෙන් මතු වී ඇති ගැටලුවට විසදුම් ලෙස පුවත් පතක පිටු ගණන අඩු කිරීමත් ,මිල ඉහළ දැමීමත් යෝජනා වී ඇති ඇත.
දැනටමත් ජාතික පුවත් පතක පිටු ගණන 7-8 කින් පමණ අඩු කර තිබේ .
මේ ගැන තේරුම් ගෙන ඇති මෙතෙක් පුවත් පත් මිලදී ගත් පිරිසෙන් විශාල පිරිසක් පුවත් පත් මිලදී ගැනීම නතර කර ඇති බව ද සමීක්ෂණ වලින් හෙළි වේ .
මේ අතර පුවත් පත් වලට මෙතෙක් ලැබුණු වෙළද දැන්වීම් අඩු වෙමින් යාම තත්වය තවත් බරපතල කර ඇත.
සමාජ වෙබ් අඩවි ඇතුලු නවීන සන්නිවේදන ජාලා දියුණුවද පුවත්පත් වල පැවැත්මට දැඩි ලෙස බලපා ඇත.
ඕකුන්ට ඔහොම වෙන්න ඕන…සල්ලිවලට ලියන උන්.. අන්තර්ජාල මාධ්‍ය වෙත පිවිසෙමු.
සිංහයා නීතිය ඉගෙන ගන්නාතුරු සෑම නඩුවකින්ම රොම ලංදේසිකාරයන් ජයගනු ඇත…!
කඩෙත් වහලා ,පඹයත් මරාගෙන මැරෙමු, උගේ ශාපය.
Idiriyedi hitan paththaren dana gaththa kiyala liyana ekak naha.
ලෝකේ පුරාම පත්තර විකිනෙන එක අඩුවෙලා. ශතක ගණනාවක් මුද්‍රණය උන් පත්තර බංකොලොත් වෙලා ගිහින් තියනවා බටහිර පවා. දැන් මිනිස්සු අන්තර්ජාලය වගේම සමාජ මාද්‍ය භාවිත කරනවා පුවත් ලබාගන්න. මේකේ අවදානම තමය් ඕන කෙනෙකුට ඕන දෙයක් අන්තර්ජාලයේ පල කරන්න පුළුවන්. ඇත්ත නැත්ත වගකීමකින් හොයල බලල පලකරන්න පුළුවන් වෘත්තීය මද්‍යවේදීන්ගේ අඩුව දැනෙන්න තව කල් යනවා.
ලංකාදීප පත්තරේටත් වැඩ වැරදී ගෙන එන්නේ .ලොකු අය තමුන්ගේ අයට සලකන්න ගිහින් ඒක කඩා ගෙන වැටෙන්න යන්නේ .සීනියර් අය පොඩි එවුන්ගේ ගෝලයෝ වෙලා .පුද්ගලික උදව් කරපු ඇමතියන්ට තමයි කඩේ යන්නේ…
kelawelama pala
ලංකාදීපයේ කතෘ මණ්ඩලයේ පිපිරීමක් ළගදිම එනවා .ඒකෙ මාෆියාවක් යන්නේ .කැප වීමෙන් වැඩ කරපු මිනිස්සුන්ට සිද්ද වෙච්ච අසාධාරණය වහගෙන වැඩ කරන්න ගිහින් පතරේට යන එන මං නැති වෙනවා