පදවියේ අඩු ආදායම්ලාබී පවුලකට යුද හමුදාවෙන් ස්ථීර නිවසක් සාදාදෙයි…

July 17, 2019 at 2:06 am | lanka C news
පදවියේ අඩු ආදායම්ලාබී පවුලකට යුද හමුදාවෙන් ස්ථීර නිවසක් සාදාදෙයි…

යුද්දෙන් පසුව නැවත පදිංචි අඩුආදායම් ලාබී පවුල් වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා මූළස්ථානයෙන් ඉදිකර ස්ථීර නිවාස වැඩසටහනේ තවත් පියවරක් වශයෙන් පදවිය  ශ්‍රීපුර ප්‍රගතිපුර ගම්මානයේ ජීවත් වූ අඩුආදායම්ලාබී පවුලක් වෙනුවෙන් ස්ථීර නිවසක් විවෘතත කිරීම සිදු විය.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් එච්.ජේ.එස්. ගුණවර්ධන මහතාගේප්‍රධානත්වයෙන් නව නිවස විවෘත කිරීම සිදු විය.

ඕෂ්ට්‍රේලියාවේ පදිංචි ධානපතියෙකුගේ මුදල් ප්‍රතිපාදන මත වන්නි ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත 62 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර ජේ.එම්.යූ ධම්මික ජයසිංහ මහතාගේ මෙහෙයවීටමන් 622 බළසේනාධිපති කර්නල් එස්.බී. අමුණුගම මහතාගේ අධික්ෂණය යටතේ 9 වන ගජබා රෙජිමේන්තු සෙබලුන් විසින් නිවස ඉදිකර දී ඇති අතර, මෙම නිවස විදුලි  බලය, ජල පහසුකම් සහිත අංග සම්පූර්ණ නිවසක් වශයෙන් ඉතාමත් අලංකාර ලෙස ඉදිකර නිවසට ඇවැසි ලී ඇදන් දෙකක්, මෙටිට දෙකක් , ගෑස් උදුනක් සහ සිලින්ඩරයක්, ප්ලාස්ටික් මේසයක් සහ ප්ලාස්ටික් පුටු 06ක් ඇතුලු ගෘහ උපකරණද ලබාදෙන ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,970 Viewers
Main News