පද්මිණි රණවක උසස්වීමක් ඉල්ලා අත්තේ දුමින්දට මරණ දඬුවම දුන්නාට.. විපක්‍ෂ මන්ත‍්‍රීවරයෙකුට අන් විනිසුරන්ට වඩා පස් ගුණයක් ඇප නියම කිරීමට..

January 22, 2020 at 10:40 am | lanka C news
පද්මිණි රණවක උසස්වීමක් ඉල්ලා අත්තේ දුමින්දට මරණ දඬුවම දුන්නාට.. විපක්‍ෂ මන්ත‍්‍රීවරයෙකුට අන් විනිසුරන්ට වඩා පස් ගුණයක් ඇප නියම කිරීමට..

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළේය

විශ්‍රාමික පරිපාලන නිලධාරියෙක් ඊයේ මගෙන් අපූරු පැනයක් ඇහුව්වා. ලංකාව දැන් නේටො සංවිධානයට බැඳිලා ද? නේටො කියන්නේ North Atlantic Treaty Organization නැතිනම් උතුරු අත්ලාන්තික ප්‍රඥාප්ති සංවිධානය කියන එකනෙ. ඒ නිසා මම කිව්වා, “ලංකාවට ඒකට බැඳෙන්න බෑනෙ. ඒක යුරෝපීය රටවල සංවිධානයක්නෙ” කියලා. ඒ පාර මේ පුද්ගලයා කියපි. දැන් නේටො කියන්නේ ඔය අරුතට නොවේ. No Action Talk Only කියන එකටයි. ඔබතුමන්ලා රන්ජන්ගේ හඬපට ගැන කතා කරනවා මිස පියවර ගන්නවා පේන්න නැහැනෙ.

මම කිව්වා “එහෙම කියන්න එපා. විධායකය වගකීම ඉටු කරලා තිබෙන්නේ. රන්ජන් අත්අඩංගුවට ගත්තා අධිකරණයට බලපෑම් කිරීමේ චෝදනාවට. විනිසුරුවරුන්ගෙන් පවා ප්‍රකාශ ලබා ගනිමින් ඒ විර්මශන කටයුතු ඉදිරියට යනවා කියලා. එතුමා එවිට කියනවා “විධායකය විතරක් නොවේ. අධිකරණය සහ ව්‍යවස්ථාදායකය මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනෑ. විනිසුරුවරුන්ගේ විනය භාර අධිකරණ සේවා කොමිසම තවම නිහඬයි. ඒ වගේම අධිකරණය සැබැවින්ම ස්වාධීන කරන්න නව නීති සම්පාදනය කරන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න කතානායක කටයුතු කරලා නෑ. විධායකය වගේම අධිකරණය සහ ව්‍යවස්ථාදායකයත් හඬපට හුටපට සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතුයි”.

ව්‍යවස්ථාදායක සභාවට බලපෑම් කිරීම වරදක් ලෙස නීතිගත කළ යුතුයි

පද්මිණි රණවක හිටපු විනිසුරුවරිය බරපතල වරදක් කරනවා. ඒ තමයි ව්‍යවස්ථාදායක සභාවට බලපෑම් කිරීම. රන්ජන් පද්මිණිගෙන් අහනවා “මම ඔබතුමිය ගැන ජනාධිපතිට කතා කරන්න ද?” එතකොට පද්මිණි කියනවා “එයාට කියන්න එපා. එයා තැන තැන කියවනවා. ඔයා අගමැතිට කතා කරන්න”. ඇයි අගමැතිට කතා කරන්න කියන්නේ? ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ට උසස්වීම් ලබා දෙන ව්‍යවස්ථාදායක සභාවේ අගමැති සාමාජිකයෙක්. වෙනත් වචන වලින් කිව්වොත් පද්මිණි රණවක රන්ජන්ට කියන්නේ ව්‍යවස්ථාදායක සභාවේ තීන්දු වලට බලපෑම් කරන්න කියන එකයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(ඔ) වගන්තිය යටතේ කණිෂ්ඨ විනිසුරුවරුන්ට උසස්වීම් ලබා දෙන අධිකරණ සේවා කොමිසමේ තීන්දු වලට බලපෑම් කිරීම වසර තුනක් හිරේ යන වරදක්. නමුත් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ට උසස්වීම් ලබා දෙන ව්‍යවස්ථාදායක සභාවට බලපෑම් කිරීම රටේ නීතියට අනුව වරදක් නොවේ. ඒ් කියන්නේ කණිෂ්ඨ විනිසුරුවරු ස්වාධීනව පත් විය යුතු වුවත් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් එහෙම පත්වීම අවශ්‍ය නෑ කියන එකද? ඒ නිසා තමයි පද්මිණි රන්ජන්ට බලපෑම් කරන්න කියන්නෙත් රන්ජන් ඒකට එකඟ වෙන්නෙත්. සැබැවින්ම ස්වාධීන අධිකරණයක් බිහි කිරීමට නම් ව්‍යවස්ථාදායක සභාවට බලපෑම් කිරීම දැඩි දඬුවම් ලබා දෙන වරදක් බවට නීති පැනවිය යුතුයි.

විශ්‍රාම ගියත් පද්මිණි රණවකට දඬුවම් ලබා දිය හැකියි

මේ වන විට ප්‍රසිද්ධ වී ඇති හඬපට අනුව තමන්ට වඩා ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් අටදෙනෙකු නොසලකා තමන්ට අභියාචනාධිකරණයට උසස්වීමක් ලබා දෙන මෙන් පද්මිණි රණවක මහත්මිය රන්ජන් රාමනායකගෙන් බැගෑපත් වෙලා ඉල්ලනවා. මොනවා ද ඒකට සුදුසුකම් විධියට ඉදිරිපත් කරන්නේ? දුමින්ද සිල්වාට මරණ දඬුවම නියම කිරීම. විපක්ෂයේ මන්ත්‍රි කෙනෙකුට අන් විනිසුරු නියම කළාට වඩා පස් ගුණයක ඇපයක් නියම කිරීම.

පද්මිණි රණවක විනිසුරුවරිය දැන් විශ්‍රාමික නිසා ඇය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාරග ගන්න බෑ කියා සමහරු කියනවා. ඒක වැරදි අදහසක්. යමෙක් රාජ්‍ය සේවයේ සිටිය දී වරදක් කළ බව ඔප්පු වන විට විශ්‍රාම ගොස් සිටියොත් ඇයගේ විශ්‍රාම වැටුප අඩු කිරීමට හෝ අත්හිටුවන්න කටයුතු කළ හැකියි. ඒ අනුව පද්මිණි රණවකගේ විශ්‍රාම වැටුප අහිමි කිරීමට අධිකරණ සේවා කොමිසම නිර්දේශ කරාවි කියා අපි බලාපොරොත්තු වෙනවා.

19 සංශෝධනය පිළිබඳ එජාපය හෙලන්නේ කිඹුල් කඳුළුයි

19 වන සංශෝධනය අහෝසි කිරීමේ වෑයමට එරෙහිව නැගී සිටිමු කියා එජාප මහ ලේකම් නිවේදනක් නිකුත් කරලා තිබෙනවා. 19 වන සංශෝධනය මේ රටට කරපු විනාශය ඇස් පනාපිට තිබිය දී එවැනි නිවේදනයක් නිකුත් කරන්න එජාප මහ ලේකම්ට ලැජ්ජා නැද්ද කියා ප්‍රශ්න කරන්න කැමතියි. එක පැත්තකින් 19 සංශෝධනය යටතේ පත් කරපු පොලිස්පති මහ අපරාධයක සැකකරුවෙකු විධියට හිරේ විලංගුවේ වැටිලා. තනතුරේ ඉන්න කාලයේත් යස් සර් යස් සර් කියමින් වන්නම් නටමින් නීතිය නමමින් ස්වාධීන පොලිසියේ අනුහස ලෝකයටම ප්‍රර්දශනය කරමින් හිටියේ. අධිකරණය ස්වාධීන වුණු හැටි රන්ජන්ගේ හඬපට වලින් අපූරුවට ප්‍රර්දශනය වෙනවා. ජනාධිපති අගමැති කතානායක කියන තනතුරු තුන මත විධායක බලය බෙදාහැරීම මත ඔළුගෙඩි තුනේ විධායකයක් බිහිවෙලා හරියට තීන්දුවක් කිසිම කෙනෙකුට බැන බැරි තරමට රට අස්ථාවර වෙලා තියෙනවා. ඒ් වගේම ලක්ෂ හැට නවයක් ඡන්දය දීලා පත් කර ගත් ජනාධිපතිට පාර්ලිමේන්තුවට අයවැයක් පනතක් ඉදිරිපත් කරන්න බෑ. පාරලිමේන්තුව විසුරුවා හරින්නත් බෑ. රට අස්ථාවර කරපු 19 වන සංශෝධනය ඉවත් කරලා ජනතා අභිලාශ ඉටු වන නව ව්‍යවස්ථාවක් ගේන්න අපි කටයුතු කරනවා. මේ රටට වින කළේ මේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය විතරක් නොවේ. මේ රට අද මේ තත්ත්වයෙන් තියෙන එක්සත් ජාතික පක්ෂය 1978 දී ඉදිරිපත් කළ වර්තමාන ව්‍යවස්ථාව ද බරපතළ ලෙස වගකිව යුතුයි. ඒ නිසා ජනතා අභිලාශයන් ඉටු කරන නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ ඒ පිංකමට සම්මාදම් වෙන්න කියා අපි එජාපයටත් ආරාධනා කරනවා.

ප්‍රශ්න සහ පිළිතුරු

ප්‍රශ්නය

එජාපය කරන චෝදනාවක් තමයි වත්මන් රජය ඉදිරි මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ඉල්ලා සිටින්නේ ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරමින් ඒකාධිපති පාලනයක් ගෙන යන්න කියන එක. ඒ ගැන ඔබතුමා මොකද හිතන්නේ

පිළිතුර

ඒකාධිපතියන් සිටින්නේ අප ගාව නොවේ. අපේ ආණ්ඩුව හදන්න කලින් අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාට යෝජනා කරනවා වසර 26ක් තිස්සේ එළවා ගන්න බැරිව ඉන්න පක්ෂ නායකයා ඉවත් කර ගැනීමේ ක්‍රමවේදයක් හොයාගන්න කියලා. රටේ ව්‍යවස්ථාවේවත් ආණ්ඩුවේ ක්‍රියාදාමයේවත් නොවෙයි ඒකාධිපතිත්වය තියෙන්නේ. වසර 15 ක පමණ කාලයක සිට එක්සත් ජාතික පක්ෂයේ නායකතුමන් එළවා ගැනීමේ අසාර්ථක උත්සාහයක සාර්ථක ලෙස නියැලී සිටින සජිත් ප්‍රේමදාස මැතිතුමාට මුලින්ම එම වැඩේ සම්පූර්ණ කරලා ඒකාධිපතිත්වයට විරුද්ධයි කියන එක පෙන්නන්න කියලා අපි කියනවා. මොකද රටේ එහෙම ප්‍රශ්නයක් මතුවෙලා නැහැ. ඔය ප්‍රශ්නේ තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය තුළ පමණයි.

– අරවින්ද අතුකෝරල

44,885 Viewers

7 Comments to “පද්මිණි රණවක උසස්වීමක් ඉල්ලා අත්තේ දුමින්දට මරණ දඬුවම දුන්නාට.. විපක්‍ෂ මන්ත‍්‍රීවරයෙකුට අන් විනිසුරන්ට වඩා පස් ගුණයක් ඇප නියම කිරීමට..”

  1. එස්.කේ සරත් says:

    රන්ජන් ඊයේ කිව්ව විදියට, එදා අර ෂාරුක් කාන් කියන එකා මැරණ නම් ඉන්දියන් කාරයෝ අදත් අපේ රටට ගහනවා! මේ ගම්මන්පිල වගේ දේශපාලන පිලිල වලට කරන්න තියෙන හොඳම දේ තමයි. මේ යක්කුන්ව නිශ්ශබ්ද කරලා තියෙන එක. මේ යක්කු කට ඇරියොත් ජනාධිපතිතුමා ගැන රටේ තියෙන විශ්වාසය නැති වෙනවා. රටේ ජනතාව එතුමාට ඡන්දය දුන්නේ රන්ජගේ කුනුහාරුප අහන්නවත්, ගම්මන්පිලලගේ කෙස් පැලෙන තර්ක අහන්නවත්, කුඩ්ඩන්ව හිරෙන් නිදහස් කරන්නවත් නෙවෙයි! ඇයි යකෝ රටේ මේච්චර ප්‍රශ්න ගොඩක් තියෙනවා ඒවා ගැන කථා කරන්න එකෙක් වත් නැනේ!!!

    • ශාන්ති කරුනාරත්න says:

      මේ කථාව සහතික ඇත්ත! අපි රස්සාවට යන්න උදේට එලියට බැස්සම කොයිතරම් දහ දුකක් විඳිනවාද! උදේට ගෙදරින් අරන් යන කෑම පාර්සලයට වැංජන දෙකක් උයාගන්නේ බොහෝම අමාරුවෙන්! බස් එකට නැග්ගාම පපුවට යකඩෙන් ගහනවා වගේ සංගීතේ. බස් එකේ ඉතුරු සල්ලි නැ. ටිකට් එක හරියට දෙන්නෙ නැ! බස් කාරයෝ මහ මග කාලේ කනවා, එහෙන් වාහන තද-බදය. කිලෝ මිටර් 20-30 ක් යන්න පැය 2 – 3 ක් යනවා.
      මුංට පාර්ලිමේන්තුවේ කැම එක කුනුකොල්ලෙට හම්බ වෙනවා! ඒක කාලා තෙලේ වැඩි වුනාම හංසමාලිලාගේ, හිරුනිකාලගේ බැක් සයිඩ් එක හොයාගෙන යනවා. මුං 225 අං ආපු මානසික ලෙඩ්ඩු. ඇයි දෙයියනේ මේ රටට මුං නිසා හෙනගහනවා නේද? මුංට රට ගැන අබමල් රොදක හැඟිමක් නැද්ද, අඩුම ගානේ මිනිස්සුන්ට තුන වේල කාල ජීවත් වෙන්න විදියක් හදල දෙන්න එකෙක් නැද්ද මේ රටේ!

    • No Brainer says:

      කැමති උනත් නැති උනත් පාර්ලිමේන්තුව කෙරෙන්නේ කථානායකගේ මෙහෙයුම අනුවයි. තාමත් මේ දෝංකාර දෙන්නේ යහපාලන ආන්ඩුවේ යහපාලනයයි. ඔවුන් අධිකරණය, පොලිසිය හා සමස්ථ රාජ්‍යය යාන්ත්‍රනයම රන්ජන් ගෙදර ඉඳලාම පාලනය කල හැටි තමයි මේ ඇහෙන්නේ. පක්ෂග්‍රාහී කථානායක වරයෙකුගෙන් තවත් බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද? ජනාධිපති වරයෙකු පත් වූවත් තාමත් පාර්ලිමේන්තුවේ මේ ඉන්නේ යහපාලන බහුතරයයි. අනාගතයේ ජනහිතවාදී පිරිසක් පාර්ලිමේන්තුවට පත් කර එවීමට ලක් ජනතාවට නැණැස පෑදේවායි ප්‍රාර්ථනා කරමු

  2. kamal says:

    ලංකාවට වැරදුන තැනක්
    කසල හා කොල අතු ශාක අපදව්‍ය මගින් ජිව වායුව හා පොහොර නිස්පාදනය කල හැක. මේ සදහා කිසිම රජයක් විසින් ක්‍රියාමාර්ග ගෙන නැත. පොහොර නිස්පාදනය මගින් රටට විශාල ඉතුරුවක් ලැබේ තවද කසල කලමනාකරනයෙන් පරිසරයි පිරිසුදු වේ. බලශක්ති අර්බුදයද විසදේ.

  3. Politics says:

    It is very clear now Duminda was shot injured first , before Hirunika’s farther was shot dead.

    How can Duminda be given a death penalty?

    This is complicating and how can we trust our judgement…

    We need to punish all who ever involved in the ugliest act.

  4. Patriot says:

    obathuma 19 wyawastha sanshodanayata ekangawa chandaya dunnada. esenam eyata hethuwa kumakda

Main News