පදික වෙළෙන්ඳන් ඉවත් කරන්න ගිය නගරසභා නිලධාරීන් හා වෙළෙන්ඳන් අතර උණුසුම් තත්වයක්..

January 25, 2019 at 8:02 am | lanka C news
පදික වෙළෙන්ඳන් ඉවත් කරන්න ගිය නගරසභා නිලධාරීන් හා වෙළෙන්ඳන් අතර උණුසුම් තත්වයක්..

වව්නියාව නගරයේ අනවසරයෙන් වෙළඳාම් සිදු කරන පදික වෙළෙන්ඳන් ඉවත් කිරීමට ගිය වව්නියාව නගර සභා නිලධාරීන්ට පදික වෙළෙන්ඳන් විසින් දැඩි විරෝධය පෑම හේතුවෙන් නගරසභා නිලධාරීන්ට ආපසු යාමට සිදුවිය.

පදික වෙළෙන්ඳන් ඉවත් කිරීමට පැමිණි නගර සභා නිලධාරීන් විසින් දැනුම් දී ඇත්තේ පදික වෙළෙන්ඳන්ට වෙළඳාම් සිදු කිරීම සඳහා  නගර සභාව විසින් නගරයේ වෙනම ස්ථානයක් හඳුන්වා දී ඇති හෙයින් එම ස්ථාන වෙතට ගොස් වහාම වෙළඳාම් කරන ලෙසටය.

නමුත් ඊට විරෝධය පල කල වව්නියාවේ පදික වෙළෙන්ඳන් කියා සිටියේ නගර සභාවේ අදාල නියෝගය විනිවිද බාවයක් නොමැති බවටත් වව්නියාව නගරය මැද පිහිටි පල්ලිය අවට ඇති අනවසර වෙළෙන්ඳන් ඉවත් නොකොට අනෙක් පදික වෙළෙන්ඳන් පමණක් ඉවත් කිරීම දැඩි අසාධාරණයක් බැවින් අදාල පල්ලිය අවට ඇති අනවසර වෙළඳාම්ද ඉවත් කරන්නේ නම් පමණක් තමන්ද ඉවත් වන බවටත් එසේ නොවන්නට තමන් කිසිසේත ඉවත් නොවන බවටය.

කෙසේ වෙතත් නගරසභා නිලධාරීන්ට පදික වෙළෙන්ඳන්ගේ දැඩි විරෝධයක් එල්ල වීම හේතුවෙන් එම ස්ථානයට පැමිණ පොලිස් නිලධාරීන්ගේද මැදිහත් වීමෙන් තත්වය පාලනය කොට අදාල ගැටලුව සමග සකච්ඡා කොට ඉදිරියේදී විසඳුමක් ලබා ගැනීමට තීරණය කරනය කල අතර නගරසභා නිලධාරීන්ද එම ස්ථානයෙන් ඉවත් වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

9,094 Viewers
Main News