පදික වේදිකාවේ වාහන නැවතීම සම්පුර්ණයෙන් නවතන්නැයි ජනාධිපති නියෝග..

September 16, 2020 at 8:40 am | lanka C news
පදික වේදිකාවේ වාහන නැවතීම සම්පුර්ණයෙන් නවතන්නැයි ජනාධිපති නියෝග..

ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් ලක්ෂයේ ඉදිකිරීම් 2024දී අවසන් කර ප්‍රධාන මාර්ග පද්ධතිය හා සම්බන්ධ කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට පවරයි.

සුවපහසුවෙන්, ඉක්මනින් හා ආරක්ෂාකාරීව තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීම සෑම පුරවැසියකුම සතු අයිතියකි. ප්‍රවාහන පද්ධතියේ පසුගාමීත්වය සහ බිඳුණු අන්තර් සම්බන්ධතාව පිටුදැක කාර්යක්ෂම සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් මාර්ග පද්ධතියක් ජනතාවට දීම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සහතික කර ඇත.

රට පුරා ග්‍රාමීය සහ අතුරු මාර්ග කි.මි ලක්ෂයේ ඉදිකිරීම් පරිසරය රැකෙන පරිදි සිදු විය යුතු යයි ද ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

කුඩා පාලම්, වැල් පාලම් සහ ඒදඬු වෙනුවට නව පාලම් ඉදි කළ යුතු බව ජනාධිපතිතුමා පැවසීය. ගත වූ මාස කිහිපය තුළ මාර්ග කි.මි 8,000ක වැඩ අරඹා තිබේ. ඉන් මාර්ග කි.මි 400ක ඉදිකිරීම් සම්පූර්ණයෙන් නිම කර ඇත.

මාර්ග ඉදිකිරිමේ දී යොදා ගන්නා පස්, ගල්, වැලි අවශ්‍ය ප්‍රමාණය සපයා දීමේ වගකීම සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට පැවරෙන බව ජනාධිපතිතුමා පැවසීය. සම්පත් සම්පාදනයට අනුමැතිය දිය යුතු පරිසර, වනජීවි, වන සංරක්ෂණ සහ පුරාවිද්‍යා ඇතුළු සියලු ආයතන දිස්ත්‍රික් මට්ටමින් රැස්ව පූර්ව අනුමැතිය දිය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ප්‍රධාන මහා මාර්ග දෙපස විවිධ වර්ගවල පැළ මිලියන 02ක් රෝපණය කිරීමට ද අද සාකච්ඡාවේ දී තීරණය කෙරිණ.

ඉදිකිරීම් වැඩට කිසිදු බාධාවක් සහ ප්‍රමාදයක් ඇතිවීමට ඉඩ නොතැබිය යුතුයැයි ද ජනාධිපති රාජපක්ෂ මැතිතුමා කියා සිටියේය. මාර්ග ඉදිකිරීම් අධීක්ෂණය රජය සහ කොන්ත්‍රාත්කරු යන පාර්ශ්ව දෙකෙන්ම විය යුතු අතර, උප කොන්ත්‍රාත්දීමට කිසිවිටෙකත් ඉඩ නොදීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

සියලු ප්‍රධාන මාර්ග දෙපස පදික වේදිකාව මත වාහන නවතා තැබීම සම්පුර්ණයෙන් නතර කරන්නැයි ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ. මහල් නිවාස සංකීර්ණ, වෙළෙඳ මධ්‍යස්ථාන ඇතුළු ගොඩනැගිලි ඉදිකිරීමේ දී රථ වාහන ගාල් කිරීමට ඉඩ පහසුකම් සැලසීම අනිවාර්යෙන් කළයුතු යයි ද එතුමා කියා සිටියේය.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, රේඛීය ආයතනවල නිලධාරීහූ හා කොන්ත්‍රාත් සමාගම් නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

51,623 views

13 Comments to “පදික වේදිකාවේ වාහන නැවතීම සම්පුර්ණයෙන් නවතන්නැයි ජනාධිපති නියෝග..”

  1. kamal says:

    Indians i want to help you. what is anicent indian or sinhala law. cunning appearance of lawyers or brhamins are vanished. parliment has dictator power to revoke the supreme court judgement. You love your teacher kamal or his teacher Kiribathgoda monk or teacher of teachers buddha. Dictator power with modi surrender modi, but i ready to die because of buddhist dispensation. i think modi will not kill me, but he can kill i give permission to govern the law. Order Modi supreme second parliament third supreme court. You love your teacher kamal. But sri lankan president system is more better than indian system. Modi dictator power has influence from parliament without fault. You go sri lankan model indian then better india will arise.

  2. saman says:

    ළමයි පාසල් වලට බස්සන්න ගියාම වාහන නවත්වන්න තැනක් නැහැ, ඒ වෙලාවට පදික වේදිකාවේ නවත්වනවා තාවකාලිකව. පදික වේදිකා වල මෝටර් සයිකල් පදින එක නවත්වන්න නමුත් තාවකාලිකව වාහන නවත්වන්න වෙනවා ප්‍රයෝගිකව මොකද හැම ආයතනයකටම ප්‍රමාණවත් පාකින් පහසුකම් කස්ටමස් ලාට නැහැ නගර වල

  3. SL says:

    The vehicle owners annually pays a huge sum of taxes to the gvt be it through.(must be in Billions of rupees )
    1. The huge taxes when purchasing the vehicle
    2. Taxes on fuel
    3. Taxes on annual insurance
    4. Taxes on annual licensing etc..
    However Gvt is unable to use that tax money to
    1. Provide proper parking spaces in cities
    2. Repair pit holes, created by CEB,Water board etc.. , on time leading another headache to vehicle owners.

    Recently the parking space near the Temple’s Trees also being hijacked by authorities and do not allow anyone to park there.

    If the gvt ,which use those tax money to pay salaries of gvt employees , can’t do all above at least arrange a proper transportation system, People are spending their valuable time on roads due to traffic and suffering a lot due to no proper transport system available

  4. Viewer says:

    කරුණාකර සමුද්‍ර මාවත (Marine drive) ගල්කිස්සතෙක්වත් දිගු කරන්න.

  5. john says:

    Pavement is for pedestrians to walk safely. Not for parking.

    Also motorcyclists riding on the pavement (during traffic blocks and other times) should be prohibited. They come so fast that either we have to hug the side wall or jump into the highway to escape being hit by such motorcyclists.

  6. ටිkka says:

    හැම අවුරුද්දෙම බිලියන මිලියන ගණන් ලාභ පෙන්නන බැංකු ශාඛා හදන්නෙ පාර්කින් අවම ඉඩ තියල. ඉතින් නගරයක් මැද්දෙ හැම බැංකු ශාඛාවක් ගාවම මාර්ගය බ්ලොක් !!! ගොඩනැගිල්ල හදනකොටම මුන්ට පුලුවන් බිම් මහල සහ භූගත මහල වාහන පාර්කින් වලට හදන්න.. පාසැල් වලත් මේ තත්වය තියෙනවා.. බොහෝ පාසල්වල ඉදිරිපස කොටසේ වාහන නැවැත්වීමට හෝ වාහනයෙන්ම ඇතුලට පැමිණ දරුවා ගැනීමට ඉඩ තියෙනවා.. ඒත් ඒ ඔක්කොම නිකන් වහගෙන උදේටයි දවල්ට පාරාවල් අවහිර කරනවා..

  7. kakiyana lea says:

    For the Apartment the Parking rules are abnormal. There is a rule every unit must have a parking lot.How people do so with the current land availability of the Country.Parking lots should be there but it should not be equal to the units of the Apartment.If there is no parking
    place available people move to another apartment. This unnecessary rule stop lot of constructions of the Country.

Leave a Comment

Main News