පදින්නේ පැරණි නිළ රථයමයි.. අදින්නේ පරන නිළ කබාය රෙපෙයාර් කරලා.. මම හරිම අරපිරිමැසුම්..- කතානායක කියයි..
September 4, 2018 at 4:40 pm | lanka C news
කථානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
පාර්ලිමේන්තු සභා ගර්භය සඳහා අළුත් පුටු මිල දී ගැනිමේ කිසිඳු සුදානමක් නොමැති බව දැනුම් දීමයි.
පාර්ලිමේන්තුවට අළුතින් පුටු 232 ක් මිලදී ගැනීමට සූදානම් වන බවට ඇතැම් මාධ්‍යයන්හි පල වූ පුවත මුළුමනින්ම සත්‍යයෙන් තොර පදනම් විරහිත කරුණක් බව අවධාරණය කරමු.
එමෙන්ම, පාර්ලිමේන්තු සභාගර්භයේ බිම ඇතිරිලිද වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් පිළිබඳව කිසිඳු අවධානයක් යොමු වී නැත.
විශේෂයෙන්ම පාර්ලිමේන්තු සභාගර්භය තුල ඇති ආසන සහ අනෙකුත් සියළු උපකරණ කිසියම් ඓතිහාසික වටිනාකමක් සහිත සංකේතයන් වන බැවින්, එම උපකරණයන්හි කිසියම් වෙනසක් සිදු කරන්නේනම් එය ඉතා අරපරිස්මින් යුතුව සිදු කල යුතු කාර්යයක් බව ගරු කථානායකතුමාගේ අදහසයි.
එබැවින්, කෙතරම් පැරණිවුවද පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් වල යම් අබලන් තත්වයක් පවතීනම් අවම වියදමකින් අළුත්වැඩියා කිරීම මිස අළුතින් මිලදී ගැනීම නොකල යුතු බවත්, පාර්ලිමේන්තුවේ පෞඪ ඉතිහාසයේ සංකේත කිසිම ආකාරයකින් වෙනස් කිරීමට ඉඩ නොදෙන බවත් කථානායකවරයා විසින් දැඩිව අවධාරණය කර ඇත.
කෙසේ වෙතත්, ලෝකයේ දසතින් වැදගත් රාජ්‍යතාන්ත්‍රිකයන් මෙන්ම දිනපතා 3500 ඉක්මවන පාසල් සිසුන් ඇතුළුව විශාල ජනතාවක් ද පැමිණෙන රටේ පාලන මධ්‍යස්ථානය වන පාර්ලිමේන්තු ගොඩනැගිල්ල කාලීනව පැන නගින අවශ්‍යතා මත පිලිසකර කර අභිමානවත් ලෙස පවත්වාගෙන යාමේ වගකීම බැහැරකල නොහැක.
නමුත්, එම කටයුක්ත උපරිම අරපිරිමැස්මෙන් සහ විනිවිද භාවයෙන් යුක්තව සිදුකරණ බවට ගරු කථානායකතුමන්ගේ පූර්ණ අධීක්ෂණයට ලක්වේ. මේ අනූව, දැනට පාර්ලිමේන්තු වහලයේ සහ මල නාලිකා පද්ධතියේ ද වැසිකිලි පද්ධතියේ ද පිලිසකර කිරීමක් ගැන පමණක් අවධානය යොමුව ඇත.
සැබෑ තත්වය එසේ වන හෙයින්, පාර්මේන්තුවට අළුතින් පුටු මිලදී ගැනීමට සුදනම් වන බවට පතුරවමින් පවතින පුවත කිසියම් පාර්ශවයක් විසින් කරුණු විකෘති කර නිර්මාණය කරන ලද පුවතක් බවත්, මෙය පාර්ලිමේන්තුවත් එහි නියෝජිතයනුත් අපකීර්තියට පත් කිරීමේ අරමුණින් ද්වේශ සහගත ලෙස මාධ්‍ය උපයෝගී කර ගනිමින් සිදුකල පහත් ක්‍රියාවක් බවත්, අවධාරණය කරමු.
පාර්ලිමේන්තුවට නව පුටු මිලදී ගැනීමක් පිලිබඳව වත්මන් කථානායකතුමන්ගේ ධූර කාලය තුල මේ දක්වා කිසිඳු අවධානයක් යොමු කර නොමැති අතර, ඉදිරියේ දී ද එවැනි කටයුත්තක් සිදු නොවනු ඇත. එය කලානුරූපව පැන නගින අවශ්‍යතා අනූව අනාගතයේ දී පත්වන වෙනත් කථානායකවරයෙකුට භාර කටයුක්තක්ම වනු ඇත.
ස්වකීය ධුරයට පත් වූ දින සිට හිටපු කථානායකතුමන්ගේ පැරණි නිළ රථය අළුත්වැඩියා කර භාවිතයට ගනිමින් හිටපු කථානායකතුමන් භාවිතා කළ නිළ කබාය තමාට සුදුසු පරිදි සකස් කර භාවිතා කරමින්, මහජන මුදල් ආරක්ෂා කිරීමෙහිලා වර්තමාන කථානායක කරු ජයසුරිය මැතිතුමන් ලබා දුන් ආදර්ශය මත පිහිටා පාර්ලිමේන්තුව තවදුරටත් කටයුතු කරනු ඇත.
කථානායක මාධ්‍ය අංශය
Better give them a mat. They need good head massage.
The JO should stop addressing him as Hon. Speaker since he does not deserve it.
බබා….
කෙලින්නේ බේහල් මයි. ගිලින්නේ ප්රජන්ත්ට්ත්රවාදයමයි යන්නේ අපායටමයි.ජහ්හ්.ජහ්හ්…
අරලියගහ මැදුර විවාහ උත්සව සදහා වෙන්කර ගන්නේ කෙසේද?
විවාහ උත්සව සදහා එහි මිල ගණන් කොපමණද?
ආහාරපාන අරලියගහ මැදුරෙන් සපයනවාද?
එහි පැකේජ වල මිල ගණන් කීයද?
මත්පැන් භාහිරෙන් ගෙන ආ යුතුද නැතිනම් අරලියගහ මැදුරේ තිබේද? එහි මිල ගණන් මොනවාද?
පෝරුව ඇතුලු සැරසිලි සදහා වන මිල ගණන්
නැටුම් කණ්ඩායම් සදහා අය කරන මුදල කීයද?
විවාහයේ සාක්ෂිකරුවන් ලෙස අත්සන් කිරීම සදහා අය කරන මුදල කීයද?
විවාහ ලියාපදිංචි කිරීමේ රිජිස්ටාර් කෙනෙක් අරලියගහ මැදුරේ සිටීද? පිටින් රැගෙන ආයුතුද?
has he rejected the car permit?
කථානායක කරු ලබා දුන් ආදර්ශය නම් රනිල්ට කඩේ යෑම yes sir no sir
What he says is true….he’s a simplicistic gentleman of old calibre……unlike the nouve rich
Ayi, miniha thawamath padhinne parana hamamadha?
He is Ranil’s slave!
මං තාම පදින්නේ පරණ එකමයි.ඒකත් දැන් පදින්න බැරි තරමට අබලං.
මේ දර හැවට දැං මොන සැපද? ඇති තාක් රනිල් වෙනුවෙන් බලුවැඩ කරල, පාර්ලිමේන්තු ප්‍රජාතන්තවාදය විනාශ කරල,
කථානායක කම බල්ලටදාපු කාලකණ්නියෙක් දැං අදෝනා නගනවා. වේශ ගෑනි දැං පතිවත කථා කරනවා වැඩක් මේක.
Meya panshon gihin siurak dagannawa dagannawamai. Aye dekak ne. Sadu Sadu Saaa !!!