පන්ති කට් කර පාසැල් පෙම්වතී සමග නාන්න ගිය පාසැල් පෙම්වතා ගලබොඩ ඇත්තේ අතුරුදහන්..
April 19, 2019 at 12:40 pm | lanka C news
නාවලපිටිය ගලබොඩ දිය ඇල්ලේ දියනැමට ගොස් අතුරුදහන් වු පාසල් සිසුවාගේ සිරුර සොයා ගැනිමට නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ සහය ඉල්ලා සිටි බව නාවලපිටිය පොලිසිය පැවසිය.
සිය පෙම්වතිය සමග ගලබොඩ දිය ඇල්ල නැරඹිමට පැමිණ දෙදෙනාම දිය නැම සදහා ගලබොඩ දිය ඇල්ලට මිටර් 500 පමණ පහලින් ඇළට බැස ඇළේ වලක දිය නාමින් සිටියදි ඊයේ (19) පස්වරු 3 ට පමණ පාසල් සිසුවා අතුරුදහන් වි ඇති බවයි නාවලපිටිය පොලිසිය පැවසුවේ.
මෙසේ අතුරුදහන් වි ඇත්තේ ගම්පොල බෝවල ප්රදේශයේ පදිංචි ගම්පොල වික්රමබාහු පාසලේ උසස්පෙල තාක්ෂණ විෂය හදාරමින් සිටි 18 හැවිරිදි තුෂාර ප්රදිප් යන සිසුවායි.
ගම්පොල ප්රදේශයේ බාහිර පන්තියකට සහභාගි විමට යන බව නිවසට පවසා සිය පෙම්වතිය සමග දිය ඇල්ල නැරඹිට පැමිණි අවස්තාවේ පාසල් සිසුවා මෙසේ අතුරුදහන් වි ඇත.
ගලබොඩ දියඇල්ල අවට ප්රදේශවාසින් සහ නාවලපිටිය පොලිසියේ නිලධාරින් එක් ව ඊයේ පස්වරු වන තෙක් අතුරුදහන් වු සිසුවාගේ සිරුර සොයා මෙහෙයුමක්ද දියත් කර තිබුණි.
අතුරුදහන් වු සිසුවාගේ සිරුර සොයා අද දිනයෙත් නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ සහයෙන් මෙහෙයුමක් දියත් කරන බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය පැවසිය.
– හැටන් රංජිත් රාජපක්ෂ