පන්නල ඇගළුම් සේවිකාවක් හදිසියේ අසනීප වී මියයයි..

October 31, 2020 at 12:00 pm | lanka C news
පන්නල ඇගළුම් සේවිකාවක් හදිසියේ අසනීප වී මියයයි..

පන්නල ප්‍රදේශයේ ඇඳුම් කර්මාන්ත ශාලාවක සේවිකාවක් හදිසියේ රෝගාතුර වී මිය ගොස් ඇත.

ඇය හදිසියේ අසනීප වීමෙන් පසු දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය මියගියේ යැයි පොලිසිය සඳහන් කරයි.

25 හැවිරිදි තරුණියක් මෙසේ මියගොස් ඇති අතර ඇය ගිරිඋල්ල බලගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

පපුවේ අමාරුවක්, බඩේ අමාරුවක් සහ ක්ලාන්ත ගතියක් ඇතැයි පැවසූ නිසා පවුලේ අය ඇය දඹදෙණිය රෝහලට ඇතුළත් කර තිබේ.

එහි ප්‍රතිකාරවලට යොමු කරමින් සිටියදී ඇය මියගොස් ඇත.

එම තරුණියට කොරෝනා ආසාදනය වී ඇත්දැයි දැනගැනීම සඳහා පරීක්‍ෂණ සදහා යොමු කර ඇත.

පසුගිය 18 වැනි දා ද ඇය කොරෝනා පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහිදී හෙළි වී ඇත්තේ ඇය ආසාදිත නොවන බවයි.

46,427 views

2 Comments to “පන්නල ඇගළුම් සේවිකාවක් හදිසියේ අසනීප වී මියයයි..”

  1. ක්‍රිමිනල් says:

    නිවන් සුව අත් වේවා ! මී උණ වෙන්නැති.

  2. Meka mulu Lankawatama bowela, Corona walin dahasganan merenda issella, mulu Lankawatama Curfew, andiri nithiya damala week ekak, sumanayak mulu ratama close down nathnam amulu ratama wahala demmanam oya Corona bhayanaka unen ape Lankawe janathawath, doctors la saha nurses la saha anik health, sawukaya sewakayoth beraganda puluwan wei.

Main News