පන්සල්වල අරමුදල් තම ගිනුම්වලට දමාගත් ඇමතිවරු රවි හෙලි කරයි.. සියළු වැරදි කරන අයත් කියයි..

June 3, 2017 at 10:35 pm | lanka C news
පන්සල්වල අරමුදල් තම ගිනුම්වලට දමාගත් ඇමතිවරු රවි හෙලි කරයි.. සියළු වැරදි කරන අයත් කියයි..

අර්ජුන රණතුංග වරාය බේරාගන්න කතා කරන කොට චන්දිම වීරක්කොඩි තෙල් ටැංකි බේරාගන්න කතා කරන කොට ඒගොල්ලන් මාරු කරලා,නමුත් පිලිකාවකට කොට්ට මාරු කරලා හරි යන්නේ නැහ – රවි කරුණානයක

‘මතක තියාගන්න, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව අපට රවලා, තරවටු කරලා, බලපෑම් කරලා බොහෝ දේවල් ගන්න හදන කොට මුදල් ඇමති හැටියට මම කෙලින් හිටියා, අද ඒ අයත් පිලිගන්නවා අපි හිටපු ස්ථාවරය හරියි කියලා, මෙන්න මේ නිසා තමයි ඔය සමහරු මට ඊර්ෂ්‍යා කරන්නේ, මට ලිඛ්තව පෙන්වන්න පුලුවන් පන්සල්වලට ලැබිය යුතු අරමුදල් තමන්ගේ ගිනුම්වලට හරව ගත්ත ඇමතිවරු’ යයි හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානයක අමාත්‍යවරයා අද ඉරිදා ලංකාදීප පුවත්පත සමඟ කල සාකච්ඡාවකදි සඳහන් කොට ඇත.

පුවත් පතේ ප්‍රසන්න සංජිව තෙන්නකෝන් විමසුවේ ඔබ දෙන උත්තරවලින් පෙනෙන්නේ අර්බුද සෑහෙන ගණනාවක්ම තිබෙන බව නේද ඇසු විට. රවි කරුණානයක අමාත්‍යවරයා පිලිතුරු දෙමින් කියා සිටියේ,

‘අර්බුද කියලා කියන්නේ අපේ පසුපෙළ මන්ත්‍රීවරුන් ඉන්නේ අපේක්ෂාභංගත්වයෙන්, ඒකත් ඒ අයගේ කැක්කුමයි, දන්න අපි මේවා ගැන කතා කල යුතුය, අපි අවුරුදු 20කට වඩා විපක්ෂයේ හිටියේ,අපි පහු කරපු අමාරු යුගය මේ අය දන්නේ නැහ, නමුත් මේ පසුපෙළ මන්ත්‍රීවරුන් දන්නවා අපි ඔහුන් වෙනුවෙන් කැපවෙලා ඉන්නවා.

දූෂණය අපි නවත්වන්න ගියාම, ඒ අයට ඕන දේවල් කර ගන්න බැරිවුනාම ඕවා තමයි කරන්නේ, දැන් බලන්න අර්ජුන රණතුංග වරාය බේරාගන්න කතා කරන කොට එතුමාවත් මාරු කරනවා, චන්දිම වීරක්කොඩි තෙල් ටැංකි බේරාගන්න කතා කරන කොට එයාවත් මාරු කරලා, දුර්වලතා තියෙන, ප්‍රශ්න තියෙන ඇමතිවරු නැද්ද? ඔය වැඩියෙන්ම කතාකරන අය තමයි ඔය ඔක්කෝම වැරදි කරන්නේ, අපි නිහඬව හිටියේ යම් හේතුවක් නිසයි” යයි ද විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසු අතර පුවත් පත ඇසි ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් හෙතෙම පැවසුවේ මගේ ඔලුව තුලින් අනුන්ගේ පව් සොදා ගන්න පුලුවන් නම් ඒක බොහෝම සතුටුයි,එහෙම කරන්න පුලුවන් නම් බොහොම හොදයි, නමුත් පිලිකාවකට කොට්ට මාරු කරලා හරි යන්නේ නැහ’

0 views

3 Comments to “පන්සල්වල අරමුදල් තම ගිනුම්වලට දමාගත් ඇමතිවරු රවි හෙලි කරයි.. සියළු වැරදි කරන අයත් කියයි..”

  1. Johnbaas says:

    මෙහෙම නන් දොඩවලද අපේ අලුත් විදේස ඇමැටි තුමා ජාතිඅංතරේ දිනන්ඩ යන්නෙ?

    🙄

  2. asaranaya says:

    මෙන්න යකෝ මාධ්යවේදියෙක් හොරාගේ අම්මගෙන් පේනයක්-එහෙම නැත්නම් සාස්තරයක් අහන්න ඇවිල්ලා,
    මොකද ? හා…ද

  3. sena says:

    bloody fool

Main News