පන්සල අසල කොම්පොස්ට් පොහොර නිෂ්පාදනාගාාරයට විහාරාධිපති හිමිගේ විරෝධය..

October 4, 2021 at 8:02 am | lanka C news
පන්සල අසල කොම්පොස්ට් පොහොර නිෂ්පාදනාගාාරයට විහාරාධිපති හිමිගේ විරෝධය..

නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් සප්ත කන්‍යා කදු වැටියේ පාමුල පිහිටි නෝටන්බ්‍රිජ් අළුඔය සිරි සුමන විදර්ශනාරාමය අසල ඉඩමක කොම්පොස්ට් පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට සැලසුම් කිරිම සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ඇතුළු දායක සභාවේ විරෝධය මතු වි ඇත.

නෝටන්බ්‍රිජ් විදුලිපුර ගොවිජන සේවා මධ්‍යස්ථානය විසින් එම කොම්පොස්ට් පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය ආරම්භ කිරිම සදහා විහාරස්ථානයට යාබදව පිහිටි ගොවිජන සේවා දෙපාර්තුමේන්තුවට අයත් යැයි පැවසෙන ඉඩමක මෙම ව්‍යාපෘතිය සිදු කිරිමට සැලසුම් කර ඇති බවයි එම විහාරස්ථානයේ විහාරාධිකාරි ලක්ෂපාන සිලානන්ද හිමියන් ඇතුළු එම විහාරස්ථානයේ දායක සභාව කියා සිටින්නේ.

1993 වසරේ එම විහාරස්ථාන ඉදි කිරිම සදහා ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් පර්චස් 120 ක ඉඩමක් වෙන් කර ඒ සදහා ඉඩම් කච්චේරියක් පවත්වා පිඹුරුපත්ද සකස් කර ඇත.

එම විහාරස්ථානයට ඉහලින් සප්ත කන්‍යා රක්ෂිතය සහ ඊට පහලින් කැළණි ගගට ප්‍රධාන වශයෙන් ජලය සපයන මස්කෙලියඔය ගලා බසි.

අළුඔය සිරි සුමන විදර්ශනාරාම විහාරස්ථානයේ සිට මිටර් 25 පමණ නුදුරින් අදාල කොම්පොස්ට් ව්‍යාපෘතිය ආරම්භ කිරිම සදහා විදුලිපුර ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරින් එම භුමියට ගොස් සුද්ද පවිත්‍ර කර ඇති බවත්, එම කොම්පොස්ට් ව්‍යාපෘතිය එම ස්ථානයේ ආරම්භ කලහොත් කොම්පොස්ට් ව්‍යාපෘතියෙන් සිදු වන බලපැම් තම විහාරස්ථානයට සහ දහම් පාසලටද එල්ල විය හැකි බවයි විහාරස්ථානයේ විහාරාධිකාරි හිමියන් සහ දායක සභාව කියා සිටින්නේ.

කොම්පොස්ට් පොහොර ව්‍යාපෘතියට තමන් විරුද්ධ නොවන බවත්, ඒ සදහා සුදුසු ස්ථානය විහාරස්ථානය යාබදව පිහිටි ඉඩම නොවන බවත්,ඒ සදහා වෙනත් සුදුසු ස්ථානයක්  යොදා ගන්නා ලෙසයි දායක සභාව කියා සිටින්නේ.

මේ සම්බන්ධයෙන් අප නෝටන්බ්‍රිජ් විදුලිපුර ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන නිලධාරි කේ.කේ.එම්.චන්ද්‍රලතා මහත්මියගෙන් අප කල විමසුමකට ඇය කියා සිටියේ පන්සල පිහිටි ඉඩමද ගොවිජන සේවා දොපර්තුමේන්තුවට අයත් බවත්, එම ව්‍යාපෘතිය තුලින් කිසිදු බලපැමක් සිදු නොවන බවයි.

වතු ආශ්‍රිත ජනතාවට කාබනික පොහොර ලබාදිම සදහා මෙම ව්‍යපෘතිය ආරම්භ කරන බවත්, මෙම ගැටළුව සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා සමග එම විහාරස්ථානයේ විහාරාධිකාරි හිමියන් සහ දායක සභාව අතර සාකච්ඡාවක් පැවැත්වෙන බවත්, එම සාකච්ඡාවෙන් අනතුරුව එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අවසන් තිරණයකට එලඹෙන බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

22,141 views

17 Comments to “පන්සල අසල කොම්පොස්ට් පොහොර නිෂ්පාදනාගාාරයට විහාරාධිපති හිමිගේ විරෝධය..”

  1. මොට්ටපාල says:

    ලවුඩ්පීකර් මහ සද්දෙට දමාගෙන උදේ හවස මිනිස්සුන්ගේ
    කන්බෙර පලන්න හොඳයි.. කොම්පෝස්ට් ඩිංගක් හදන්න ගියාම නරකයි…
    ” චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය…. “

    • Sena says:

      එතකොට කතෝලික පල්ලියේ ගීතිකා, ඉස්ලාම් පල්ලියේ දවසේ තුන් වතාවේ යාතිකා හොඳද? පන්සලේ පිරිතද අවුල්?

  2. එක්සත් හෙල රාවණ යක්ඛ පුතී වරිග සභාව says:

    ඔතැන ඉන්න බැරිනම් වෙන කොහාට හරි වැඩම කරන්න හාමුදුරුවනේ !
    අත්හැරීම පුරුදු වෙන්න ! එය ප්‍රගුණ කරන්න !

    • Jiwan says:

      අතහැරීම කියන්නේ මේ එක එක පඟර නැට්ටන්ට බයේ තමන්ගේ දේවල් දාල දුවන එක නෙමෙයි. එහෙම උනා නම් මෙලහකට බෞද්ධයන්ට කියල කිසිම දෙයක් ඉතුරු වෙන්නෙ නෑ. අතහැරීමයි තර්ජනය කරල පලවා හැරීමයි කියන්නෙ 2ක්. ඊටත් පන්සලක් දන් දෙන්නෙ ඒ පන්සලේ හාමුදුරුවොන්ට නෙමේ. සතරදිගින් වඩින මහා සංඝරත්නයටම. එහෙම දුන් දෙයක් මුලු බෞද්ධ ප්‍රජාවටම අයිතියි.

    • Ajith says:

      මරු මොළය අම්මපා. පන්සලේ බූදූ ගෙය, බොධිය, ච්‍යෙත්‍යය එහෙම අරගෙනද වැඩම කරන්න කියන්නේ.

  3. පැන්ඩෝරා පේපර්ස් says:

    පැනමා පේපර්ස් වලට පස්සේ ආවා පැන්ඩොරා පේපර්ස් , අන්න ලස්සනට නිරුපමා රාජපක්ෂ මහත්මියගෙයි , ඇයගේ සහකරු තිරු නඩේශන් ගෙයි නම් ලස්සනට තියෙනවා , චූටී පැහැදිලි කිරීමකුත් එක්ක , තැරිදාර පුන්නක්කු බෛයො විදියට අපි කිරිබත් කන්න ඔනේ , රාජපක්ෂලගේ නමක් පැන්ඩොරා පේපර්ස් වල තියෙන එක ගැන , රටට කොච්චර ආඩම්බරයක්ද ?

    • බත්බැලයට මොලයක් ජාතික ව්‍යපාරය says:

      තාම 300 යි ආවෙි බලන් හිටහං පාට පාටගේ නමත් ඒවි

    • San Francisco says:

      කවිද බං නිරැපමා කියන්නේ විජේදාසගේ නංගිනේද?

      • ගෞම් ඊයාරාජ් says:

        ඔව් උබ බබා , මෙලො දෙයක් දන්නෑ ගොං බෛයෙක් වගේ උම්බෑ ගාන එක ඇරෙන්න ,නිරුපමා රාජපක්ෂ මහත්මිය, සිංහල බෞද්ධ කාන්තාවකී වීවාහ වී සිටින්නේ වාර්ගික දෙමළ හින්දු භක්තිකයෙකු වන තිරුක්කුමාරන් නඩේසන් සමඟ ය. නිරුපමා රාජපක්ෂ යනු හිටපු ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහ ඔහුගේ සහෝදර සහෝදරියන් වන චමල් සහ ජයන්ති රාජපක්ෂගේ මෙන්ම ඔහුගේ බාලයන් වන චන්ද්‍රා, බැසිල්, ගෝඨාභය, ඩඩ්ලි, ප්‍රීති සහ ගාන්ධනී රාජපක්ෂගේ ඥාතී සොයුරියක් වන අතර ඇයගේ අභාවප්‍රාප්ත පියාගේ සීයා වන ඩී. එම්. රාජපක්ෂ සහ ඔවුන්ගේ පියා වන ඩී ඒ රාජපක්ෂ සහෝදරයන් ය.

    • කැකිරිහේනේ බඩුලාල් says:

      අනුරකුමාර නැතෙයි?

  4. lakshitha says:

    කොහොමත් අන්‍යාගමික කණ්ඩායම් පන්සල් වල හාමුදුරුවො මරල හරි පන්සල් හිස් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරල තියෙන්නෙ. යකෝ නෝර්ටන්බ්‍රිජ් වල වැඩිපුරම තියෙන්නෙ හිස් ඉඩම්. පන්සල ගාව ඉඩම විතරක් තෝර ගත්තෙ ඇයි කියන එක නම් පුදුම වෙන්න දෙයක් නෙමෙයි.

  5. LalithM says:

    අද කාලෙ හැටියට පන්සලට වඩා පොහොර වැදගත් නේද. සාදුට ගඳ ඉවසන්න බැරිවෙනකොට කොහොමත් ඉන්න බෑ ඔතන. පන්සල් තිබුනට මිනිස්සුන්ට ජීවත්වෙන්න උදව්වක් කරනවද.

  6. Silva says:

    ජීවිතය අනිත්යයි කියලා තේරැම් අරගත්, හාමුදුරුවෝ මොන මගුලක්ද කියන්නේ. හොදම වැඩේ හාමුදුරුවන්ට දහම් පාසල පවත්වාගෙන යන්න වෙන තැනක් ලෑස්ති කරලා දෙන එක.

  7. Narada says:

    මෙි හිමිනම උමන්දාවට වඩමිමලා වටපිට පොඩිඩක් පෙන්නන්ඩලා.

  8. 3% ට බය බයියා. says:

    බාර් එකක් දානවා නම් කැමති වෙයි.නැත්නම් V8 එකක් දුන්නා නම් හරි පිරිකරට .

  9. Roshan says:

    පන්සල කියන්නෙ ආගමික බැතිමතුන් රැසක් එක්වන තැනක්. එවැනි තැනක කුණුගඳ පැතිරීම යෝග්‍ය නොවේ. ලංකාවෙ ජනාකීර්ණ නොවූ තැන්වල මුඩු ඉඩම් ඕන තරම් තියෙනව. එවැන්නක් මේ සඳහා යොදාගැනීමයි කළයුත්තේ .

  10. නයා says:

    අප ගෞතම බුදු හිමියන්, චුන්ද සූකරයාගේ ඌරු කොටුවට අල්ලපු වත්තේ තිබූ අනේ පිඬු සිටුතුමා පූජා කල ජේතවනාරාමයේ දිගු කලක් වැඩ සිටියත්, ලක්ෂාපානේ සීලානන්ද උන්නාන්සේ කොහොමද කොම්පෝස්ට් ව්යාපෘතියක් ලඟ වැඩ වාසය කරන්නේ.
    මේක සීලානන්ද උන්නාන්සේට පමණක් නෙවෙයි, බුදු සසුනටම කල අවමානයක්.