පයින් ගිය කිලිනොච්චියේ දුෂ්කර ගම්වල පාසල් දරු දැරියන්ට යුද හමුදාවෙන් පාපැදි….

March 26, 2018 at 2:08 am | lanka C news
පයින් ගිය කිලිනොච්චියේ දුෂ්කර ගම්වල පාසල් දරු දැරියන්ට යුද හමුදාවෙන් පාපැදි….

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද  කිලිනොච්චිය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් ළමුන් 25 දෙනෙකු සදහා පාපැදි  බෙදාදිමේ විශේෂ උත්සවයක් මිගමුව ඔරින්ට් සිංහ සමාජයේ පුර්ණ අනුග්‍රහය ඇතිව කිලිනොච්චි සහයෝගිතා මධ්‍යස්ථානය තුලදි පවත්වන ලදි.

කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පාපැදි බෙදා දීම සිදු විය.

දුෂ්කර ප්‍රදේශවල සිට විශාල දුරක් ගෙවා දමමින් අකුරු කරන්නට පාසල වෙත  පැමිණෙන අඩුආදායම්ලාභි පවුල්වල සිසුන් 25 දෙනෙකු සදහා මීගමුව ඔරින්ට් සිංහ සමාජයේ අනුග්‍රහය ඇතිව නොමිලේ පාපැදි බෙදාදෙන ලදි..

පාපැදි බෙදාදීමේ අවස්ථාව සඳහා තවද මිගමුව සිංහ සමාජයේ හිටපු දිස්ත්‍රික් සිංහාධිපති සිංහ කැමිලස් ප්‍රනාන්දු , පලමු නියෝජ්‍ය දිස්ත්‍රික් ප්‍රධානි සිංහ දේවා පීටර් , නියෝජ්‍ය දිස්ත්‍රික්  භාණ්ඩාගාරික පැලැසිඩස් පීටර් , සිංහ සමාජයේ සභාපති  සිංහ සාවිත්‍රි පීටර් , සිංහ සමාජයේ ලේකම් වික්ටර් ස්ටිවන් ,  66 වන සේනාංකයේ  සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පටිවලාන,  57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය,65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා පීරිස් හා පාපැදි හමු වූ එම සිසු දරු දැරියන්ගේ දෙමාපියන් යුධ හමුදාවේ තවත් පිරිසක් සහභාගිවන ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

42 views

One Comment to “පයින් ගිය කිලිනොච්චියේ දුෂ්කර ගම්වල පාසල් දරු දැරියන්ට යුද හමුදාවෙන් පාපැදි….”

Main News