පරණ කබල් වැඩි මිලට ගන්නවා..- විරෝධය පා රජයේ ලොක්කෙක් ඉල්ලා අස්වේ..

June 1, 2020 at 2:10 pm | lanka C news
පරණ කබල් වැඩි මිලට ගන්නවා..- විරෝධය පා රජයේ ලොක්කෙක් ඉල්ලා අස්වේ..

රජයට අයත් මෙරට ප‍්‍රධානතම තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනය වන ICTA හෙවත් තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂවරයකු වන සංජීව වීරවර්ණ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී ඇත.

එම ආයතනයේ තීරණ හා කටයුතු රටේ හා ජනතාවගේ අවශ්‍යතා හා වර්තමාන ලෝක තත්ත්වයන්ට හා වර්තමාන තාක්ෂණයට අනුව සිදු නොවන බවත්, ඉතාම ඉහළ මිල ගණන්වලට වසර විස්සකට වඩා පැරණි තාක්ෂණ ක‍්‍රම මිලදී ගන්නා බවත් පවසමින් ඒ මහතා තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

මොහු මෙම තනතුරට පත් කරන ලද්දේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුවය.

මෙරට සියලූම තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති හා රජයේ දෙපාර්තමේන්තු සහ සියලූ රාජ්‍ය ආයතනවල සියලූ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති අධීක්ෂණය හා මෙහෙයවීම එම ආයතනය මගින් සිදුකෙරේ. එසේම අදාළ සියලූ කටයුතු තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ අවසරය හා අනුමැතිය ඇතිව සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දැනට මාස කීපයකට පෙර සියලූම රාජ්‍ය ආයතනවලට දැනුම් දීමක් ද සිදු කරන ලදී.

එහෙත් මේ වන විට එහි කටයුතු සිදුවෙමින් පවතින්නේ රටට, ජනතාවට හෝ රජයට සේවාවක් සිදුවන ආකාරයට නොවන බවත්, යල් පැනගිය තාක්ෂණ ක‍්‍රම භාවිත කරන සමාගම්වලට මෙරට ප‍්‍රධානතම රජයේ ප‍්‍රධානතම ව්‍යාපෘති ඉතාම ඉහළ මිලගණන් යටතේ පිරිනැමීම දැනට සිදුවන අතර, එවැනි දේ අනුමත කළ නොහැකි බවත් ඔහු තම ඉල්ලා අස්වීමට හේතු ලෙස දක්වා තිබේ.

ලොව පිළිගත් නවීනතම තාක්ෂණ ක‍්‍රමවේද තිබියදී, වසර විස්සක් පැරණි තාක්ෂණික ක‍්‍රමවලට රුපියල් මිලියන නවදහසකට අධික වටිනාකමින් යුත් මෙරට රියැදුරු බලපත‍්‍ර නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබාදීම හා රුපියල් මිලියන තුන්දහසකට දුම්රිය ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබාදීම රටට පාඩු ගෙනදෙන බවත්, මේවා සඳහා දේශීය ආයතනවලට අවස්ථාව ලබා දීම හෝ දේශීයව මේවා සිදු කිරීමකින් තොරව ශ‍්‍රී ලංකාව දියුණු කළ නොහැකි බවත් ඔහු සිය ඉල්ලා අස්වීමට හේතු ලෙස දක්වා තිබේ.

– divaina

482 views

42 Comments to “පරණ කබල් වැඩි මිලට ගන්නවා..- විරෝධය පා රජයේ ලොක්කෙක් ඉල්ලා අස්වේ..”

  1. පුංචි රාළ says:

    එකොමත් එක කාලයක ඉන්ටර්නෙට් මේ තරම්වත් නැති දවස්වල මෙම අයාතනයේ සෙට් එකක් දුම්රිය ගමන් ගූගල් මැප් එකේ අදින්න මහා ව්‍යාපෘතියක් පටන්ගත්තා. අනේ සල්ලි. විගණනය යනු කුමක්ද?

  2. ඉන්දියන් කොරියා says:

    ඉන්දියාවේ සොත්ත කොම්පැණි වලටයි, කොරියාවේ සොත්ත කොම්පැණි වලටයි ව්‍යාපෘති මවන නිලධාරීන් සහ ඒ සඳහා පෙනී සිටින රාජයේ නිලධාරීන් සිටීනම් ඔවුන් ගැනත් හොයමු!

  3. කලාකොලා says:

    රාජ්‍ය සේවයේ අයිසිටි ලොකු කෙරුමෝ වාග‌ේ ඉන්නේ කලා උපාධිධාරියෝ හෝ අදාල කේෂත්‍රයේ වැඩ නොකල අයද?. අදාල විශේශඥතාවය ඇති අය කපලාම දානවා ද මොකද වරප්‍රසාද නැති වෙනවාට ද?

  4. Sadda says:

    තාක්ෂණ කමිටුවල ඉන්න සමහර සාමාජිකයින් එක් එක් කොම්පැනි වල තැරැව්කාරයෝ බවට පත්වෙනවා.
    ඇමතිගෙ ඔලුවෙ තියෙන්නෙ තවත් එකක්.
    නියමිත නිර්ණායක වලට අනුකූලව සේවාව ලබාගන්නෙ නැතිනම් මිනිස්සුන්ගේ ණය බර දවසින් දවස වැඩිවෙයි.

  5. chandika epitakaduwa says:

    මොහු කලින් ආණ්ඩුවෙන් පත් කරන ලද NG0 කුක්කෙකි. ICTA ආයතනය තමන්ගේ සමàගමට වාසිදායක වන ලෙස හැසිරවීමට උත්සාහ දරුවෙකි. මොහුට සේවය හැරයාමට හේතුවුයේ එය මිස වෙන කාරණයක් නොවේ.

  6. D.Nimal says:

    We came to know that in deeds of President Gotbya Rajapakase is honest man and he working day and night for put nation house into order;which that disorder by last corrupted UNP regime of bunch of rouges ed by Ranil Wicka and Sajith MS and CBK of SLFP’s .Is not easy to put into order by overnight,

  7. D.Nimal says:

    We came to know that in deeds of President Gotbya Rajapakase is honest man and he working day and night for put nation house into order;which that disorder by last corrupted UNP regime of bunch of rouges ed by Ranil Wicka and Sajith MS and CBK of SLFP’s .Is not easy to put into order by overnight.
    There are so many economy anomalies and political remedies done damages by UNP regime need more time to reification of democracy of Republic.We have be patience as citizens of Sri Lankan .No nation was build by overnight .That is the truth of history of every nation building of the world.

  8. D.Nimal says:

    We came to know that in deeds of President Gotbya Rajapakase is honest man and he working day and night for put nation house into order;which that disorder by last corrupted UNP regime of bunch of rouges led by Ranil Wicks and Sajith of UNP’s MS and CBK of SLFP’s .Is not easy to put house into order by overnight.
    There are so many economy anomalies and political remedies done damages by UNP regime need more time to reification of democracy of Republic.We have be patience as citizens of Sri Lankan .No nation was build by overnight .That is the truth of history of every nation building of the world.

  9. හෙලයා says:

    රජයේ සහ දේශීය ලේබල් ගහ ගත්තු බොහොමයක් ආයතන විදේශීය සමාගම්වල යල් පැනගිය පරිගණක තාක්ෂණය/පද්ධති මිලදි ගැනීමට සහ අතිවිශාල මුදල් නාස්තියක් සිදුකිරීම අලුත් දෙයක් නෙමෙයි. මේවා පිටුපස බොහෝවිට කොමිස් මුදල් සහ දේශීය දේ ගැන අගැයීමක් සහ විශ්වාසයක් නැතිකම සහ මෝඩකම ඇත. මේවායේ නඩත්තු වියදම් බොහෝ විට මිලදී ගත් මිල මෙන් දස ගුනයකටත් වඩා වැඩි වෙනවා.. කනගාටුදායක තත්වය නම් ඒ බව පසුව තේරුම් ගියත් විලි ලජ්ජාව නිසා ඒවා වසාගෙන කටයුතු කිරීම බොහෝ ආයතනවල සිරිතක්.

    • නාරිලාතා says:

      කට වහගෙන ඉන්න හේතුව දන්නවාද ? පළමු එක තීරණ ගන්නේ තොරතුරු තාක්ෂණ නොවන අය. රටින් එන්නේ හොඳට දන්න අය. ටුවර් දෙනවා ඇති. ගිහින් එනවා ඇති. ව්‍යාපෘති වලපල්ලට කථා කරන්නවත් බැරිව ඇති. පුදුමයි ඒත් ඇත්තයි ද?

Main News